
(සුජිත් හේවාජුලිගේ)
බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකයක් (TIN) ගත් පුද්ගලයන්ට බදු ගෙවන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පණිවිඩ ලැබුණද මාසික ආදායම රුපියල් ලක්ෂයේ සීමාව ඉක්මවා නොමැතිනම් ඒ බව ලිඛිතව දැනුම් දී බදු ගෙවීමෙන් වැළකී සිටිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.
මේ සම්බන්ධයෙන් ළඟම පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තු ප්‍රාදේශීය කාර්යාලයට දැනුම් දිය හැකි බවද හෙතෙම සඳහන් කළේය. රටේ ලක්ෂ 23ක් TIN අංකය ලබාගෙන ඇති බව සඳහන් වේ. බපසුගිය ජුනි මාසයේදී පමණක් ලක්ෂ දහතුනක් එම අංකය ලබාගෙන ඇත.
මේ මස අවසන් වන විට එම අංක ලබා දුන් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ හැත්තෑ තුනක් බවට පත් කිරීම අරමුණ බව සියඹලා පිටිය මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
එතකොට ඒ අයගෙන් මාසික වියදම ලක්ෂයකට වැඩි අය මොකද කරන්නේ ? ණයවෙලා රනිල්ගේ පංගුව ගෙවන්න ඕනෙද ?
ටිං අංකය ගන්න අයැදුම්පත් ගෙනාවා බදු ගෙවන්න කියලා දැන්වීම් ලැබුණා කියලා දැනගත්තාම බයක් ඇතිවුණා. ඔහේ කියන ආකාරයට එදාවේල සරිකර ගන්න අපිට ලියුම් ලියන්න වෙලාවක් නැහැ. ඒ නිසා උන්නැහේ කරන කියන දෙයක් ජනතාව පීඩාවට පත්නොවෙන ආකාරයට ක්‍රමවත්ව පිළිවෙළක් ඇතුව සැළසුම් සහගතව එක පියවරෙන් කරන්න ඉගෙන ගන්න බැරිනම් අයින්වෙලා යන්න. ජනතාව අනවශ්‍ය පීඩාවට පත්කිරීම නවතන්න...
ලක්ෂයට වැඩි ආදායම් තියෙන අය එකපාරම බදු ගෙවන්න ඕනෑ නැහැ. ඉස්සෙල්ලා ඒ අය තමන්ගේ පවුලේ සාමාජික ගණන, කුඩා දරුවන් කීදෙනෙක් ඉන්නවාද? පාසල් දරුවන් කීයක් ඉන්නවාද? වැඩිහිටි දෙමාපියන් රැක බලා ගන්නවාද? ලෙඩට දුකට බෙහෙත් ගන්නවාද? බැංකු ණය ගෙවමින් ඉන්නවාද, නිවාස ණය ගෙවමින් ඉන්නවාද, වෙනත් විස්තර ආදී සියලු විස්තර බලධාරීන් විසින් ලබාදෙන පෝරමයේ සඳහන් කර මෙම ඇමැතිවරයා, රාජ්‍ය නායකයා ඇතුළු අදාළ බලධාරීන් හට ඉදිරිපත් කළ පසු ඒ සියලු කරුණු සාධාරණ හා මානුෂික පදනමෙන් සලකා බලා දියුණු රටවල කරන්නාක් මෙන් බදු මුදලක් අයකර ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයෙක් පමණක් නම් යම් මුදලක් ගෙවීමට නියම කෙරෙනු ඇත. මොකද මේ ඇමැතිවරයා සහ රාජ්‍ය නායකයා ඇතුළු සියලුම කට්ටිය බොහෝ උගත් මිනිසුන් ගැන ඉතා මානුෂිකව හා සානුකම්පිතව කටයුතු නිරතුරුවම මිනිසුන්ගේ දුෂ්කරතා අපහසුතා ගැන සිතමින් කටයුතු කරන බෝධි සත්වයින් වැනි පුද්ගලයන් නිසාය.
ටින් අංකයට අයදුම් කරන විටම ආදායම සඳහන් කලා නේ. ඉතින් ඒවා සොයා බලා නොවේ ද බදු ගෙවන්න කියන්නේ. මට පේන්නෙ තමුන්නැහැ වගේම පිස්සු ඩයල් ටිකක් තමයි ආදායම් බදු එකෙත්.ඉන්නෙ. මේ පිස්සො ටික එලවනකල් රටේ ජනතාවට නිදහසක් නෑ.
වයිද කලබල , මේ බ්න්, ගම් මට්ටමේ ජනතාව නොහන්දුනන දේස පාලුවෝ කිව්වට ටිකක් ඉවසලා බලන්න. මේක ලංකා දේශයයි .
ටින් ගත්ත අයට ටින් එක අරන් හිඟමනේ යන්න වෙලා. නිකමුන් ටින් ගත්ත උන් ගෙවන බදුවලින් පින්පඩි සහනාධාර අරගෙන බෝකරමින් සැප විඳිනව.
එතකොට පිටරට රැකියා කරන අයත් ටින් අංකය ගන්න ඕනෑද? කියන්නකෝ උන්නැහේ හරියට...