(අංජුල මහික වීරරත්න)
දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැක්ම 2025 - 2029 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2073 අංක 9 දරන දුෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කාර්යභාරය, අල්ලස් හා දූෂණ සම්බන්ධ වැරදි විමර්ශන කිරීමේ සහ නඩු පැවරීමේ සිට රට පුරා අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා දූෂණ විරෝධී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහ නියාමනය දක්වා පුළුල් කරනු ලැබ තිබේ.
රජයේ "Clean Sri Lanka" වැඩසටහන ශ්‍රී ලාංකික සමාජයේ සදාචාරාත්මක සංවර්ධනයේ ඉහළ මට්ටමකට ඔසවා තැබීමට උත්සාහ දරන බැවින්, සියලුම අංශ ඇතුළත්ව ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
එසේම, දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියෙහි නියම කර ඇති පරිදි ජාතික දූෂණ විරෝධී රාමුවක් සකස් කර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පවතිසා ඇතැම් බැඳීම් ඉටු කිරීම සඳහා ද ශක්තිමත් දූෂණ විරෝධී රාමුවක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි රජය පවසයි.
දුෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 5වන වගන්තිය යටතේ වන බැඳීම් වලට අනුකුලව ශ්‍රී ලංකාවේ අල්ලස හෝ දූෂණයට එරෙහිව පළමු ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 කාල සීමාව තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
එකී ක්‍රියාකාරී සැලැස්ම සමාලෝචනය කරමින්, දේශීය හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයෙන් 2025-2029 කාලසීමාව සඳහා නව දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබේ.
ඒ අනුව, අමාත්‍යාංස, දෙපාර්තමේන්තු, සියලුම රාජ්‍ය ආයතන සහ අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගයෙන් දුෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම - 2025-2029 ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දූෂණ විරෝධී සැලසුම සවිමත් කරයි
අයි.ජී.එල්.ජයවීර අම්බලන්ගොඩ Wednesday, 26 March 2025 01:09 PM
2023 අංක ක9 දරණ දූෂණ විරෝධී පනත යටතේ විමර්ශණයක් පවත්වන්න කියලා මම පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතනවා ඒ පැමිණිල්ල හරියටම විභාග කලොත් දකුණු පළාතේ ආණ්ඩුකාරයා, ප්‍රධාන ලේකම්, අධ්‍යාපන ලේකම් ඇතුලු බොහෝ පිරිසක් හිරේ යන්න ඕන. දඩ කන්නත් ඕනෑ... මොකද ඒවා පැහැදිලිවම දූෂණයක් නිසා... තමන්ට ලාභ ප්‍රෙයා්ජන තියෙන විදුහල්පතිවරු අවුරුදු 20 කටත් වැඩිය පාසල් වල රඳවා ගෙන සිටීම නොවේද? අධිකරණ නියෝග පැහැර හැරීම දූෂණයක් නොවේද? මේ පනත තරම් ශක්තිමක් දූෂණ විරෝධී පනතක් දකුණු ආසියාවේ කිසිම රටක නැහැ. නමුත් පනත තිබුණාට වැඩක් නැහැ. ඒකෙන් ප්‍රයෝජන අරන් දූෂිතයින්ට දඬුවම් කරන්නේ නැත්නම්... ඒ නිසා පැමිණිලි කරන අය නිතරම පසු විපරෙමෙන් සිටිය යුතුයි. තොරතුරු පනත ප්‍රකාරව පසු විමරම් කළ යුතුයි. නැතිනම් කොතරම් ශක්තිමක් පනත් කිබුණත් දූෂණය නතර වෙන්නේ නැහැ.