IMG-LOGO

ජුලී චන්ග් සිරිකොතට

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඇමරිකා තනාපතිනී ජුලී චන්ග් (Julie Chung) මහත්මිය අද(27) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප නිලධාරීන් හමු වූවාය.

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල ඇතුළු එජාප නිලධාරීහු මීට සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ඇමරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.

ඇමෙරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් අතර සිරිකොත දී පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.එජාප  නිලධාරීන් සහ ඇමරිකා තානාපතිනිය අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවද අබේවර්ධන මහතා කීය.

සාකච්ඡාවෙන් අනතුරුව ජුලී චන්ග් මහත්මිය සිරිකොත මූලස්ථාන පරිශ්‍රයේ ඇවිද එහි අතීත සිහිවටන දැක බලා ගත්තාය.



අදහස් (5)

ජුලී චන්ග් සිරිකොතට

යෝගා Thursday, 27 March 2025 04:36 PM

බටලන්ද කේස් එක ආණ්‌ඩුවට අවාසියි. දෙපැත්ත බැලන්ස් කරන්න ඇවිල්ලා

:       3       1

කව්ද බෝයි Thursday, 27 March 2025 05:20 PM

මළ ජූලියයි !!!

:       1       10

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 01:45 PM

ලංකාවේ දේශපාලන කෞතුකාගාරයක් බලන්න ජූලි චංග් නෝනට ආස හිතෙන්න ඇති.

:       1       4

සමන් - ඕමානය Friday, 28 March 2025 02:36 PM

මෙයා ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්නේ අද ඊයේ ඉඳලා නොවෙයි. ඉක්මන්ම තොලොංජි වෙලා ආපහු යනවා නම් ලංකාවට හොඳයි.

:       1       1

prasanna Saturday, 29 March 2025 05:31 PM

මෙම ආණ්ඩුව නවත්වන්නේ මෙයා..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 194 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 348 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 687 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site