
(ටී.කේ.ජී.කපිල)
අප්‍රිකානු කැළෑ බළළෙකු ( African Serval Cat ) නිසි අවසරයකින් තොරව රුසියාවේ මොස්කව් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත ගෙනැවිත් තිබේ .
සයිටෙස් ( S.I.T.E.S.) සම්මුතිය මගින් ආරක්ෂිත සත්වයෙකු ලෙස නම් කර ඇති මෙම කැළෑ බළළා , ශ්‍රී ලංකාවේ " හදුන් දිවියාට " සමානකම් දක්වයි .
යුරෝපයේ සහ මැදපෙරදිග රටවල මෙම කැළෑ බළළ් විශේෂය සුරතලයට ඇති කරන අතර ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් මොවුන්ට විශාල ඉල්ලුම ඇති බව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන රේගු නිලධාරීහු පවසති .
මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු විසින් මෙම අප්‍රිකානු කැළෑ බළළා මෙරටට රැගෙන විත් ඇත.
COMMENTS
හරියට දැන් කැළණි ගඟේ ඉන්න ආක්‍රමණශීලී මත්සයෝ වගේ එක දේශිය මාළු වදවී යාමට ලඟයි කැළණි ගඟේ. මේකෙන් වෙන්නේ දේශිය සත්තු වඳවී යන එක. මේ අයට ලොකු දඩුවමක් දෙන්න ඕනේ
ඒ බැලලිගේ පුතාට ඒකව ගෙනාපු තැනටම යවන්න කියන්න. බැරිනම් ඌත් එක්කම පටවන්න.
ගෙනාපු ගුවන් යානයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි.