
(නිමල කොඩිතුවක්කු)
කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්, අමාත්‍යවරුන්ට හිමි වැටුප් සහ ඉන්ධන දීමනාව ලබා නොගැනිමට තීරණය කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් ලබා ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වැටුප පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙවේදීන් කළ විමසීමකදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේද පැවසීය.
“අමාත්‍යවරුන් තමන්ගේ අමාත්‍ය වැටුප නොගැනීමට අපි තීන්දුවක් ගත්තා. ඒ වගේම මන්ත්‍රීවරුන් හැටියට අමාත්‍යවරුන්ට ලැබෙන ඉන්ධන දීමනාව ගන්නේ නැහැ කියලා අපි තීරණයක් ගත්තා. ඒ දෙකම ලබාදෙන්න කියන එක තමයි පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය බවට පත්ව තිබෙන්නේ.
මන්ත්‍රීවරයාට ලැබෙන දිමනාවේ ඉන්ධන දීමවනාවක් තිබෙනවා. අමාත්‍යවරයාටත් වැටුපට අමතරව ඉන්ධන දීමනාවකුත් ලැබෙනවා. අපි මේ ගැන දැන ගන්න විට මාස කිහිපයක් ගත වෙලා තිබුණා. ඒ අනුව මන්ත්‍රීවරයාට හිමි ඉන්ධන දීමනාවත් ඇමති වැටුපත් නොගෙන සිටීමට අපි ආණ්ඩුවට විදියට තීණ්දුවක් ගත්තා.
COMMENTS
ඉතා හොඳ ආදර්ශයක්. ඔබ තුමාලගේ වගකීම් සහ රාජකාරි නොපිරිහෙලා කාර්යක්ෂමව සහ අවංකව ඉටු කිරීමට අවශ්‍ය දෑ ලබා ගත්තට රට ගැන හිතන ද්වේෂය නොමැති පුරවැසියන් කිසිත් කියන්නේ නැහැ.
අගය කරනවා මන්ත්‍රීවරයකු ලබන (හෝ හිමි) දීමනා සේරම එලිකරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.දුරකථන , මුද්දර , රැස්වීම් ව්ලාට සහභාගිවන දින ගණන අනුව වගේ ගොඩක් ඇතිනේ
අනේ මන්දා, පුදුමයි! ජීවතුන් අතර ඉන්නවා. ඔක්කොම අත අරින්නවා. අපිට හරි ආදරෙයි!
එතකොට ඉස්සර බුලත් කාපු කෙනාට වගේ ලක්ෂ ගානක ඉන්ධන යන්නේ නැද්ද?
පුංචි ඡන්දෙට සෑහෙන්න බය වෙලා වගේ. මන්ත්‍රී වැටුප පක්‍ෂ අරමුදලට යනවා නම් ඇමති වැටුප් දීමනා ගන්නෙත් නැත්නම් මේ අයව නඩත්තු කරන්නේ කවුද? දූෂිත ව්‍යාපාරිකයෝද, කොටි ඩයස්‌පෝරාවද, සමහර තානාපති කාර්යාලද? මේවා හොයන්න වෙනම කොමිසමක් දාන්න වෙයි.
නිලධාරීන් විවිධාකාරයෙන් ගසා කද්දී ඔය කරන වැඩ තේරුමක් නැති සිඟිති ආතල්!
මහත්තයෝ ඔයවගේ සිල්ලර කාරණා වලින් රටක් ගොඩදාන්න බැහැ. ඕනෑම කෙනෙකුට තෘප්තිමත් වැටුපක් හා දීමනා නොලැබේ නම් ඔහුගෙන් ඉටුවියයුතු දේ හරිහැටි ඉටුවන්නේ නැහැ . ඒක ඔය 159ටත් අදාලයි . ඔයවගේ ලාභ වැඩවලින් සතුටුකල හැක්කේ ගැලරිය පමණයි . අපේ රටේ GDP එක බිලියන 100 ට ආසන්න අගයකයි තියෙන්නේ . ඔන්න ඕක බිලියන 300 ක් 400 ක් වගේ අගයකට ගෙනයන සාර්ථක වැඩපිළිවෙලක් තමයි අපේ රටට ඕනකරන්නේ . ඒක ඔහෙලට කරන්න බැරි බව දැන් හොඳින් පෙනෙනවා.
NPP එකේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් 50% ගත්තොත් හොඳද? මොකද ඔයාලා කිව්වෙ මේක සමාජ සේවයක් කියලා නේද? අපි නම් චන්දෙට කලින් හිතුවෙ ඔයාලා වැටුප ගන්නේ නැහැ කියලා අපේ භාණ්ඩාගාරයෙන් . දැන් NPP ගිණුමකට දාගන්නවා. ඒක මෝඩ මදි නේද?
ඉතින් අපට පාන් ද? ඕනේ නැත්නම් නොගෙන ඉන්න. නිකම්මු අපි රවට්ටන්න පඩි ගන්නේ නැහැ තෙල් ගන්නේ නැහැ කියල දේශනා කරන්න පටන් අරගෙන. කිසිම වැඩක් නොකර කතා පවත්වමින් කාලේ කා දමන උන් පැට්‍රල් ටිකකින් ඉතුරු කරනවාට වඩා රටට වැඩ කරන මිනිහෙක් අපට හොඳයි, එහෙම එකෙක්ට මාසෙට කෝටියක් පඩි දුන්නත් පාඩු නැහැ.
හොඳයි, අපේ රටේ ඉන්නේ කොච්චර පොහොසත් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පිරිසක්ද? ඔවුන් 87 - 89 කාල පරිච්ඡේදයේ කොල්ල කෑ මුදල් ඔවුන්ගේ ජීවනෝපාය සඳහා වියදම් කිරීමට බෙදා ගන්නවා ඇති. ඒ වගේම ඩයස්පෝරාව ඔවුන්ට ජීවන දීමනා ද ලබා දෙනවා නිසැකයි.
හාමුලා ලක්ෂ ගණනින් වරප්‍රසාද ගන්නකොට මෙතන කහින එක කාලකන්නියෙක් කතා කලේ නෑ. මේ වගේ අපතයන්.
මේ මාලිමා මන්ත්‍රීලා කියන්නෙම බොරු, ඕවා පිලිගන්නේ ඒ අයගේ මෝඩ අනුගාමිකයන් විතරයි
වැඩ බැරි නිකමුන්ට පඩිත් එපා දීමනාත් එපා.
මොන දේ කලත් හොරු අදරේ හොරූන්ටමය. මාර වැඩේ ලංකාවට උනේ...
වැඩක් කරන්නේ නැතුව ඒවා ගන්න බැරුව ඇති...