(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල සඳහන් කරමින් මැතිවරණ කොම්ෂන් සභාව විසින් අද ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය
මේ අනුව අපේක්ෂකයෙකුට ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැක්කේ රුපියල් 74 සහ 160 අතර මුදලකි.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 366 වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් මෙම මුදල ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
මැතිවරණවලදී ඡන්ද දායකයන්ට අල්ලස් හෝ තුටු පඬුරු දීමෙන් ඡන්ද ලබා ගැනීම වැළැක්වීම සඳහා කොමිසම සිය බලතල අනුව යමින් මෙම පියවර ගෙන ඇත.
මේ අතර පළාත් පාලන ඡන්ද විමසීමට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පසුගිය 24 වැනිදා ආරම්භ කෙරිණ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මැයි මස 6 වැනිදා පැවැත්වේ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පුංචි ඡන්දෙ වියදම් සීමා එළියට
ගුණරත්න Thursday, 27 March 2025 02:50 PM
ලංකාවේ ධනවත්ම පක්‍ෂයට නම් වියදම් සීමාවක් නැහැ, අනික ආණ්ඩුවම කෝටි 400ක් මිනිස්සුන්ට බෙදලා දෙන්න යනවා. කලින් ආණ්ඩුව ඔහොම වැඩක් කරන්න හැදුවා නම් නඩු 100ක් විතර වැටිලා තහනම් නියෝග නිකුත් කරලත් ඉවරයි.