
(රෝෂන් තුෂාර)
ප්‍රවීණ ගායන ශිල්පී කීර්ති පැස්කුවල් මහතාගේ නම භාවිතා කරමින් මුදල් වංචා කළේ යැයි කියන පුද්ගලයකු අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතාට කරුණු ඉදිරිපත් කරමින් රහස් පොලිසිය අද (11)පැවසීය.
කීර්ති පැස්කුවල් මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත්,ඉදිරි විමර්ශන සඳහා අවසර ලබා දෙන ලෙසත් රහස් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියේය .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මෙම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු අනාවරණය කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කරමින් විමර්ශන ගොනුව බහා තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහු කිසිසේත්ම පිරිසිදු පුද්ගලයෙක් නොවේ. Scammed scaming තවත් වංචාවක්... මම ඒකට කැමතියි