(අංජුල මහික වීරරත්න)
ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 6160 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලයේ ශ්‍රි ලාංකික තරුණයින් 1082 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.
ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ රැකියා ලාභීන් 41 දෙනකු වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම කාර්යාංශ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
එසේම තවත් 177 දෙනකු ඊශ්‍රායලයේ ඉදිකිරීම් රැකියා සඳහා පිටත්ව යාමට සූදානමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ඊශ්‍රායලයේ ඉදිකිරීම් වැඩට ලාංකිකයෝ 6160ක්
chandima Tuesday, 11 March 2025 10:13 PM
ටිකට් පිරිනමනවා කියන්නේ .කාර්යාංශයෙන් නිකන් දෙනවද ?අතින් සල්ලි දීලා ගන්නවානම් කවුන්ටරයේ ඉන්න කැෂියර් නේ එක දෙන්නේ නේද ?