IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට

(අංජුල මහික වීරරත්න)

 කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදි ක්ෂේත්‍රයන්ට අදාළ කාලීන අවශ්‍යතාවන් සපුරාගත හැකි වන පරිදි කර්මාන්ත ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා දැනට පවතින 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බව පෙනී ගොස් ඇත.

 එබැවින්, එකී පනතසංශෝධනය කිරීම සඳහා 2021-03-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විට එකී පනත සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින අතර, පනත සංශෝධනය කිරීමේ කාර්යය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාව ලබා ගැනීමේ අවශ්‍යතාව නීති කෙටුම්පත් සම්පාදක විසින් පෙන්වා දී ඇත. 

ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන එකී පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කරන ලදී.

 



අදහස් (0)

කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site