
(අංජුල මහික වීරරත්න)
ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සහ ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාර වේලක් සාධාරණ මිලට ලබා ගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට රජය සැලසුම් කර තිබේ.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්ව දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද සහාය ලබා ගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වැනි දා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය.
මේ අතර දැනට පවත්වාගෙන යන ආපන ශාලාවල ප්‍රමිතිය ඉහළ නැංවීමේ වැඩසටහනක් මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද පැවැත්විණි.
ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
එමෙන්ම ආහාර ප්‍රමිතිකරණය සහ ගුණාත්මකභාවය සඳහා මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික ලෙස යෙදවීම මෙන්ම පාරිභෝගික ජනතාවට පෝෂ්‍යදායී සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් සැපයීම පිළිබඳ වෙළෙන්දන්ට ආකල්පමය පරිවර්තනයක් ඇති කිරීම සඳහා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන හරහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී විමසා බැලිණිග
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල බණ්ඩාර, ජනාධිපති අතිරේක ලේකම් එස්.පී.සී. සුගීෂ්වර මහත්වරුද, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ කොමියුනිස්ට් දරහැව ගැලවිලා නැහැ කියලා පේන්නේ මේවායින්, සල්ලි නැතිවාටද මේ තරම් සල්ලි පුච්චන්නේ? මේ රටේ සාමාන්‍ය පොඩි ව්‍යාපාරිකයින්ගේ බඩට ගසන්නැයි මේ හදන්නේ, ආණ්ඩුවේ කඩ කෙරුවාවෙන් ලාබ උපයන්නේ නැහැ. අඩු මිලට දෙන්න ගත්තාම අර පුංචි කඩවල් වැහිලා යනවා, ඒ මිනිස්සුන්ගේ රස්සා නැති වෙනවා. කරන්න ඕන අපිරිසිදු ආපන ශාලා තියෙනවා නම් ඒවාට දඩ ගසා ඔවුන්ට හොඳ සේවාවක් දෙන්න උදව් කරන එක මිසක් ඔවුන් රස්සාවක් නැති හිඟන්නුන් කරන එක නොවෙයි...!
තිබෙන හොරගුහා මදිවට තව හොර ගුහා ඇතිකරන්නද යන්නේ..? සුදු අලි රංචුවට තව සුදු අලි එකතු කරන්නද යන්නේ?
පිටකොටුවේ. කොටුවේ වගේ තැන්වල පිහිට වන්න කෑම කන්න පිරිසිදු කඩයක් නෑ.
මේ කියන්නේ දැනට විවිධ ස්ථානවල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන ආපනශාලා විය හැකියි. මේවා රජයේ ආයතන නෙමෙයි. ස්වයං කරන පිරිස් තමයි පවත්වාගෙන යන්නේ.
ඒක නම් බොහොම අදහසක් මොවුන්ගේ ගසා ගැන කියන්න දවසක් මදි,ගම්වල සිල්ලර කඩත් ඒ ටිකමයි.සේවක පඩි ඒසි නිසා විශාල ලයිට් බිල් මුකුත්ම නෑ ඒ වුණාට ලොකු මාකට් වලටත් වඩා ගනන් .හොටෙල් නමින් පවත්වාගෙන යන බත් කඩවල අපිරිසිදුකමටත් ලොකු දඩවලට යටත් කලයුතුයි ඕවා උයන ඔවුන් එකෙක්වත් වැසිකිළි ගිය පසු අත සබන් දාලා හෝදන්නේ නෑ,ඒකට පිරිසුදුකම ගැන කියලා දිය යුතුයි.ජනතාව හරියට සල්ලි දීලා කන්නේ ජරාව
ගුණරත්න උන්නැහේ ඔයා පසුගිය ආණ්ඩුව කාලේ හමුදාවෙන් දාපු සුපිරි හෝටල්වලට ගිහින් කෑවාද ? නෑනේ නෑනේ නෑනේ... ඒවා ආණ්ඩුවෙන් කලේ සුපිරි අයට විතරයි. ඔයා වගේ දෙකේ පන්තියේ යට බෑනේ බෑනේ බෑනේ නේද ලොක්ක. මේවා දාන්නේ පොඩි එවුන්ට. උදේ ඉදලා ඉන්ටෙර්නෙට් එකේ ලෝකේ හැම දෙයක්ම බලන ටී වී එක ඉස්සරහ හැම දෙයක්ම බලන අයට තවමත් බැරිනම් රටේ මිනිසුන්ට පිරිසිදු කාම ටිකක් දෙන්න ඒ කඩවල් වැහිලා ඒ මිනිස්සු වෙන රස්සාවක් කරන්න ඕනේ. දුර පළාත්වලින් නගරෙට විත් ජරාව කාල නගරයේ වැසිකිලි හොයමින් දුවනවා.
මේ කරන්න උත්සාහ ගන්නේ රටේ සෑම පුරවැසියෙක්ම නිරෝගීමත් ජාතියක් කරන්නයි .එහෙම නැතුව මුදලාලිව පෝසත් කරන්න නෙමේ. තේරෙනාද ගුණේ. මොකද අවූල් ද...
මේවට කියන්නෙ නොහැකියාව වහගන්න කරන ගොන් වැඩ කියල..ආණ්ඩුවෙන් රසවත් ගුණවත් ආහාර දෙන්න හැදුවොත් ඒ තැන් අපායවල් වෙයි මාස කීපයක් තුල.ගෙම්බො කැරපොත්තො ,හූනො ඉදීවි කෑමවල..ඒ තරමට ආන්ඩුවේ තැන් අපිරිසිදු
මේක හොඳ දෙයක්. ලංකාවේ ආපන ශාලා වලට කොයි තරම් දඩ ගැහුවත්, අවවාද කලත් ඉතාම අපිරිසිඳු තත්වයෙන් පවත්වාගෙන යන්නේ. කෙටි කලකට හෝ ජනතාවට සාධාරණ මිලකට හොඳ ආහාර වේලක් ලබා දෙන්ට කටයුතු කරොත්, අනිකුත් පුද්ගලික ආපන ශාලා බොහෝ විට ඒ අනුව හැඩ ගැසෙයි.
ආණ්ඩුව යහපත් චේතනාවෙන් ඕවා පටන් ගත්තත් රජයේ ආයතනයක් විදියට වැඩි කල් නොගොස් දූෂණය ට ගොදුරු වෙනවා,වැඩවර්ජන එනවා,අන්තිමේදී පාඩු පිට මහජන මුදල් නාස්ති කරන ආයතනයක් බවට පත් වෙනවා.ඒ නිසා හොදම දේ පෞද්ගලික අංශයට හොද කෑම ලබාදෙන විදියට නීති,වැටලීම් හරියට කරලා එයාලටම වැඩේ බාරදෙන්න.
හොඳ දෙයක් .සෑම ප්‍රධාන නගරයකම දාන්න ඕන .හැබැයි සාධාරණ මුදලකට
හොඳයි
මේ වගේ රටට බරක් වෙන මෝඩ ව්‍යාපෘති වෙනුවට හාල් වලට ගහන රුපියල් 65 බද්ද අඩුකරන්න බැරි ඇයි? මේවා දේශපාලන හෙංචයියන්ට රජයේ රස්සා දෙන්න කරන මගඩි.
හෝටල්වල ප්‍රමිතිය පරික්ෂා කරන්න .කුස්සිය වැසිකිළි සේවකයින් කුළුබඩු මිල ගණන් උපකරණ පළමුව මේවා ගැන හොයල බලන්න phiල ගැනත් බලන්න
ආහාර ප්‍රමිති කරණය සහ ගුණාත්මක භාවය පමණක් ප්‍රමාණවත් මදි. නියාමනය සඳහා විධිමත් සහ ශක්තිමත් යන්ත්‍රණයකට යටත් කර මෙරට තිබෙන ප්‍රතිපත්ති සහ සැලසුම් ප්‍රායෝගික (පාරිභෝගික අධිකාරියේ සහ PHI නිලධාරීන් සිදු කරන දූෂණ ක්‍රියා අවම වන) ලෙස යෙදවීම සිදු කළ යුතුයි.
මම හිතන්නේ පැරණි සෝවියට් දේශයේවත් මේ වගේ ගොන්පාට් තිබුනේ නැහැ
තවත් ගොං වැඩ ආරම්භ කරන්න එපා! ලංකාවේ රාඡ්‍ය ව්‍යාපාර අසාර්ථකයි! කරුණාකරලා ආපනශාලා සුපරික්ෂා කිරිමට නව නිති සහ රෙගුලාසි ඇතුළත් කරන්න! උදාහරණයක් ලෙස උණුසුම් කැම පොලිතින් ඇසුරුම්කරනය තහනම් කිරිම!
ඉතාමත් හොද අදහස් අද රට පුරා පවතින ආපනශාලා වල තත්වය ඉතා කනගාටුදායකයි. ආපනශාලා වල ඇතුලත බොහො අපිරිසිදුයි දුගන හමනවා, මැස්සන් පිරිලා සමහර සේවකයන්ගේ ඇදුම් කිලුටුයි, කිසිම ප්‍රසන්න බවක් නැහැ.බොහො මුළුතැන්ගෙවල් දැක්කම නරකාදිය මතක් වෙනවා, නාවර පෙරා ගත්ත අරක්කැමියන් දහදිය පෙරමින් කෑම පිසිනවා, ආහාර වල තත්වය ගැන කතා කරලා වැඩක් නැහැ. මිනිස්සුන්ට විකල්පයක් නැති නිසා එවැනි තැන්වලට යන්න සිද්ධ වෙලා.ඒ නිසා යහපත් පරිසරයක ගුණාත්මක ආහාර වේලක් ලබා ගන්න ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමේ මුලික පියවරක් හැටියට රජය විසින් ආපනශාලා විවෘත කිරීම ඉතා හොද පියවරක්. එ විට පෞද්ගලික ආපනශාලා හිමියන්ටද තමන්ගේ ආපනශාලා එලෙස පවත්වා ගෙන යාමට සිදුවනු ඇත. ගුණාත්මක හා පිරිසිදු ආහාර වේලක් ලබා ගැනිමට අකමැති පිරිස් වලට නරකාදිය වැනි හෝටල් ඉතිරි වනු ඇත.
රජයෙන් රජ කෑම.. අම්මපා කොච්චර හොඳද..
අනාගතය ගැන අනතුරුදායක ඉඟියක්ද? ආණ්ඩුව හැම තැනට අත පොවන්නද හදන්නෙ? කවදහරි ආණ්ඩුවෙ කඩයක් ඇරෙන්න කන්න තැනක් නැති වෙයිද? ඔක්කොටම වඩා ආණ්ඩුවට 'Clean Sri Lank' එකේ කරන්න වෙන දේවල් නැද්ද? කිව්වෙ නම් ' අපි හෝටල් දාන්නෙ නෑ, දාන ආයට උඔඅරිම සහයෝගය දෙනවා' කියල. සෞඛ්‍යාරක්ෂිත ආහාර ගන්න පුළුවන් වෙන්න ඕන කියන එක ගැන විවාදයක් නෑ. ඒක වැඩි කරගන්න විශේෂ වියදමක් නැතුවත් පුළුවන්. මිනිස්සුන්ගෙ හැදියාව/ආකල්ප වෙනස් වෙන්න ඕන. ආණ්ඩුවට කරන්න පුළුවන් නීති ක්‍රියාත්මක කරන එම සමාජයක් විදියට ඒ තැනට එනකම්. නැතුව කඩ දාන එක නෙමේ.
පෞද්ගලික ආපනශාලා නියාමනය කිරීම වඩාත්ම වැදගත්.රජය සිල්ලර මට්ටමේ වෙලඳාම කිරීම අනවශ්‍ය ක්‍රියාවක්.
මුන් මේ කපේට මේ රට හදන්නේ නෑ
ගෝටා ‘රකිනා ලංකා කේටරින්’ කියල රට පුරා දානකොට මෙතන කෙදිරිගාන කවුරැවත් හ්ම් කිව්වෙ නෑ.
හෝටල් දැම්මට කමක් නැහැ නමුත් ෆ්‍රයිඩ් රයිස්, ඩෙවල්, කොත්තු ජරාව නොදී නියම ගමේ කෑම දෙන්න…. රසය, ගුණය සහ පිරිසිදු කම අංක එක විය යුතුයි….
රට හරි අතට ගමන් කරන බව ඉවෙන් වගේ දැනුණ අය කළබල වෙලා විකාර කියවනවා. සමහරුන්ට අනුව ආණ්ඩුවට ව්‍යාපාර කරන්න බැහැ කියලා කියවනවා. ඒ තමන්ගේ නායකයෝ රාජ්‍ය ව්‍යාපාරවලින් හොරා කාලා කොමිස් ගහලා ඒවායේ දේපොළ අවභාවිතා කරලා තමන්ගේ හෙංචයියන්ගෙන් ඒවා පුරවලා ඒ ආයතන විනාශ කළ අතීතය සිහිපත් කරගෙන විය යුතුයි. නමුත් ජාතික ජනබල වේගය යටතේ අද පාලනය වන සමුපකාර ඒ ප්‍රදේශවල ජනතාවට සහන මිලට භාන්ඩ සපයමින් වගේම ලාබ ලබමින් දියුණුවෙන් දියුණුවට පත් වෙමින් සාර්ථකව ක්‍රියාත්මක වෙන බව මේ මහත්වරුන්ට සිහිපත් කළ යුතුයි. ඒ වගේම සමහරුන් සමාජවාදී බිල්ලෙක් මවන්න උත්සාහ කරනවා. එහෙම නම් මුලින්ම කරන්න ඕනෑ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය සේවය වගේ සමාජවාදයේ මුල්ගල් වගේ තියෙන ඒවාත් අහෝසියි කරලා සියල්ල පුද්ගලික අංශයට පවරලා ආණ්ඩුව ඇත්තන්ට ජනතා මුදලින් කාලා බීලා පවුල් පිටින් රට සවාරි යමින් සැපසේ ජීවත් වෙයල්ලා කියලා වෙන්න ඇති.. මෙහෙම කියන්නේ...
පෙනෙළ කැඳත් දෙන්න. මිනිස්සු හොර පූසෝ වගේ පොලිමේ එයි. ලංකාවේ මිනිස්සු මෝල් අමාරුව හදාගන්න හරිම ආසයි..!
අනවශ්‍ය වැඩක්. මතකද සිරිමා බණ්ඩාරනායක කාලේ බුහාරි හෝටලේත් ආණ්ඩුවට අරගෙන කරගෙන ගියේ...
ගුණරත්න, යෝගා…., එතකොට පොඩි කඩ වැසෙයි කියලා, ඔහෙලගේ ආණ්ඩු කාලේ කාබාසිනියා කළ සතොස සහ සමූපකාරත් දියුණු කරන්න එපාද?
රයිස් දාන අයියා ළමයා ගන්න ඉස්කොලේ ළඟට ගියා පැයකින් එන්න...