
(නිමල කොඩිතුවක්කු)
සමස්ත ලංකා රාජ්‍ය කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය, සංවර්ධන නිලධාරී සේවා සංගමය, සමෘද්ධි නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය, උසස් අධ්‍යාපන සේවයේ සේවක සංගමය ඇතුළු රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවයට අයත් සේවාවන් විශාල ප්‍රමාණයක් නියෝජනය කරන වෘත්තිය සමිති 200 කට අධික ප්‍රමාණයක් හෙට (8) සහ අනිද්දා (9) දිනයේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වී තිබේ.
ඒ අනුව අද සහ හෙට දිනයේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වෙමින් සියලූම සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිත එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පැවසීය.
සේවා ශ්‍රේණි භේද නැතුව රුපියල් 25000ක දීමනාව ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීර්න වන බවත් ඔහු සඳහන් කළේය. ජීවන වියදම ඉහළ යාම, බදු බර වැඩිදීම මත ඇතිවූ ආර්ථික පීඩනය වෙනුවෙන් රාජ්‍ය සේවයේ විධායක සේවයේ නිලධාරීන්ට පමණක් සීමා කරමින් රුපියල් 25000ක දක්වා දීමනාවක් වැඩිකර ඇති බවත් සූරියආරච්චි මහතා පැවසීය.
ජීවන වියදම හා බදු බර ඉහළ යාම සමස්ත රාජ්‍ය සේවකයින් විශ්‍රාමිකයන් පීඩාවට පත්ව ඇති බැවින් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා සහ විශ්‍රාමිකයන් සියලු අංශ නොසලකා ආණ්ඩුව ක්‍රියා කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
මේ හේතුවෙන් විධායක සේවයේ ශ්‍රේණීන් සඳහා රුපියල් 25000ක් දක්වා දීමනා වැඩිකර ලබාදීමට ආණ්ඩුව පදනම් කරගත් කරුණු පදනම් කරගෙන සෙසු සේවකයින්ටත් ඒ සාධාරණය ඉටු කිරීම සඳහා රුපියා 25000ක දීමනාව ලබාදෙන ලෙෂ ඉල්ලීම් කරන බවත් සූරියආරච්චි මහතා කීවේය.
මේ හේතුවෙන් අද සහ හෙට දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැබෙන බවත් ඊට ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉදිරියේදී වෘත්තිය ක්‍රියාමාර්ග දැඩි කිරීමට සිදුවන බවත් ඔහු තවදුරටත් පැවසීය.
COMMENTS
අපේ ආණ්ඩුවක් ආවොත් ඔය ඔක්කෝටම දඩුවම් දෙනවා අවස්තා තුනකට වඩා උද්ගෝෂණය, වර්ජනය කරපු අය නම් රැකියාවෙන් පහ කරනවා. ලෝකයේ දියුණු රටවල් එක්ක බැලුවම ලංකාවේ රජයේ නිලධාරීන් දේශපාලුවන් වගේම හොර, අකාර්යක්ෂම වගෙම සුදු අලි. (රජයේ සමාගමකට ලංකා බැංකුව විතරයි ටිකක් හරි සාර්ථක)
වියයුත්තකි .විධායක නිලධාරීන්ට පවතින මිලට හෝ වැඩිමිලට බඩු විකුණන්නේ නැහැ.කොහෙවත් කඩයකින් හෝ සුපිරි වෙළදසැල් වලින් යටත් නිලධාරීන් හෝ කණිෂ්ඨ සේවකයින්ට කියලා බඩු අඩුමිලට දෙන්නෙත් නැහැ. ඔය විධායක නිලධාරීන්ට තිබෙන ගැටළුම තමයි අනිත් අයටත් තියෙන්නේ. ආර්ථික ගැටළු .මොකද ප්‍රවාහන දිමනා දුරකථන බිල් කිසිවක් නැහැ .බස්වල කෝච්චි වල හිරවෙලා කට්ට කාගෙන එන්නේ රාජකාරියට වාර්තා කරන්න .මග දිගේ කෝච්චි කැඩුණොත් මග පැය ගණන් බස් ට්‍රැෆික් වල හිරවෙලා දාඩිය පෙරාගෙන. ඒ අයට සාධාරණයක් ඉටුවෙන්න ආර්ථික යුක්තිය ඉටුකරන්න රුපියල් 25000ක දිමනාව ලබා දියයුතුයි. විධායක නිලධාරීන්ට වගේම එක සාධාරණ ඉල්ලිමක් කළමනාකරණ සේවා නිලධාරීන්ගේ හිමිවිය යුතු වැටුප් තලය හා විෂමතා ඉවත් කල යුතුයි. ඒවා සාධාරණ ඉල්ලිම්. වෛද්‍යවරුන් හෙදියන් සෞඛ්‍ය අංශ රෝගින් ප්‍රාණ ඇපයට අරන් ඉල්ලිම් දිනාගන්නවා .ගුරුවරුන් ළමයින් ප්‍රාණ ඇපයට අරන් ඉල්ලිම් දිනාගන්නවා .දුම්රිය රියදුරන් ඇතුළු පිරිස මගීන් ප්‍රාණ ඇපයට අරන් ඉල්ලිම් දිනාගන්නවා .කාර්‍යාලගත නිලධාරීන් නිහඬව සිට තමයි මේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතිරණය උනේ. එය සාධාරණයි යුක්ති සහගතයි .රජය වහාම ඒ ඉල්ලිම් ලබාදිමට අවශ්‍ය පියවර ගතය
පාලකයො පාලනය පහසුවෙන්න කරන උපක්‍රමයක් ලෙසට ගැටුම් කළමනාකරණය හදුන්වා දෙන්න පුළුවන් ඒකෙ එක් පියවරක් ලෙසට ලොකු ලොක්කන්ට සන්තෝසම් දුන්නා විවිධාකාරයෙන් වත්කම් තරවෙන ලොක්කන්ට භාණ්ඩ මිල ඉහළ යනවා අඩුයි බොහොමයක් වෙලාවට ඒක කුස්සිය පැත්තෙන් ගෙට වඩිනවා නමුත් සාමාන්‍ය සේවකයින්ට එහෙම ලැබෙන්නේ නැහැ 2006 සිටම කළමනාකරණ නිළධාරින්ට කුඩම්මාගේ සැලකිල්ල වත් දුන්නෙ නැහැ ඔවුන් ඉන්නෙ අන්ත අසරණ තත්වයෙන් කියලා කියන්න පුළුවන් ඔවුන්ට තිබුන ප්‍රශ්නය විසදුවේ නැහැ එහෙම නිසා කරන අසනීපවීම ඉතාමත් සාධාරණයි කියන්න පුළුවන්
මට ඊයේ පෙරේදා කළමනාකරණ නිළධාරි සේවයේ අධි පංතියේ සිට විශ්‍රාම ගිය අයෙක් හමුවුනා ඔහු කොවිඩ් කාලයේ වගේම මුඛ වැස්මක් පැළද ගෙන සිටියා මම ඒගැන ඇහුවම කියනවා 2004 ලිපිකරු හා සමාන්තර සේවා අහෝසි කර කළමනාකරණ සහකාර සේවය ආරම්භ කර ඇතිකල වැටුප් විෂමතාවය 2006 දී බලවත් ලෙසට උග්‍රවී දැන් විශ්‍රාම වැටුප් ගන්න කොට එදා අපි සමග කාර්‍යාලයේ හිටපු සුලු සේවකයින් පවා අපිට වැඩි විශ්‍රාම වැටුප් ලබන නිසා සමාජයට මුහුණ දෙන්න බැහැ එනිසා මෙහෙම කරනවා කියලා මම ඇහුවා තිබුන නඩුවට මොකද වුනේ කියලා ඒක විසිවුනා කිව්වා දැන් ඔබේ අදහස මොකක්ද ඇහුවම කිව්වා මෙහෙම මහපොලොව උසුලන්නේ නැති අසාධාරණ නොවෙන්න මාලිමාව ජයග්‍රහණය කිරීමට කටයුතු කරනවා කියලා මාලිමාව මේ ගැන දක්වන ප්ප්‍රතිචාර අනුව අපිට ඔහුගේ අදහස අනුමත කරන්න වේද කියලා ජනාධිපතිවරණය වෙලාවෙ තීරණය කරනවා
තල් අත්තට බෙලි ගෙඩියක් වැටුනම, ලෝකෙ පෙරලෙනව කියල හාව දිව්ව වගේ තමයි මේ වර්ජනෙත්. 25000ක වැඩිවීමක් ලැබෙන එකම විධායක නිලධාරියෙක් පුළුවන්නම් හොයල පෙන්නන්න කියන්න. කලින් 15000ක්ව තිබුන විධායක දීමනාව 25000 දක්වා වැඩි කල එක තමයි කලේ. හැබැයි දේශපාලන ගැත්තො සෙට් එකකගේ වචනනවල තේරුමක් නැති සේවකයො ටිකක් රැවටුන එක විතරයි උනේ. විධායක නිලධාරීන්ට අතිකාල වගේ දේවල් හිමි නැති නිසා තමයි විධායක දීමනාවක් දෙන්නෙ. හැමෝම එක කඩෙන් බඩු ගන්නෙ වගේ බොලඳ කථා කියන්න එපා, වයස අවු 28ක් 30ක් වෙනකන් උපාධියක් කරල, තරඟ විභාගයක් සමත් වෙලා පත්වුන විධායක නිලධාරියාටයි, සා.පෙ ල සමත් වෙලා දේශපාලන ගොට්ටකින් අවු. 20දි කා.කා.ස වෙන කෙනාටයි, තරඟ විභාගයක් සමත් වෙන්න ධාරිතාවක් නැති කෙනාටයි එකම වැටුපයි දෙනවනම් මොකෙක්වති ඉගෙන ගන්න එකක් නෑ,.තරඟ විභාග සමත් වෙලා වගකීම් ගන්න එකක් නෑ