
(නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩුව රක්ෂිතයට නීති විරෝධී අන්දමින් ඇතුළු වූයේ යැයි චෝදනා ලැබ සිටි චූදිතයන් හය දෙනකුට එක් අයකුට රුපියල් 4,50,000 හතර බැගින් චූදිතයන් හයදෙනාට රුපියල් 27,00,000 දඩ මුදලක් ගෙවන ලෙස පොලොන්නරුව අංක 2 මසේත්‍රාත් අන්වර් සදාක් මහතා නියෝග කළේය.
දඩ මුදල් නොගෙවන්නේ නම් චූදිතයකු මාස හය බැගින් බරපතල වැඩ සහිත සිර දඬුවම් ලබා දෙන ලෙස මසේත්‍රාත්වරයා නියෝග කළේය.
2013 පෙබරවාරි 23 වෙනිදා, මෙම සැකකරුවන් හයදෙනා පොළොන්නරුව වැලිකන්ද, ත්‍රිකෝණමඩුව රක්ෂිතයට අනවසරයෙන් ඇතුල්වීම, වනජීවීන්ට හානියක් කළ හැකි ආයුධ සන්තකයේ තබාගැනීම, ජාතික වනෝද්‍යාන තුළ වාඩියක් තනා ගැනීම යන චෝදනා යටතේ, වැලිකන්ද වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක සී.ඒ. වනසික මහතා ඇතුළු වනජීවි නිලධාරි කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි කල යුතු දේ .
ලක්ෂ 4.5 ගෙවන්න හදිසියකට දොට්ටවත් යන්න ඵපා. ඔය මාස හය කල්පයක් වගේ සල්ලි වගේද විසිට් එකක් දාලා බලන්න ආස හිතෙයි, බටහිර රටක ඌරු කොටුවක් ඊට දහස් වරක් හොඳයි..