IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


රණවිරුවන්ට සම්බාධක පැනවීම ගැන ආණ්ඩුවෙන් ‘පතෝල’ පිළිතුරක්

(යොහාන් භාසුර)

බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම සම්බන්ධයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා දී ඇති පිළිතුර ‘පතෝල’ පිළිතුරක් ලෙස දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (27) පැවසීය.

පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මුලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එම පක්ෂයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.

බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන්ට පැනවූ තහනම පිළිබඳ කල්මරමින් හිටි ආණ්ඩුව වෙනුවෙන් විදෙස් ඇමති විජිත හේරත් මැතිතුමා ප්‍රතිචාර දක්වා ඇති බවත් එම ප්‍රතිචාරය ගුණත් නැති අගුණත් නැති පතෝල ප්‍රතිචාරයක් බවත් ගම්මන්පිල මහතා කීය.

එය බ්‍රිතාන්‍ය කලේ ඒකපාර්ශවීය තීරණයක් යැයි ආණ්ඩුව පවසන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ කතා කර හවුලේ ගත්තු තීරණයක් යැයි ඒ ප්‍රකාශයේ සඳහන්ව නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මෙම තීන්දුව නිසා ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාවලිය තවදුරටත් ව්‍යාකූල වන්නේ යැයි විදේශ ඇමතිතුමාගේ ප්‍රකාශය සහතික ඇත්ත බව කී ගම්මන්පිල මහතා බ්‍රිතාන්‍ය මෙරට රණවිරුවන්ට බරපතල චෝදනාවකින් දමලා ගහද්දි ආණ්ඩුවෙන් මීට වඩා ප්‍රබල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වූ බව ද සඳහන් කළේය.

 



අදහස් (19)

රණවිරුවන්ට සම්බාධක පැනවීම ගැන ආණ්ඩුවෙන් ‘පතෝල’ පිළිතුරක්

පුරවැසියා Thursday, 27 March 2025 04:47 PM

අවදාන හිඟන්නා...

:       9       28

Asela Thursday, 27 March 2025 05:12 PM

අදක්ෂ හා මොන්ටිසෝරි දේශපාලනඥයින් නායකත්වය දෙන වැඩකට නැති ආණ්ඩුවකින් ඔබට තවත් කුමක් බලාපොරොත්තු විය හැකිද? තවත් ඉදිරියට එනු ඇත..!

:       46       14

The Three Idiots Friday, 28 March 2025 10:07 AM

උසස් පෙළ තත්ත්වෙ අය කරල ගිය හරිය මදිද?

:       0       5

කෞෂි Thursday, 27 March 2025 05:34 PM

මේ මමත් ඉන්නවා. මටත් අවධානෙ ටිකක් දෙන්න. මම සිහල උරුමය, හෙල උරුමය, පිවිතුරු හෙල උරුමය ඔක්කෝම කෑවා. දැන් මම පිවිතුරු හෙල කරුමයක්...

:       10       41

රම්බොඩ Thursday, 27 March 2025 05:34 PM

මේ වගේ ආණ්ඩුවකින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑනේ... යුද්ධය ඉවර කරනකම්ම කකුලෙන් ඇද්ද අයනේ ඔය...!

:       39       18

Duminda Udayakumara Thursday, 27 March 2025 05:40 PM

මෙයාට මස් කට්ටක් හම්බවෙලා...

:       8       38

හෙළ කරුමේ Thursday, 27 March 2025 05:50 PM

තමුන්ට බැරියැ මහ කොමසාරිස් කාර්‍යාලය ඉස්සරහට ගිහින් උද්ගෝෂණයක් කරන්න. එහෙම නැත්නම් සන්දේශයක් බාර දෙන්න. සපෝට් එකට වංශත් ඉන්නේ?

:       7       39

B Amarasinghe Thursday, 27 March 2025 06:01 PM

2022 ඇමරිකාව ශවේන්ද්‍රට ඔය සම්භාධකම පැනෙව්වා. එතකොට මහින්ද අගමැති. ගෝඨා ජනපති. ඒ ගොල්ලෝ ගත්තු පියවරයි, මේ ආණ්ඩුව ගත්තු පියවරවල්වල වෙනසක් නෑ. එතකොට මෙයා ඇමැති. එතකොටත් මෙහෙම සද්ද නැගුවාද? මොකද එතකොට ඇමරිකන් තානාපතිව කැඳවලා ප්‍රශ්න කළාවත්ද?

:       7       47

ලූට මූස්Thursday, 27 March 2025 07:04 PM

අමරසිංහ මහත්තයා, අපි දන්නේ නැතිවුණාට මයිනා මෙයාවත් පිටේ තියාගෙන ඇමෙරිකාවට පියාඹලා ගිහිං එහේ ජනාධිපතියට කණට දෙකක් ගහලයි ආවේ...!

:       6       30

පොඩිඑකා Thursday, 27 March 2025 07:02 PM

කියන්නකෝ බලන්න එහෙනම් ඔහෙගේ වැටකොලු පිළිතුර මොකක්ද කියලා…!

:       7       33

SIRI Thursday, 27 March 2025 07:02 PM

සම්බාධක පනවලා තියෙන්නේ යුද්ධ කරපු නිසාද? අපරාධ කරපු නිසාද? යුද්ධයක් කරපු නිසා අපරාධ කරන්න ලයිසන් එකක් ලැබෙනවාද අප්පා? සමහරු යුද්ධයේ මුවාවෙන් රටේ සම්පත් සේරම වගේ සුද්ධ කරලා දැන් සුදනෝ වගේ වැජඹෙන්නේ. නැද්ද මන් අහන්නේ?

:       10       31

රුවන් Thursday, 27 March 2025 08:31 PM

මෙයා දෙහිවල ඇන්ඩසන් පාරේ කුලියට ඉද්දී අපිත් සල්ලි දුන්නා පව් දුප්පත් මනුස්සයා ඇල් වතුරක් නිවාලා බොන්නේ කියලා. අවුරුදු 2-3න් මෙයාගේ නෑයින්ටත් කොළඹ ගෙවල්. කොහොමද මෙහෙම වුනේ? කැට හොලවපු මනුස්සයා ව්‍යාපාරයක් නොකර කෝටිපතියෙක් වුනේ කොහොමද? එන්.ජී.ඕ සල්ලි ද? හොරකම් කරපුවද?

:       7       17

හසකThursday, 27 March 2025 08:59 PM

මටත් මතකයි පුංචි රුපියල් සීයක් ඉල්ලුවා මොකක්ද මැතිවරණයකට තරඟ කරන්න. හොරු ගිහින් එකතු වෙන්නෙ ඉතිං වෙන කාටද ...

:       0       1

Srinath Thursday, 27 March 2025 09:18 PM

රණවිරුවෝ කියන නමට මුවාවෙලා ගොඩක් හොරු, අපරාධකාරයෝ ඉන්නවා..4 දෙනෙක් කියන්නේ ජාතියක්, රටක් නොවෙයි...

:       0       1

Dhayalan Friday, 28 March 2025 08:37 AM

රණවිරුවන්ට සම්බාධක පැනවීම අද ඊයේ සිදුවුවාවක් නොවේ. උඹලා ආණ්ඩු කරන කාලෙත් එක එක රටවල් රණවිරුවන්ට සම්බාධක පනවන ලදී. එතකොට උඹලා කොහොද හිටියේ. දේශපාලනයෙන් බංකලොත් වෙලා රෙදි නැතිව ඉන්න උඹලා දැන් රණවිරුවන්ගේ කරේ එල්ලිලා හරි ගොඩ යන්න දගලනවා. උඹලාගේ කපටිකම් වලට මිනිස්සු රැවටිච්ච කාලය ඉවරයි. නැතිනම් උඹලා අදටත් පාර්ලිමේන්තුවේ

:       1       2

අරවින්ද මොණරවිල Friday, 28 March 2025 10:52 AM

ඔයාට ඕන පිලිතුරු දෙන්න නොවෙයි අනුර කුමාරව අපි ජනාධිපති කෙරුවේ කියලා ඉස්සර වෙලාම ඔයා මතක තියාගන්න. දෙවනුව ඔයාලා ආණ්ඩු කරන කාලයේ ඇමරිකාව ඔය පිරිසට සම්බාධක දාන විට ඔයා සහ ඔයාගේ නායකයෝ හැසිරුණ හැටි මතක් කර ගන්න. නිකං බොරු පද දාලා දැන් ජනතාව රවටන්න බැහැ කියලා තෙවනුව ඔයාට මතක් කරලා දෙන්න කැමතියි.

:       2       4

මරදානෙ චොප්පෙ Friday, 28 March 2025 05:04 PM

හරි, හරි මස්සිනා, දැන් ඔය පුස් ටෝක් නවත්තලා, අපේ අනුර සහෝට විරුද්ධව ගේනවයි කියපු විශ්වාස භංගය ගෙනාවා නම්...!

:       0       2

Nawin Saturday, 29 March 2025 12:27 AM

කුහක ජෙප්පන් කියන්නේ ඒකනේ. රටට මොනවා හරි වෙද්දී, ඔවුන් හිතන්නේ මහින්දට රිද්දන්න. ලංකාව පාවලා දෙන එකයි, මහින්දට ගේම දෙන එකයි දෙකක්...

:       1       0

Udumbara Saturday, 29 March 2025 06:59 AM

නිවට ආණ්ඩුවලට තියෙන්නේ පතෝල පිළිතුරු තමයි. බලය වෙනුවෙන් මව්බිම පාවලා දෙන අය...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 634 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site