මාංචු සමඟ සැකකරු පැන ගිහින් හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අධිකරණයට ඉදිරිපත් කර අත්විලංගු යොදා ත්‍රිරෝද රථයකින් ගාල්ල පොලිසියට රැගෙන ඒමේදී එක් සැකකරුවකු අනෙක් සැකකරුගේ අතට දමා තිබූ මාංචු ඇද ගලවා මාංචු කුට්ටම සමග ඊයේ (29) පලාගොස් ඇතිබව ගාල්ල පොලිසිය පවසයි. 30 January 2025
සිලින්ඩර මන්ත්‍රිවරු රනිල් හමු වෙති නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ (ගෑස් සිලින්ඩරය ) නියෝජනය කරමින් පහුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී තරග වැදුණු අපේක්ෂකයන් සහ හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද (30) දින සවස කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළොවත්ත මහතා පැවසීය. 30 January 2025
මාදිවෙල මන්ත්‍රී නිවාසවල කුලිය යළි තක්සේරුවට යයි ‘පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස පිහිටි මාදිවෙල නිවාස සංකීර්ණයේ නිවසක් සඳහා මාසිකව අයකරන්නේ රුපියල් 2000 ක් පමණයි. රජයේ ප්‍රතිපත්තිය නැවත තක්සේරු කිරීම නම් එම නිවාසද නැවත තක්සේරු කර නියමිත කුලිය අය කිරීම කල යුතුයි‘ යැයි පොදුජන අයිතීන් සුරැකීමේ වෘත්තීය එකමුතුවේ ප්‍රධාන ලේකම් නීතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද (30) දින පැවසීය 30 January 2025
බඹරු ඇන පාසල් ළමුන් ඇතුලු 15 ක් රෝහලට කිලිනොච්චිය, කන්නකිපුරම් ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි ගස් කිහිපයක බැඳ තිබූ ඹඹර කූඩු ඇවිස්සීමෙන් මාර්ගයේ ගමන්ගත් පාසල් ළමුන් ඇතුලු 15 දෙනෙකුට දෂ්ඨ කිරීම නිසා ඔවුන් ධර්මපුරම් මූලික රෝහලට අද (29) ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 30 January 2025
ලංගම වැඩබලන සභාපති කපිල සී .කේ. පෙරේරා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිව සිටි රමාල් සිරිවර්ධන මහතා ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරේ වැඩබැලීම සදහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී .කේ. පෙරේරා මහතා පත් කර තිබේ. 30 January 2025
පෝලන්ත සංචාරකයන් පිළිගැනීමේ නිලධාරිනිය නාවලා වාද්දුව තරු පන්තියේ හෝටලයක පෝලන්ත ජාතිකයින් පිරිසක් පිහිනුම් තටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පලකල පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තටාකයට දමා ඇතැයි පොලිසිය කියයි. 30 January 2025
වැවට පැන්න දෙදරු පියා ගිලී මරුට කිලිනොච්චිය පෙරියකුලම් වැවේ දියේ ගිලීමෙන් දෙදරු පියෙකු ඊයේ (29) දින මිය ගොස් ඇතැයි කිලිනොච්චිය පොලීසිය පැවසීය. 30 January 2025
ඇමෙරිකන් යානයක් හෙලිකොප්ටරයක හැපිලා ඇමෙරිකන් එයාර් ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සහ ඇමෙරිකන් හමුදාවට අයත් ‘බ්ලැක්හෝක්’ වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ඊයේ (29) රාත්‍රියේ පියාසර කරමින් තිබියදී එකිනෙක ගැටී අනතුරක් සිදුවිය. 30 January 2025
පාර්ලිමේන්තුව අවට සම්බාහන මධ්‍යස්ථාන වටලා 23 ක් අත්අඩංගුවට සිදුකළ විශේෂ මෙහෙයුමකදී පිළිගත් ආයුර්වේද සම්බාහන ආයතන මුවාවෙන් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මුදලට කාන්තාවන් සපයන ස්ථාන හයක් වටලා කාන්තාවන් විසි දෙනෙකු ඇතුළු පුද්ගලයන් 33 ක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 30 January 2025
කට පුංචා පත්තු නොවීමෙන් වෙඩික්කරුවෝ පැනයති යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම කොස්ගොඩ මහා ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසකට අවස්ථා දෙකකදී වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පලා ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 30 January 2025
පළාත් කිහිපයකට තරමක වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 January 2025
රිලා පාටියක් මහනුවර හෝටලයකට කඩා වැදුණු රිලව් රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි. 29 January 2025
මාවෙයි සේනාධිරාජා මිය යයි දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සුලු මොහාතකය පෙර අභාවප්‍රාප්ත වෙයි 29 January 2025
දඬුවමට එරෙහි ප්‍රසන්නගේ ඇපෑල ජූනි විභාගයට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 6 1/2ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට දුන් දඬුවම් ඉවතදමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ජුනි 05,13 සහ 16 දිනවල විභාගයට ගැනීමට පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) තීරණය කළේය. 29 January 2025
මහජන ආරක්ෂක ඇමතිවරයා මහජන දිනයේ බරටම වැඩ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මහජන දිනය මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගගත ක්‍රමයට එම අමාත්‍යංශයේදී අද (29) පැවැත්විණ. 29 January 2025
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ වාර්තාව ජනපතිට හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත්කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 29 January 2025
අනුරගේ ලේකම්ට සල්ලි දුන් ඛනිජ තෙල් මූල්‍ය කළමනාකරුට ඇප හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ බිරිඳ හා පෞද්ගලික ලේකම්වරියගේ ඉල්ලීම පරිදි පන්නල ඊරියගොල්ල ජනතාවට වියළි ආහාර මලු බෙදා දීමේ වැඩසටහනට ප්‍රතිපාදන ලබා දී රාජ්‍ය දේපළ අවභාවිතයට ආධාර අනුබල දුන්නේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඛනිජ තෙල් සංස්ථාවේ මුල්‍ය කළමණාකරණ අධ්යක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවල මහතා අද(29) නියෝග කළේය. 29 January 2025
ත්‍රීරෝද රථ රියදුරු හප්පා තුවාල කළ කොස්තාපල් අත්අඩංගුවට පොලිස් ජීප් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ දී ත්‍රී රෝද රථයක හප්පා එහි රියදුරුට තුවාල සිදු කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. 29 January 2025
වින්සන් කන්ද තරණය කළ යොහාන් පීරිස් ඉතිහාස ගත වෙයි යොහාන් පීරිස් ඇන්ටාක්ටිකාවේ උසම කන්ද වන මීටර් 4,892ක උසකින් යුතු වින්සන් කන්ද සාර්ථකව තරණය කරමින් එම කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස පසුගියදා ඉතිහාස ගත වූවාය. 29 January 2025
වායු ගුණත්වයේ අහිතකර මට්ටම හෙට සිට පහව යන ලකුණු දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වයේ මේ දිනවල පවතින අහිතකර මට්ටම හෙට(30) දිනයේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 29 January 2025
මහින්ද යළි කෙළින් කළෙ අනුර අනුර-හරිනි ආණ්ඩුව රනිල්ගෙ අනුප්‍රාප්තිකයා වී ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 29 January 2025
කථානායක- ඇමරිකා තානාපති හමුවක් ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු විය. 29 January 2025
බහාලුම් 2000 ක් තවමත් හිරවෙලා ආනයනික බහලුම් නිෂ්කාශනය කිරීම තව දුරටත් ප්‍රමාදවීම හේතුවෙන් ඔරුගොඩවත්ත රේගු බහලුම් අංගනයේ සහ එම මාර්ගයේ බහලුම් රථ පෝලිම අද (29) පස්වරුවේ ද දැකගත හැ 29 January 2025
ඕන මිලකට වී ගන්න- හාල් මිලේ වෙනසක් කරන්නේ නෑ ඕනෑම කෙනකුට ඕනෑම වැඩි මිලකට වී මිලදී ගන්න හැකියාව තිබෙන නමුත් දැනට රජය ගැසට් කර තිබෙන සහල් පාලන මිල කිසි ලෙසකින් වත් වෙනස් නොකරන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පැවසීය. 29 January 2025
පෙම්වතුන්ගේ කෝටි එකහමාරක කොල්ලය අතේ මාට්ටු ඔන්ලයින් ක්‍රීඩා සදහා ඇබ්බැහිවී තම පෙම්වතා සමග එක්ව තමන්ගේම නිවෙසේ තිබූ එක්කෝටි පනස්ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පවුම් 56 ක රන්බඩු සහ රුපියල් ලක්ෂ 2 ක මුදලක් සැලසුම් සහගතව කොල්ලකෑ තරුණියක සහ ඇගේ පෙම්වතා අද (29) අත්අඩංගුවට ගත් බව එඩෙරමුල්ල පොලිසිය පවසයි. 29 January 2025
මිනී මැරීමට තැත් කළ චෝදනාවෙන් හරක් කටා මුදාහරියි මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ මහතා අද (29) නියෝග කළේය. 29 January 2025
වික්‍රමාරච්චි සිසුවෝ පාරට බසිති ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයට අයත් දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨයේ අධ්‍යන කටයුතු සදහා අවශ්‍ය මූලික පහසුකම් ප්‍රමාණයවත් සපුරාලීමට විශ්ව විද්‍යාල පරිපාලනය හා රාජ්‍ය පරිපාලනය අපොහොසත් වීමට එරෙහිව විරෝධය පළ කරමින් අද සවස එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කෙරිණි. 29 January 2025
අර්චුනා අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා රාමනාදන් මහත අද (29) දින යපනයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 January 2025
ලංගම සභාපති ඉල්ලා අස්වේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. 29 January 2025
එකලස් කරන ලද ජීප් රියක් රත්නපුරදී සොයා ගනී රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයෙකු පරිහරණය කළ බවට සැක නීති විරෝධීව එකලස් කරන ලද රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී ජීප් රථයක් භාරයට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත. 29 January 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026