(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු සංකීර්ණය පූර්ණ ලෙස ප්‍රතිසංස්කරණය කිරීමට  අනුමැතිය ඉල්ලා   කැබිනට්  පත්‍රිකාවක් යොමු කර ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

එම පත්‍රිකාවට බොහෝ දුරට අද හෙටම අනුමැතිය ලැබෙනු ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තුව පිහිටවූදා සිට මේ දක්වාම  එහි පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුවී නැතැයි  නිලධාරීහු පෙන්වා දෙති.

එසේ හෙයින් පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන වහල ඇතුළු ස්ථාන රැසක් දිරාපත්ව විනාශ වෙමින් තිබෙන බව ඔවුහු  සඳහන් කරති. එසේම පාර්ලිමේන්තු සභා ගර්භයද ඉතා දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය කෙරී නැතැයි පැවසේ.