
( අමදෝරු අමරජීව හා සුගත් බද්දේගෙදර)
තම පෙම්වතා සමග විවාහ වන බවට මවට පවසා නිවසින් ගිය තරුණියකගේ මළ සිරුරක් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මුතූර් මහේස්ත්‍රාත් මොහොමඩ් පවුසාන් මහත්මිය ඉදිරියේ අද (05)දා මුතූර් පොලිසිය විසින් ගොඩගනු ලැබීය.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ සේරුනුවර තංගනගර් පදිංචි නඩේස් කුමාර් විනෝදනී නැමති විසිපස් හැවිරිදි තරුණියකි. ඉකුත් ජූනි(13)දා තම පෙම්වතා සමග විවාහ වන බවට පවසා නිවසින් ගිය දියණිය ජූලි මස පළවෙනිදා දක්වා දුරකථනයෙන් කතා කළ බවත් ඉන්පසුව කතා නොකළ නිසා දියණියගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් මව වන අරුණාචලම් සසිකලා නැමැත්තිය සේරුනුවර පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ අතරතුර අතුරුදහන් තරුණිය මරා දමා පාලු ළිදක දමා ඇති බවට මුතූර් පොලිසියට ලද තොරතුරක් අනුව මූතූර් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ජී.අයි.යූ.කේ. සෝමනුවර මහතා මූතූර් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ මළ සිරුර ගොඩගනු ලැබීය.
මරා දැමූ තරුණියගේ පෙම්වතා යයි කියන තැනැත්තා කිලිවෙඩ්ඩි කොට්ඨාස අංක දෙකේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇත. මළ සිරුර සමඟ ගොඩගත් තරුණිගේ යැයි සැක කරන ගමන් මල්ලක තිබී භාණ්ඩ රැසක් ද පොලිසිය විසින් පරීක්ෂා කරනු ලැබීය. සිද්ධිය සම්බන්ධය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළ මහේස්ත්‍රාත්වරිය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර ත්‍රිකුණාමලය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය වෙත යොමු කරන ලෙස නියෝග කළ අතර සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කළේය.

2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මූතූර් ළිදකින් කාන්තා මළසිරුරක්
Udhuli Saturday, 06 July 2024 01:39 PM
සොයුරිය ඔබට නිවන් දක්නාතුරු මෙවන් අකල් මරණයක් නොම වේවා..! මෙවැනි පෙම්වතුන්ගේ ඇසුර නොලැබේවා... නිවන්සුව ඉක්මන් භවයකදී අත්වේවා..!