බංග්ලාදේශ අන්තර්වාර පාලකයාත් ජනපතිට සුබ පතයි ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 10 October 2024
පකිස්ථාන ජනපතිගෙන් අනුරට සුභ පැතුම් ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) Faheem Ul Aziz HI (M))මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 10 October 2024
සෞදි රජු ජනපතිට සුබ පතයි ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. 10 October 2024
කලුතරට විශේෂ පොලිස් ආරක්ෂාවක් නොවැම්බර් 14 වෙනිදිනට පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දෙන අවසන් දින වන අද (11) කළුතර දිස්ත්‍රික්කය පුරා පොලිස් නිලධාරීන් 1000 ක් පමණ යොදා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන මහතා පැවසීය. 10 October 2024
මහාපරිමාණ මුදල් වංචාකරුවෙක් පොලිස් දැලේ මෙරට සුප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක් නමින් සමාජ මාධ්‍ය සබැඳියක් නිර්මාණය කොට ඒ හරහා මහා පරිමාණ මුදල් වංචාවක නිරත වූ බව කියන පුද්ගලයෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 10 October 2024
විමලුත් මහ ඡන්දෙට නෑ ඉදිරි මහ මැතිවරණයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා නායකත්වය දරණ ජාතික නිදහස් පෙරමුණ ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. 10 October 2024
ලක්ෂ 40ක ෆෝන් කාඩ් සොරාගත් දෙකක් මාට්ටු දුරකථන පෙර ගෙවුම් කාඩ්පත් තොග වශයෙන් බෙදා හරින නාරහේන්පිට ජාවත්ත පාරේ ප්‍රධාන පෙළේ නියෝජිත ආයතනයකට රාත්‍රී කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 40 කට අධික වටිනා පෙර ගෙවුම් කාඩ්පත් සොරාගත් පුද්ගලයන් දෙදෙනාගෙන් අයෙකු සහ 17 හැවිරිදි තරුණියක අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලිසිය කියයි. 10 October 2024
දෙදරු පියා ඝාතකයා වසර තුනකට පසු අල්ලයි 70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි. 10 October 2024
හඳට සමාන බොරු හඳක් හදලා අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 10 October 2024
දුම්රිය රියදුරුගේ අවධානයෙන් මවගේ- දියණියගේ දිවි බේරෙයි කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණියගේ දිවි බේරා ගැනීමට දුම්රිය රියදුරුගේ දැඩි අවධානය නිසාවෙන් අද (10) උදෑසන හැකි ව ඇත. 10 October 2024
හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක් බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 10 October 2024
ට්‍රම්ප්-පුටින් හිතවත්කම් අලුත් පොතකින් එළියට කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පාවිච්චිය සඳහා හොර රහසේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල යවා ඇතැයි ඇමෙරිකානු මාධ්‍යවේදියකු වන බොබ් වුඩ්වර්ඩ් ලබන 15 වැනිදා එළිදැක්වීමට නියමිත ‘වෝ’ ග්‍රන්ථයේ සටහන් වේ. 10 October 2024
සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් මේ බව පැවැසූ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට යෑමට කැමත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි. 10 October 2024
දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධනය කියයි. 10 October 2024
වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය. 10 October 2024
සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 October 2024
තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. 10 October 2024
කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු බොරැල්ලේ දි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 10 October 2024
ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්යක්ෂ මණ්ඩලයක් ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. 10 October 2024
පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 October 2024
රතන් ටාටා දිවි ගමන අවසන් කරයි ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය. 10 October 2024
කණ්ඩලම වැව් රක්ෂිතයේ සුන්දරම වන වියන වනසයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින සංචාරක හෝටලයක පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම කපා විනාශ කර දමා ඇතැයි ගොවි සංවිධානය චෝදනා කරති. 10 October 2024
අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරුණයා අසල තනිකර දමා, තරුණයාගේ ජංගම දුරකථනයද සොරාගෙන පලාගොස් ඇතැයි නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි. 09 October 2024
බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය කඩයට විකුණූ පුවතක් හිඟුරක්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. 09 October 2024
යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරයන්වරයකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 09 October 2024
ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය. 09 October 2024
යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතුරුපැදියක පසුපැදිකරු ලෙස සිටි කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 09 October 2024
ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ. 09 October 2024
කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට නියමිතය. 09 October 2024
කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණ වෙල මහතා අද (09) නියෝග කළේය. 09 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026