
(යොහාන් භාසුර)
සංවර්ධනය කළ කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය මෙහෙයුම් ආරම්භ කළ බව වරාය අධිකාරිය පැවසීය.
චීන ඉදිකිරීම් සමාගමක් වන ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ටී්‍රස් සමාගම සංවර්ධනය කළ මෙම පර්යන්තය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පර්යන්තයක් බවට පත්ව ඇති අතර මීටර 1,400 ක තොටුපළක් සහ මීටර 20 ක ගැඹුරකින් යුත් බටහිර ජාත්‍යන්තර පර්යන්තය වසරකට ටී.ඊයූ. මිලියන 3.2 ක ධාරිතාවකින් යුක්ත වේ.
ස්වයංක්‍රීය පර්යන්ත ව්‍යාපෘතියේ කොටසක් ලෙස, එස්.ටී.එස්. දොඹකර අටක්, ඒ.ආර්.එම්.ජී. දොඹකර 18 ක් සහ දොඹකර සහ ඒ.ආර්.එම්.ජී. සඳහා උපකරණ කළමනාකරණය, පර්යන්ත මෙහෙයුම්, ස්වයංක්‍රීය ගේට්ටු, තත්‍ය කාලීන බහාලුම් ස්ථානගත කිරීම සහ රීෆර් බහාලුම් ස්වයංක්‍රීය කළමනාකරණය ඇතුළු අත්‍යවශ්‍ය සහායක පද්ධති ද ස්ථාපති කර තිබේ.
ෂැංහයි ෂෙන්හුවා හෙවි ඉන්ඩස්ටී්‍රස් සමාගම පැවසුවේ පර්යන්තයේ එස්.ටී.එස්. දොඹකර ටී.ඊ.යූ. 24,000 ක් දක්වා ධාරිතාවයකින් යුත් අති විශාල බහාලුම් යාත්‍රා හැසිරවීමට නිර්මාණය කර ඇති බවත් මේ අතර ස්වයංක්‍රීය පැතිරීමේ පද්ධතිය බහාලුම් උස වෙනස්කම්, කල්පවත්නා විෂමතා සහ කෝණික අපගමනයන්ට අදාළ අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දෙන අතර එමඟින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කරන බවත්ය.
කොළඹ වරායේ බටහිර ජාත්‍යන්තර පර්යන්තය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, බහුජාතික සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහය සහ ඉන්දියානු වාණිජ වරාය ක්‍රියාකරු අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාපය යන සමාගම් දෙකටම ඒකාබද්ධව හිමිකාරීත්වයේ පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd