
(සුරංග රාජනායක)
සිය වයෝවෘද්ධ නැන්දනියට තියුණු ආයුධ පහරදී ඝාතනය කළ ලේලියක තම බාල වයස්කාර දරු දෙදෙනො ප්‍රාණ ඇපයට ගෙන සිටියදී ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමාරක පමණ උපක්‍රමශීලී මෙහෙයුමකින් බේරාගත් බව පොලිසිය කියයි.
ගම්පොළ උලපනේ ,උලපනේ වත්ත පදිංචි 78 හැවිරිදි එස්. ජෝති නැමැති පස් දරු මවක මෙසේ සිය ලේලිය අතින් මෙසේ ඝාතනය වී තිබේ.
ඝාතනයට ලක්වු කාන්තාවට හිමි නිවසේ තිස්දෙහැවිරිදි මෙම ලේලිය හා ඇගේ 7 හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දොළහට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි.
යාපනයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය විවාහයෙන් පසු උලපනේ වත්තට පදිංචියට පැමිණ ඇති අතර ඇගේ සැමියා වන රැකියාව සඳහා යාපනයට ගොස් තිබුණි.
ඝාතනය වූ මව මාසයක පමණ කාලයක් අසනීපව එක්තැන්ව සිට තිබේ.
ඇගෙන් නිතරම කරදර බව පවසමින් ඇයට ලේලිය තර්ජනය කරමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණ.
මියගිය කාන්තාවගේ එක් පුතෙකු ද මෙම නිවසට යාබදව පදිංචිව සිටින අතර මහ රෑ ඇසුණ ශබ්දයකට ඔවුන් එම නිවස පරීක්ෂා කොට තිබේ.
තියුණු මන්නයකින් තම මව කපා කොටා තිබෙනවා දුටු පුතා ඇතුළු අසල්වැසියෝ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇය රෝහල් ගත කර තිබේ.
උලපනේ වත්ත කන්දක් උඩ පිහිටි මෙම නිවසට පොලිසිය අලුයම එකට පමණ ළඟා වී ඇති අතර ඒ වන විට මෙම සැකකාර කාන්තාව දොර ජනෙල් වසා නැන්දැනිය කැපු කැත්ත දරු දෙදෙනාට එල්ල කොට කිසිවකුත් ලඟට නොඑන ලෙස තර්ජනය කරමින් සිට තිබේ.
දරුදෙදෙනාද කපා කොටා ඝාතනය කරන බව ඇය පැවසීම නිසා ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙණරත් කකුලන්දර මහතා යාපනයේ සිටින ඇගේ සැමියාට දුරකථන ඇමතුමක් දී සිදුවීම විස්තර කර බිරිඳට කතා කොට ඇය සංසුන් කරන ලෙස පවසා තිබේ.
මේ ආකාරයට පැය දෙක හමාරක් පමණ දැඩි උත්සාහයක් ගෙන ඇය මෙල්ල කර ඇගෙන් දරු දෙදෙනා බේරාගෙන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු LTTE කෙනෙක් වගේ...!
මානසික රෝග තත්ත්වයක්...