
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතරගම ප්‍රදේශයන් ලබාදී ඇති බව කියන නිවසක් සම්බන්ධයෙන් කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (11) පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තේය.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් උන් වහන්සේට කළ දැනුම්දීමකට අනුවය.
ඒ අනුව කොබවක ධම්මින්ද හිමියෝ අද (11) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සවස 4.10 ට පමණ ඉන් පිටව ගියහ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අසල ධම්මින්ද හිමියන්ගේ නීතිඥවරයා කියා සිටියේ උන් වහන්සේ මීට පෙර ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් අතර වැඩිදුර ප්‍රකාශයක් ලබාදීම සදහා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබූ බවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්වහන්සේ ගැන පැතිර යන ආරංචි අනුව තව කිහිප වතාවක් උනත් CID චාරිකාවන් සදහා, එහාට වඩින්න වෙන්නත් බැරි නෑ !!!!
රාජපක්ෂලා ඔබ වහන්සේලාගේ ප්‍රධාන දායකයෝ නේ... ආපුවාම පිරිත් නූල් ගැටගහලා, කරඬුව ඔලුවට තියලා, කොහොමද කරලා තියෙන දේවල්..? දැන් හොරාට හදපු ගෙවල්වල අයිතිකාරයෝ නැහැ.