හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක් මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය . 21 October 2024
බිත්තර හැංඟුවොත් වැඩ වරදී බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 21 October 2024
අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද (21) සිට පියවර ගත්තේය. 21 October 2024
මහින්ද වාහන තුනක් බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාවිච්චි කළ වාහන තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට අද (21) භාර දුන්නේය. 21 October 2024
මහ මැතිවරණ ගැසට්ටුවට එරෙහිව පෙත්සමක් මහ මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම සහ ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම මැතිවරණ පනතේ විධිධානයන්ට පටහැනි හෙයින් මහ මැතිවරණය පැවැත්වීම ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනය අත්හිටුවන්නැයි ඉල්ලමින් සිවිල් ක්රියාකාරකයකු වන ප්‍රියන්ත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (21) ගොනු කළේය. 21 October 2024
දමිතා වෙනතක් බලා ගනියි ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නව දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී ඇත. 21 October 2024
හලාවත ත්‍රිත්ව ඝාතනයේ රහස හෙළි වේ හලාවත සිංහපුර ව්‍යාපාරික නිවෙසක ඝාතනයක් සහ සිය දිවි නසාගැනීමක් බවට ඒ පිළිබඳව හලාවත මහ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළි වී ඇත. 21 October 2024
කෙහෙළියගේ මල්වඩම් සිද්ධියේ අමු දර්ශන උසාවිය ඉල්ලයි හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම් තැබීමේ සිද්ධියට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කුරුඳු වත්ත පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රූපවාහිනි මාධ්‍ය ආයතන වලට අද (21) නියෝග කළේය . 21 October 2024
වසන්ත මුදලිගේට එරෙහි නඩුවකට දින දෙයි විශ්ව විද්‍යාල සිසුන්ගේ ශිෂ්‍යාධාර දීමනාව වැඩිකර පහසුකම් සලසන්නැයි ඉල්ලමින් 2022 වසරේදී උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ අන්තර් විශ්ව විද්‍යාලයේ බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 18 දෙනෙකුට එරෙහි නඩුව පෙබරවාරි 10 වැනිදා කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) නියෝග කළේය. 21 October 2024
මධ්‍යම පළාතේ ප්‍රශ්න පත්‍ර මාරු වෙලා මධ්‍යම පළාතේ මේ දිනවල පවත්වනු ලබන පාසල් දෙවන වාරයේ වාර විභාගය සඳහා සිංහල මාධ්‍ය සිසු සිසුවියන්ගේ 08 හා 09 පන්තිවලට බෙදා ඇති දෙමළ විෂය ප්‍රශ්න පත්‍රය එකම ප්‍රශ්න පත්‍රයක් වීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ . 21 October 2024
කිතුල් රා මුට්ටියට රිලව් බැට දෙති කිතුල් රා ලබා ගැනිම සදහා තබා ඇති මුටිටිය රිලවුන් රැගෙන ගෙනයාම නිසා කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර ගැනිමට නොහැකි තත්වයකට පත්ව ඇති බව වලපනේ ප්‍රෙද්ශයේ කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කරුවෝ පවසති. 21 October 2024
කාදිනල් තුමෝ ගම්මන්පිලට උත්තර දෙති වර්තමාන රජයේ සිටින උසස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව නීතිමය කටයුතු කරන්නැයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය පත්කළ කොමිටියට යෝජනා දුන්නේද ඒ ආණ්ඩුවම යැයි මැල්කම් කාදිනල් රංජිත් අගරද ගුරුතුමෝ පැවසුහ. 21 October 2024
වන්නි ඡන්දෙට එරෙහි පෙත්සම හෙට සලකා බලයි ඉදිරි මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කය සඳහා ඡන්ද විමසීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානය ඉදිරිපත් කළ පෙත්සම හෙට (22) සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) තීරණය කළේය. 21 October 2024
ඉන්දු පාකිස්තාන ඔන්ලයින් වෙඩිමක් ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ නායකයකුගේ පුතකු සහ පාකිස්තානයේ ලාහෝර් නුවර තරුණියක අතර අන්තර් ජාලය හරහා විවාහ මංගල උත්සවයක් පැවැත්විණි. ඒ, මනාලයා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන්ට මනාලිය වෙත යෑමට වීසා නොලැබුණු බැවිනි. 21 October 2024
ගිනි අවි බාරදී ඇත්තේ 50යි සිවිල් පුද්ගලයන්ට පසුගිය කාලයේදී නිකුත් කර තිබූ ගිනි අවිවලින් දැනට බාරදී ඇත්තේ පනහකට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 21 October 2024
අපේක්ෂකයකුගේ පෝස්ටර් ඇලවූ 5ක් අත්අඩංගුවට මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරගවදින ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයකුට අයත් පෝස්ටර් අලවමින් සිටි සැකකරුවන් 5දෙනකු බොරැල්ල කනත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය පවසයි. 21 October 2024
එළොව පොල් පේන පොල් මිල වෙළඳපොලේ පොල් ගෙඩියක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.පතරමක කුඩා ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල 120ත් 150 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු සඳහන් කරති. 21 October 2024
දොස්තරගේ ගෙට පැන්න දෙන්නා මාට්ටු තලංගම ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියකගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇගේ බෙල්ලට පිහියක් තබා රුපියල් ලක්ෂ හතහමාරක රන්බඩු සහ මුදල් කොල්ලකෑ බව කියන සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 21 October 2024
කෝමා වී සිටි අය පාස්කු වාර්තා ඉල්ලන්නේ පරීක්ෂණ වෙනතක හරවන්න පාස්කු ප්‍රහාරයෙන් පසු වසර පහක් කෝමා තත්ත්වයේ සිටි අය දැන් එකවරම අවදි වී නොයෙක් වාර්තා ඉල්ලන්නේ සැබෑ පරීක්ෂණ වෙන අතකට හැරවීමට බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටුනායකදී පැවසීය. 21 October 2024
ඌරන් ප්‍රවාහනයට සෞඛ්‍ය සහතිකය අනිවාර්යයි ඌරන් අතර පැතිර යන වෛරස් රෝගය හේතුවෙන් ඌරන් ප්‍රවාහනය සඳහා සෞඛ්‍ය සහතිකය අනිවාර්ය කිරීමට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 21 October 2024
කොටුව -මරදාන දුම්රිය ප්‍රමාදයි දුම්රිය මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් කොටුව - මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 21 October 2024
ගම්මන්පිල රහස හෙළි කරයි පාස්කු ප්‍රහාරය සිදුවන බවට රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දී තිබූ බව පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පැවැත් වූ කමිටුවේ වාර්තාවේ සඳහන් වන්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 21 October 2024
තරඟය අතරතුර ක්‍රීඩාපිටියට කඩා වැදුණ තරුණයෙක් අත්අඩංගුව ශ්‍රී ලංකා ක්‍රිකට් පිල සහ බටහිර ඉන්දීයකොදෙව් ක්‍රිකට් පිල අතර පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී පැවති එක් දින සීමිත ඕවර ක්‍රිකට් තරගය අවස්ථාවේදී ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු පල්ලෙකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 21 October 2024
වෛද්‍යවරයෙක්ට පහර දුන්නැයි 7ක් අත්අඩංගුවට අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියා කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 21 October 2024
ලූලා වැටිලා: ඔලුව වැදිලා 78 හැවිරිදි ලූලා ද සිල්වා සිය නිවසේ දී ලිස්සා වැටී හිස තුවාල වීම නිසා මෙසේ රෝහල්ගත කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 21 October 2024
විශේෂ ජනපති කාර්ය සාධක බලකායක් ’’පිරිසිදු ශ්‍රි ලංකා’’ නමින් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් ඉතා කෙටි කලකදී පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝමාගම දී පැවසීය. 21 October 2024
ට්‍රම්ප් අවන්හලේ වැඩ ඇමෙරිකන් හිටපු ජනාධිපති මෙන්ම, එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් පාක්ෂික ජනාධිපති ධුර අපේක්ෂකයා ද වන ඩොනල්ඩ් ට්‍රම්ප්, පැය කීපයකට පෙන්සිල්වේනියා ජනපදයේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක සේවයට ගියේය. 21 October 2024
කඨින චීවරය රැගත් පෙරහර බෝට්ටුවෙන් අපේ රටේ ගග මැද පිහිටා ඇති එකම විහාරස්ථානය වන බලපිටිය මාදු ගග මැද පිහිටි කොත්දූව රජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම අද (21)අලුයම් කාලයේදී විහාරාධිපති කුඩාගල අභයරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. 21 October 2024
අතිශය රහස් ඇමෙරිකන් බුද්ධි වාර්තා ප්‍රසිද්ධ වෙලා ඊශ්‍රායලය ඉරානයට හමුදා ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත්, ඊශ්‍රායලය එම ප්‍රහාරය එල්ල කරන ආකාරය පිළිබඳවත්, ඇමෙරිකන් බුද්ධි අංශ සකස් කළ අතිශය රහස් වාර්තා දෙකක්, මේ වනවිට ප්‍රසිද්ධියට පත් වී ඇත. 21 October 2024
ධීවර යාත්‍රා දෙකක් ගිනි ගනී කුඩාවැල්ල ධීවර වරායේ නවතා තිබූ බහුදින ධීවර යාත්‍රා දෙකක් ගිණිගෙන දැවී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි . 21 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026