ලොතරැයි වර්ජනය දිගටම ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය. 07 February 2024
ගැම්බියාවේ ක්‍රමයට කජු වවන්න යයි කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කර තිබේ. 07 February 2024
කෝටි 3 ක තල්මස් ඇම්බර් සමඟ තුනක් දැලේ පාවෙන රත්‍රං නමින් හැදින්වෙන කෝටි 3 ක් පමණ වටිනා තල්මස් ඇම්බර් (තල්මස් වමනය) කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවෝ තිදෙනෙක් දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 07 February 2024
කෙහෙළියත් පාර්ලිමේන්තුවට ඇවිත් නෑ බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට අවසරදී තිබුණත් ඔහු අද (7) එම අවස්ථාවට සහභාගී නොවීය. 07 February 2024
‘උඩරට මැණිකේ’ පීලි පනී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ ‘උඩරට මැණිකේ’ සීඝ්‍රගාමී දුම්රිය උලපනේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (7) පීලි පැනීමකට ලක්ව ඇති බවත් ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා ඇති වී ඇති බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 07 February 2024
සජබෙ කොටසක් මැතිසබය වර්ජනය කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමේ අවස්ථාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසක් අද (7)වර්ජනය කිරීම විශේෂ සිද්ධියක් විය. 07 February 2024
අපේක්ෂා රෝහලේ පරිපාලන නිලධාරීවරයාට පහරදුන් සැකකරු අල්ලයි මහරගම අපේක්ෂා රෝහලේ කාර්යාලයකට මාළු කපන විශාල මන්නයක් රැගෙන කඩා වැදී පරිපාලන නිලධාරීවරයාට එයින් පහරදී බරපතල තුවාල සිදු කර පළා ගිය සැකකාර සෞඛ්‍ය කාර්ය සහායකවරයා අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 07 February 2024
දයා සඳගිරි සජබෙට එක්වෙයි ශ්‍රී ලංකා නාවුක හමුදාවේ 14 වැනි නාවුක හමුදාපතිවරයා වූ විශ්‍රාමික, දයා සඳගිරි මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක් විය. 07 February 2024
සීයා හීනෙන් කීයු මැණික් මල්ල ගන්න ගිය මුණූපුරා ඇතුළු 7ක් අල්ලයි තම සීයා හීනෙන් කියූ මැණික් මල්ලක් ගොඩ දැමීම සදහා නිවස තුළ කැණීම් කරමින් සිටි මුණුපුරෙකු ඇතුළු පුද්ගලයින් 07 දෙනෙකුව අත්අඩංගුවට ගත් බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. 07 February 2024
හැටහතර හැවිරිදි කතට දස පොළකට මන්නයකින් කොටලා බණ්ඩාරගම සමරනායක පුර ප්‍රදේශයේදී ගස් නැගීමේ නිරත පුද්ගලයකු වෙළඳ සැලක් පවත්වාගෙන යන 64 හැවිරිදි කාන්තාවකට දසපොළකට මන්නයකින් පහර දී බරපතල තුවාල සිදුකර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි 07 February 2024
ව්‍යාජ බෝධිසත්ව අවලෝකිතේෂ්වරට ඇප අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන් වහස්සේට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය. 07 February 2024
ඉන්දියාවේ උත්සහය කඩිනමින් ආධිපත්‍ය පැතිරවීමයි ඉන්දියාවේ උත්සහය කඩිනමින් ශ්‍රී ලංකාව තුළ එරට දේශපාලන සහ ආර්ථික ආධිපත්‍ය පැතිරවීම බවත් එයට ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ අද වන විට ගැතිකම් කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 07 February 2024
චිලී හිටපු ජනපති ගුවන් අනතුරින් මරුට චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ. 07 February 2024
දුප්පතුන්ට සහල් කිලෝ විස්සක් අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 07 February 2024
ට්‍රම්ප්ට මුක්තිය නෑලූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ද සූදානමින් සිටී. 07 February 2024
ඉන්දියානු විරෝධියෙක් වූ අනුර ඉන්දීය සංචාරයෙන් ප්‍රීති වෙනවා පන්ති පහේ ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන කතා කරපු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමර දිසානායක ඉන්දියාව එන්න කිව්වම ප්රිති වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 07 February 2024
දරුවන්ට පහරදී සමාජමාධ්‍යට දැමු පියා අල්ලයි තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දි එය විඩියෝ ගත කර සමාජ මාධ්‍යට එක් කළ පියෙකු අද (07) අත්අඩංගුවට ගත් බව දිඹුල පතන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආනන්දසිරි මහතා පැවසිය. 07 February 2024
ජනපති පාර්ලිමේන්තුවට එයි නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. 07 February 2024
අලුත් සැසිය විවෘත කරන්න සියලු වැඩ සූදානම් නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරය විවෘත කිරීමේ උත්සවය සඳහා සියලු කටයුතු සූදානම්ව පවතී. 07 February 2024
කෝටි හතරක දුම්වැටි සමඟ දෙකක් මාට්ටු තීරු බදු නොගෙවා හොර රහසේ දිවයිනට ගෙන්වා ඇති රුපියල් කෝටි හතරක පමණ වටිනාකම ඇති විදේශීය දුම් වැටි තොගයක් ලොරියකින් රැගෙන යමින් සිටිය දී පුද්ගලයින් දෙදෙනෙකු සමග අත් අඩංගුවට ගෙන මීගමුව පොලිසියට භාර දී ඇතැයි මීගමුව පොලිස් අධිකාරි කාර්යාලය සඳහන් කරයි . 07 February 2024
රත්නපුර නගරය අදුරේ: ලක්ෂ 38 ක විදුලි බිලක් රුපියල් ලක්ෂ තිස් අටක විදුලි බිලක් නොගෙවීම නිසා මේ වනවිට රත්නපුර මහ නගර සභා බලසීමාවේ මාර්ග ඇතුලු පොදු විදුලිපහන් වලට සපයන විදුලිය විසන්ධි කර ඇත. 07 February 2024
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ගිනිඅවි සැඟවු පුද්ගලයා පොලීසියට බාරවෙයි බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු බෙලිඅත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 07 February 2024
කෙහෙළිය හෙට මැතිසබයට බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හෙට (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවසරදී ඇත. 06 February 2024
කෝමාරිකා වගාව බලන්න ගිය පිරිසට ගම්මු පහර දෙති කෝමාරික් වගාවක් සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපයේ වනය එළකිරීමක් සම්බන්යෙන් සොයා බැලීමට එහි ගිය සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියන්ගල ආනනද සාගර හා ජාතික සංඝ සම්මේලනයේ සභාපති ලියංවෙල ශාසන රතන හිමිවරුන් ඇතුළු පිරිසකට ගම්වාසීන් පිරිසක් පහරදීමෙන් එහි නොසන්සුන් තත්වයක් ඇති විය. 06 February 2024
සෞඛ්‍ය සාකච්ඡා සාර්ථකයි ජනාධිපතාවරයාගේ මැදිහත්වීමෙන් තම ගැටලු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමග පැවැත්වූ සාකච්ඡා වල පළමු පියවර සාර්ථකව අවසන් වූ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසයි. 06 February 2024
හොරෙන් ගෙනා වාහන රාජසන්තක කරන්න රේගු බදු නොගෙවා හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිගණක පද්ධතියේ දත්ත මකා දමමින් සාමාන්‍ය මෝටර් රථ ලෙස ලියාපදිංචි කළ රුපියල් මිලියන 200ක් පමණ වටිනා ’’ සුඛෝපභෝගී වාහන’’ දෙකක් වහාම අත්අඩංගුවට ගෙන රාජ සන්තක කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06)අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝග කරමින් දන්වා සිටියේය. 06 February 2024
අනුර ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවෙයි ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස අද (06) නව දිල්ලියේ පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව (ඔබ්සර්වර් රිසර්ච් ෆවුන්ඩේෂන්) හමුවිය. 06 February 2024
ලිංගික අල්ලස් ඉල්ලූ හෝටල් ප්රධානියෙත් රිමාන්ඩ් වැටුප් වැඩිකර දීමට තරුණ හෝටල් ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ යැයි කියන දඹුල්ලේ හෝටල් සමූහ ව්‍යාපාරයක 59 හැවිරිදි මානව සම්පත් කළමනාකාර ඝණකාධිකාරීවරයා ලබන 16 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(06) නියෝග කළේය. 06 February 2024
මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම් මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවසීය. 06 February 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026