
(විමුක්ති එස් රුද්‍රිගු)
මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියට පෙර ලබාදුන් අනුමැතීන්ට අනුව කටයුතු කිරීමට රජය කැමැත්තෙන් පසුවන්නේ නම් නැවතත් මෙගා වොට් 484 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තම සමාගමට හැකි බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
වසර දෙකක දීර්ඝ සාකච්ඡාකට පසුව ගාස්තු සඳහා ශ්‍රී ලංකා රජය අනුමැතිය ලබාදෙන තෙක් මෙගාවොට් 484 ක සුළං පුනර්ජනනීය උත්පාදන ව්‍යාපෘතිය සහ කිලෝ වෝල්ට් 220 ක සහ 400 ක සම්ප්‍රේෂණ ජාලකරණ පුළුල් කිරීමේ ව්‍යාපෘති දෙක ඇතළු ඒ ආශ්‍රිත සම්ප්‍රේෂණ සබඳතා අතී නවීන තාක්ෂණය යොදා ගනිමින් අවසන් කිරීමට අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම උත්සාහ කළ බව බලශක්ති අමාත්‍යාංශයට දන්වා ඇත.
නව රජයේ තීරණය දැනුම්දෙන තෙක් ඉවසිලිවන්තව බලා සිටියත් කිසිම නිල සන්නිවේදනයක් රජයේ පාර්ශ්වයෙන් නොලැබීම හේතුවෙන් සිය සාමාගම මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීරණය කළ බව අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගම බලශක්ති අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කොළ එලියක් නෙමෙයි චන්ඩි පාට් එකක්. අදානි කියන්නේ එයා කියන ගණනට වරෙන් නැත්නම් නිකම් හිටපන් කියලා. වඳුරු ආණ්ඩුවට වෙන්නේ මෝදිට වැඳලා සහනයක් ඉල්ලන්න.
ඕන නෑ... පෙර අය ලොකු ගාණකට යුනිට් එකක් ගන්න පොරොන්දු වෙලා ඇති. ඒක තමයි. මම හරියට කිව්වා පස්ස ගහනකොට ඒක තමයි හේතුව කියලා.මේක අදානිට කොළ එළියක් වුණාට පාරිභෝගිකයින්ට රතු එළියක්... ගන්න නම් එපා.
බංකොළොත් රටක කව්ද ආයෝජනය කරන්නේ? කබ්රාල් ග්‍රීසියේ ආයෝජනය කළා වගේ අදානිලා කරයිද.?