IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


හිටපු මැති ඇමැති 43කගේ නිවාස වන්දිවලට එරෙහිව පෙත්සමක්

(මනෝප්‍රිය ගුණසේකර)

‘ගෝඨා ගෝගම’ අරගලයේදී මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට හානි සිදු කිරීම් වෙනුවෙන් වන්දි ගෙවීමේදී මහජන මුදල් අවභාවිතයක් සිදුවී ඇති හෙයින් ඒ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊට වගකිව යුත්තන්ගෙන් එම මුදල් අය කර ගැනීමට නියෝග කරන්නයි ඉල්ලා පරිසරවේදියකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කළේය.

නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා ගොනු කල පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, සිද්ධිය වන අවස්ථාවේදී හිටපු ආරක්ෂක බලධාරීන්, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් නම් කර අත.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍ය මණ්ඩල ප්‍රකාශකයා වන වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය පෙබරවාරි 5 වැනිදා ප්‍රව්‍යත්ති සාකච්ඡාවකදි ‘ගෝඨා ගෝගම‘ අරගලය අවස්ථාවේදි නිවෙස්වලට හානි වූ බව කියන මැති ඇමතිවරුන් 43 දෙනකුට වන්දි ගෙවා ඇති ආකාරයත් එහිදී මහජන මුදල් අවභාවිතා කර ඇති ආකාරයත් පැහැදිලි කළ බවත් සම්බන්ධයෙන් පසුදින මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යය මගින් පුළුල් ප්‍රචාරයක් දුන් බවත් සදහන් කරන පෙත්සම්කාර රවින්ද්‍රනාත් දාබරේ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීමේදී සමස්ථ මැති ඇමතිවරුන්ට ලැබිය යුතු සමස්ත වන්දි මුදල ලක්ෂ 25 ක් වු නමුත් දේශපාලන බලපෑම් සහ බලය අවභාවිතා කිරීමෙන් නීත්‍යානුකූලව හිමිය යුතු මුදලට වඩා ඉතා වැඩි මුදල් ප්‍රමාණයන් ඔවුන් ලබාගෙන ඇති බව හෙළි වූයේ යැයිද සඳහන් කර ඇත.

 



අදහස් (1)

හිටපු මැති ඇමැති 43කගේ නිවාස වන්දිවලට එරෙහිව පෙත්සමක්

fairoos Wednesday, 12 March 2025 12:20 PM

බයියන්ට දැන් සැපද? පොහොට්ටුවේ කාලකන්නි හිටියා නම් අද ලංකාව ඉතියෝපියාව වෙලා

:       3       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1628 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site