(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් "හරක් කටා” දැඩි ආරක්ෂාවක් යටතේ මාතර අධිකරණයේ විභාග වන නඩුවක් සදහා ඉදිරිපත් කිරීමට අද රැගෙන ආවේය.
ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රස්ත විමර්ශන ඒකකය, විශේෂ කාර්යාංශය හා රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු නිලධාරීන් සියයකට වැඩි පිරීසක් රාජකාරීවල යොදවා තිබූණි.
2018 වසරේ මාර්තු මස 11 වන දින වැලීගම දී ජීව බෝම්බයක් සහ හෙරොයින් ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 600ක් සමග වැලිගම පොලිස් වසමේදි “හරක් කටා” පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබු අතර ඊට අදාල නඩුවට ඔහු අධිකරණයට ඉදිරීපත් කළේය.
එම නඩුව කැඳවන අවස්ථාවේදී අධිකරණ ශාලාවේ සිටි සිවිල් ජනතාව හා අනකුත් සියලු දෙනා ඉවත්කොට විශේෂ ආරක්ෂාව යටතේ අදාල නඩුව විභාගයට ගත්තේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හරක් කටා මාතර අධිකරණයට
dds Wednesday, 26 March 2025 08:31 PM
රජයේ මුදල් නාස්ති නොකර ඔය නඩු ඉක්මනින් අහල ඉවරකරන්න. මේ සමාජ විරෝධීන්ගේ ආරක්ෂාවට අපරාදෙ මෙහෙම වැයකරන්නේ.
Perera Wednesday, 26 March 2025 10:58 PM
කලකට ඉහතදී ප්‍රභූ අපරාධකාරයෙන් ගමන් බිමන් ගියේ මෙහෙමයි, දැන් අපරාධකාරයෙන් උසාවි එන්නේ මෙහෙමයි.
සිවිල් ජනතාව Thursday, 27 March 2025 09:02 AM
පසුගිය දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ දළුලා වැඩුණු මේ පාතාල කෙරුවාව, තනිකරම විකාරයක් වෙලා. වත්මන් රජයට ඉක්මණින් ඇස් ඇරේවා.
Kamal Koyrala Thursday, 27 March 2025 11:40 AM
ගනේමුල්ල ගේම් එක පැහැදිලියි .හරක් කටත් එහෙමයි .කෝ දැන් සූම් එකෙන් නඩු අහනවා කීවා නේද ?
Suneth Thursday, 27 March 2025 03:09 PM
මොන අවස්ථාවලදීද අධිකරණයේ පෙනී සිටීම අනිවාර්යය කියල දැනගත්තනම් ඕක ලියන්නේ නැහැ.