
(එම්.සුසිල් පියන්ත)
අම්බලන්ගොඩ දුම්රිය මාර්ගයේ කතා කර කර යමින් සිටි පාසල් ශිෂ්‍යාවක සහ ශිෂයකු අද සවස දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කළ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ අම්බලන්ගොඩ ප්‍රධාන පාසල් දෙකක ඉගෙනුම ලබන දාහත් හැවිරිදි ශිෂයකු හා ශිෂයා බව පොලිසිය සඳහන් කරයි.
ශිෂයා අම්බලන්ගොඩ හිරේවත්ත ප්‍රදේශයේද, ශිෂයාව අම්බලන්ගොඩ දෙල්දූව ප්‍රදේශයේ ද පදිංචි කරුවන් බවද පොලීසිය කියයි.
මේ දෙදෙනගෙන් පාසල් ශිෂයාවට බරපතල තුවාල සිදුව ඇති බවත් ශිෂයාට සීරීම් තුවාල පමණක් සිදුව තිබෙන බවද පොලීසිය කියයි.
දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබූ පාසල් ශිෂයාවට රෝහලට රැගෙන යනවිටත් සිහි සුන්ව සිටි බවද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය මාර්ගයේ ගමන් කිරීම දඬුවම් ලැබෙන වරදක් කළොත් අනතුරු වළක්වාගත හැකියි...
මෙලෝ සිහියක් නැහැ ඔක කොට කොට යන්න ගත්තම. පයින්ද වාහනෙන්ද අදාල නැහැ!
රෝහලට ගෙනයන විටත් සිහිසුන්ව හිටියා කිව්වට පාරෙ ගිහිල්ලා තියෙන්නෙ සිහිසුන් වෙලා කියලා පැහැදිලියි
සුන්දර කතා බහක ඉන්න ඇති, මෙලෝ සිහි කල්පනාවක් නැතුව ගිහින් කරගත්තු දෙයක්? මේවා කාටත් හොඳ පාඩම්...
දුම්රිය රියදුරුට දුර පේන්නේ නැද්ද? දුම්රියේ හෝන් එකක් නැද්ද? නැතිනම් ඒක ගහන්නේ මොන වෙලාවටද?
මීට පස්සේ ඔතැනට ආදරය කරන්න එපා. ජීවිතේ බේරුණේ දෙවියෙක් වගේ මනුස්සයෙක් කෑ ගහලා ගත්තු නිසා.