
(මොහොමඩ් ආසික්)
කෘෂිකාර්මික වගාවට බරපතළ ලෙස හානි සිදු කරන රිළවුන් ආරක්ෂිතව අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 100 ක මුදලත් ලබා දීමට මධ්‍යම පළාත් සභාව ඉදිරිපත්ව සිටියි.
මෙරට ගොවිතැනට විශාල හානි සිදු කරන රිළා උවදුර මැඩීම සඳහා වත්මන් රජය විවිධ යෝජනා ඉදිරිපත් කළ අතර එහි එක් පියවරක් ලෙස වන සතුන් ගණනය කිරිමද පසුගියදා සිදු විය.
කෙසේ නමුත් රිළවුන්ගෙන් වගාවන්ට සිදු වන හානි වැළැක්වීම සඳහා රිළවුන් අල්ලා දූපතක කොටු කිරීමේ නියමු ව්‍යාපෘතියක් මහනුවර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට කෘෂිකර්ම පශු සම්පත් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය මාසයේ පැවැති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදී තීරණය කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැඩේ නම් නරක නෑ...
වෙන රටවල එක සතුන්ගේ මස් කනවා වාගේ ලංකාවෙත් රිලාමස් කන්න නීතීයෙන් අවසර දීලා තිබුණා නම්.. වැඩි දෙනෙක් රිලා මස් දඩයමේ යාවි...!
මේ ගැන නාහෙන් අඬන සත්ව සංවිධාන වලට පුළුවන් රිලවුන්ට කෑම සැපයීම කරන්න.
අඩුම තරමේ උන්ව බඩගින්නේ තියාගෙන මරන්නේ නැතුව මරලා දාන්න. උතුම් බෞද්ධ ජාතියක්!
අයියෝ දෙවියනේ මුන් වගේ මරි මොට්ට මීහරක්, ඔය මුදල් යොදවල දූපත සංචාරකයන්ට සුදුසු පරිදි සකස් කරන්න, රිලවු ටික මරා දමන්න.
උං අතරෙ කොමිස්කාර, පගාකාර, දේසපාලුවො නැති නිසා උං අපිට වඩා වේගෙන් පරිනාමය වෙලා, අවංක නායකයෙක් බිහිවෙලා, අනාගතේ දවසක අපේ රට ආක්‍රමනය කරලා යටත්කරගන්නත් බැරි නෑ බොලල්ලා. එදාට අද මම මෙහෙම කිව්ව බව මතක්කරපල්ලා…..!
අනේ අර දශක හතක් තිස්සේ රට කාපු හොර හැත්තට කඩේයන බත්කන හරක් ටිකත් මේ ගමන්ම ඒ දුපතට ගෙනිහින් දාන්න ආයුබෝවන්ඩ. උන් ටික වෙලාවක්, කලාවක් නැතිව මෙතන වැලලෙන්නේ රෙදිත් නැතිව. ඕන් මතක ඇතිව දුපතට යන්න කලියෙන්, මගෙන් බත්කටක් කාල යන්ඩ එන්න ඕන...
තව කෝටි දෙසීයක් වෙන් කරන්න. රිලවුන් සමඟ යවන්න නාකි හොර නඩේව.
රිළවුන්ගෙන් තොර ලොවක් මාලිමාවට නැත.
කොහොමට තියේවිද! වෙනද නෑම්බියෙක් හොයා ගන්න හෙන ගේමක් දෙන්න ඔ්නා. දැන් අන්තක්පුරයම එකම අයිලන්ඩ් එකකට ගෙනැල්ලා... පිස්සු හැදෙනවා! නියම ආණ්ඩුවක්නේ! පීනලා ගොඩ යන්න පුලුවන් අය අපි අතර ඉන්න බව මේ අය දන්නෙ නැතිව ඇති. එනිවේ, වෙල් ඩන් මයි බිලවුඩ් කිංග් ඇන්ඩ් පිස්සු කොර මන්ත්‍රී ඇමති අය්යලා අක්කලා, වර්ග වෙන්නෙ එක්ස්පොනෙන්ෂියල් ග්‍රෝත් එකෙන්. දවසක අර ජාතක කතා වල තියෙනවා වගේ දස දහස් ගණන් වදුරන් රිලවුන් බිහි කරන්නට පදනම දැම්මාට අපේ ජාතියෙන් හද පිරි මෙව්වා එක!
ඒ දුපතේ ජනපති ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස ඉල්ලා සිටිනවා.
සත්තු අහිංසකයි තමා. ඒ උනාට මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වල කිසිම වගාවක් කරගන්න විදියක් නැහැ. රිළව්, වදුරෝ එක් පැත්තකින්, ඉත්තෑවෝ පොල් පැලයක් හදාගන්නවත්, තේ වගාවේ ගිනිසිරිය කණුවක් හදාගන්නවත්, මොකුත් කරගන්න බැහැ. අනෙක් අතෙන් ඌරො මොනවා හරි පලියක් කරන්නේ නැත්තම්, වගාවන් අත්හැරිය යුතු වෙනවා.
මොන ක්‍රමේකින් හරි ආරම්භයක් ගමු මේ කරුමේ ඉවරකරන්ට ,