
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඇමරිකා තනාපතිනී ජුලී චන්ග් (Julie Chung) මහත්මිය අද(27) පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප නිලධාරීන් හමු වූවාය.
එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල ඇතුළු එජාප නිලධාරීහු මීට සහභාගී වූහ.
එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ඇමරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බව සිරිකොත පක්ෂ මූලස්ථානය පවසයි.
ඇමෙරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් අතර සිරිකොත දී පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද දුරකථනය ඔස්සේ සම්බන්ධ වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.එජාප නිලධාරීන් සහ ඇමරිකා තානාපතිනිය අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවද අබේවර්ධන මහතා කීය.
සාකච්ඡාවෙන් අනතුරුව ජුලී චන්ග් මහත්මිය සිරිකොත මූලස්ථාන පරිශ්‍රයේ ඇවිද එහි අතීත සිහිවටන දැක බලා ගත්තාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටලන්ද කේස් එක ආණ්‌ඩුවට අවාසියි. දෙපැත්ත බැලන්ස් කරන්න ඇවිල්ලා
මළ ජූලියයි !!!
ලංකාවේ දේශපාලන කෞතුකාගාරයක් බලන්න ජූලි චංග් නෝනට ආස හිතෙන්න ඇති.
මෙයා ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගහන්නේ අද ඊයේ ඉඳලා නොවෙයි. ඉක්මන්ම තොලොංජි වෙලා ආපහු යනවා නම් ලංකාවට හොඳයි.
මෙම ආණ්ඩුව නවත්වන්නේ මෙයා..!