ජල මණ්ඩලය සුද්දෙකුට කෝටි 54ක් පුදලා ජල සම්පත් මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අතරමග නතරවීමෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ රුපියල් කෝටි 54 කට වැඩි අත්තිකාරම් මුදල නාස්තිවී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 31 January 2025
තෙල් සංස්ථාවේ ලොක්කෙක් අත්අඩංගුවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් මුදල් මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් එහි හිටපු කළමනාකාර අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි . 31 January 2025
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 31 January 2025
හිනිදුම වෙඩි තැබීමකින් තුනක් මරුට හිනිදුම පනංගල පිහිටි නවාතැන් පොලකට පැමිණි දෙදෙනකු එල්ල කළ වෙඩි තැබිමකින් නවාතැන් පොලේ හිමිකරු සමග තවත් දෙදෙනකු එම ස්ථානයේම මියගොස් ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. 31 January 2025
චීන සමාගමක් මදි නොකියා බෝනස් දීලා චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත. 31 January 2025
කන්ටේනර් සිද්ධියට බස්නාහිර ආණ්ඩුකාර සී.අයි.ඩී යයි ශ්‍රී ලංකා රේගුව විසින් නිදහස් කරන ලදැයි කියන කන්ටේනර් 323ක් සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාරවරයා ලෙස තමන්ව ඉලක්ක කර හිටපු මහජන නියෝජිතයින් කිහිපදෙනෙක් සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙක් ඍජුව සහ වක්‍රව එල්ල කොට ඇති චෝදනා පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පවසයි. 30 January 2025
ජෙරොම් විදෙස් තහනම ලිහිල් නොවේ ඇමෙරිකාව ඇතුළු රටවල් කීපයක වීසා කල්ඉකුත් වී ඇති බැවින් එම රටවල වීසා අලුත් කර ගැනීම සඳහා විදේශ ගතවීමට දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඩුල්ල සිදු කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය. 30 January 2025
රනිල් කැඳවූ සාකච්ඡාවට සජබ නියෝජිතයොත් ගිහින් රට අඳුරෙන් අඳුරට යන මොහොතේ අතීත කෝන්තර අදාලම නැතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවෙන් අනතුරුව කොළඹදී අද (30) පැවසීය. 30 January 2025
පොල් වගාවට සහන මිලට එම්.ඕ.පී. පොහොර රුසියාවෙන් ශ්‍රී ලංකාවට ප්රදානය කළ එම්.ඕ.පී. පොහොර මෙට්‍රික් ටොන් 55,000 න් අඩක් පොල් වගාවට වෙන්කිරීමට තීරණය කළ බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය. 30 January 2025
බහාලුම් සියයට 60 ක් පරීක්ෂවෙන් තොරව නිදහස් කරනවා ආනයනික බහාලුම් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් ඇතිවූ විශාල තදබදයට පිළියමක් ලෙස පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත පරීක්ෂණ ඒකකයක් පිහිටුවා අවදානම දරාගත හැකි ගොන්නට ගැනෙන බහලුම් 323 ක් තෝරා නිදහස් කළ බවත් රේගු දත්ත පද්ධතිය හරහා ආනයන බහලුම් සියයට 60 ක් පමණ භෞතික පරීක්ෂවෙන් තොරව දෛනිකව නිදහස් කරන බවත් රේගු අධ්යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 January 2025
කොළඹ වරාය පර්යන්තයේ තදබදය අවම කිරීමට සැලසුම් කොළඹ වාරය පර්යන්තයේ ගොඩ ගැසී ඇති බහාලුම් නිදහස් කර ගැනීමේදී මතුව ඇති අර්බුදකාරී තත්වය හමුවේ රටේ ආර්ථිකයට වාරයේ තදබදය හේතුවෙන් එල්ල වන බලපෑම අවම කිරීමට මෙරට ප්‍රධාන වෙළෙඳ, සමුද්‍රීය, සැපයුම් සංගම් සහ වාණිජ මණ්ඩල ඒකාබද්ධව ක්‍රියාකාරී සැලසුමක් යෝජනා කර ඇත. 30 January 2025
පැරාලිම්පික් ශූර සමිතට අගමැනියගෙන් නව හෙල්ලයක ලෝක පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වකින් මීටර 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා යුධහමුදා පොලිස් හේවා බලකායේ බලලත් නිලධාරි සමිත දුලාන් කොඩිතුවක්කුට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනෙවිය නව හෙල්ලයක් ප්රදානය කළාය. 30 January 2025
ජනපති හෙට උතුරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාව හමුවීම සඳහා හෙට (31) යාපනය බලා පිටත්ව යයි. 30 January 2025
පිටරටින් පොල් ගෙඩි කෝටි 20 ක් ගෙන්වයි රට තුළ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස පොල් ගෙඩි මිලියන 200 ක් හෙවත් පොල් ගෙඩි කෝටි 20 කට සමාන පොල් කිරි, පිටි සහ සීතකළ පොල් මද ලෙස ආනයන කිරීමට තීරණය කළ බවත් එම පොල් ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයන කරන බවත් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය පැවසීය. 30 January 2025
ඖෂධ ගැන ලොකුම කමිටු දෙකකට සාමාජිකයන් පත් කරයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මකවන ජාතික ඖෂධ පිළිබඳ උපදේශන කමිටුවට සහ ඖෂධ පිළිබඳ ජාතික අභියාචනා කමිටුව සඳහා නව සාමාජිකයින් පත් කර තිබේ. 30 January 2025
කදපොල එළවළු ජලයෙන් යටවෙයි මධ්‍යම කදුකරයේ නැගෙනහිර මායිම් ප්‍රදේශවලට අද(30) අලුයම ඇඳහැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑලිය කදපොල ප්‍රදේශයේ පහත් බිම්වල සිදුකර ඇති එළවළු වගාව සම්පුර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන් විනාශයට පත්ව ඇත. 30 January 2025
නිදහස් උළෙලේ තේමාව එළි දකී ’’ජාතික පුනරුදයට පෙළ ගැසෙමු’’ යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 04 වැනිදා පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 30 January 2025
ලංකාවෙන් පනින්න හැදූ නයිජීරියානුවා ගුවන්තොටේදී මාට්ටු ඝානා රාජ්‍යයේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් ශ්‍රී ලංකාවෙන් පළා යාමට තැත් කළ නයිජීරියානු ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ 30 January 2025
වතුරට යටවුණු ගොයම් පාරට ගෙනත් වේලනවා නැවත වරක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 500 කට අධික වී යලි පැලවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ගොවීන් දැඩි සේ අසරණව සිටින බවට කිලිනොච්චිය ගොවි සංවිධාන විසින් පෙන්වා දෙයි. 30 January 2025
සමූපේ හිටපු අතිරේක ලේකම් අත්අඩංගුවට රුපියල් මිලියන 183 ක මුදලක් සමූපකාර දින සැමරුම් උත්සවයක් සදහා වැය කළ බව කියන සමූපකාර හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් ප්‍රියන්ත කුමාර මායාදුන්නේ මහතා අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පිළියන්දල ප්‍ර දේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 30 January 2025
සුව සැරිය තවත් පුළුල් කරයි 1990 ඇමතුම් අංකය ඔස්සේ නොමිලේ පූර්ව රෝහල් ප්‍රතිකාර සපයමින් මෙරට සියළුම පළාත් ආවරණය වන පරිදි ක්‍රියාත්මක “සුවසැරිය” ගිලන්රථ සේවාව තවදුරටත් පුළුල් සේවාවක් ලෙස ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 30 January 2025
ලක්ෂ 80 ක මත්පෙති ජාවාරම් කළ ධීවරයෝ 2 ක් දැලේ රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා මත්පෙති 40,000 ක් ජාවාරම් කිරිම සදහා සන්තකයේ තබාගෙන සිටි වෙල්ලන්කුලම්, මුලංකාවිල් ප්‍රදේශයේ ධීවරයන් දෙදෙනෙක් පෙරේදා (29) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය යාපනය උප ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 30 January 2025
කොට්ටහච්චිට අපහාස කළැයි ප්‍රා:මන්ත්‍රීගේ දුරකතන වාර්තා ඉල්ලයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී නිලන්ති කොට්ටහච්චි මහත්මියට මුහුණු පොත ඔස්සේ අපහාස කළේ යැයි කියන කළුතර, මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර රම්මුණි සැකකරුගේ ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර විශ්ලේෂණ වාර්තාවක් කැඳවන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද(30) නියෝග කළාය. 30 January 2025
ජපන් රැකියා සංචිතයක් හදන්න යයි ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ පුහුණු සංචිතයක් පිහිටුවීමට විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ජපානයේ IM Japan ආයතනය අතර සාකච්ඡාවකදී තීරණයට එළඹ තිබේ. 30 January 2025
බීමතින් ගොස් කතට තුවාල කළ සාජන් ගෙදර බීමතින් යතුරුපැදියක් පදවා කාන්තාවකට තුවාල සිදුකළ බව කියන බදුල්ල පොලිසියේ පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව බදුල්ල දිස්ත්‍රික්ක I ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 30 January 2025
මාවෙයිගේ අවසන් කටයුතු 2 වැනිදා අභාවප්‍රාප්ත ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක හිටපු පාරලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතාගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා යාපනය මාවිට්ටපුරම්හි පිහිටි ඒ මහතාගේ නිවසේදී තැන්පත් කර ඇත. 30 January 2025
රට හාල් නවතී සහල් ආනයනය නතර කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රධානීහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ. 30 January 2025
අ‘පුර නුවර වැවේ-තිසා වැවේ ජල කාන්දුවක් අනුරාධපුර පිහිටි ප්‍රධාන ජලාශ දෙකක් වන නුවර වැවේ හා තිසා වැවේ සුළු ජල කාන්දුවක් සිදුවෙමින් පවතින බවට නිරික්ෂණය වි ඇතැයි වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා කියයි. 30 January 2025
ලංකා සතොස ආහාර 5 ක මිල අඩු කරයි ලංකා සතොස අත්‍යවශ්‍ය ආහාර වර්ග 5 ක මිල අඩු කිරීමට පියවරගත් බවත් එම නව මිල අද (30) සිට ක්‍රියාත්මක බවත් පවසයි. 30 January 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026