(යොහාන් භාසුර)
කළුතර මහ රෝහලට ආනයනය කළ රුපියල් කෝටි 15ක් පමණ වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාස එකහමාරක පමණ කාලයක් රේගුවේ රඳවා තබාගෙන සිටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය එය නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් නොකිරීම බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (25) පැවසීය.
සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් රෙගුවෙන් නිදහස් කර ගැනීමට නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අනිවාර්ය බවත් මීට පෙර ආනයනය කළ මෙවැනිම යන්ත්‍රයක් අවශ්‍ය ලියකියවිල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මාස ගණනක් රේගුවේ රඳවා ගැනීමට සිදුවූ බවත් අරුක්ගොඩ මහතා කීය.
අදාළ යන්ත්‍රය වරායට ළඟා වූ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ලියකිවිලි ඉදිරිපත් කරන්නේ නම් රේගු දෙපාර්තමේන්තුවෙන් ප්‍රමාදයක් නොවන බව කී සීවලී අරුක්ගොඩ මහතා එම ප්‍රමාදයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම ගතයුතු බවද සඳහන් කළේය.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ස්කෑන් යන්ත්‍රයක් රේගුවේ සිරවීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන්ගේ
Lalla Tuesday, 25 March 2025 09:14 PM
රාජ්‍ය ආයතනවලට ගෙන්වන බඩු තම ලොකුකම පෙන්නන්න වරායේ රඳවා තබාගැනීම කැත නැතිද?
ගුණරත්න Tuesday, 25 March 2025 09:35 PM
ගිය ආණ්ඩුව කාලේ මෙහෙම දෙයක් වුනා නම් බලාගන්න තිබ්බා මාලිමාවුන්ගේ බෙරිහන් දීම්
Bandu Tuesday, 25 March 2025 10:03 PM
රටේ තත්ත්වය මේවා බලද්දී හිතන්න පුළුවන් .මේක ලංකාවව ආ විගස එය රෝහලේ සවි කලා නම් ලෙඩුන් කී දෙනකුගේ දරුණු ලෙඩවල් හොයාගන්න තිබුන ද..දැන් මේක අරගෙන ගිහින් තව අවුරුද්ද ක් යයි සවි කරන්න.ඒ ආකාරයට තමයි අපේ රටවල් හැදිලා තියෙන්නේ .
pavi Wednesday, 26 March 2025 02:06 AM
GMOA එකට වැඩ තියෙනව. පුලුවන් උනොත් බලයි.
PGPThilak Wednesday, 26 March 2025 04:09 AM
අත් ට්‍රැක්ටර් ගෙනෙන්න අනුමැතියට බෙන්ස් කාර් තොපි නිදහස් කරනවා! මැරෙන්න යන මිනිස්සු බේරා ගන්න ගේන යන්ත්‍රයට අර අනුමැතිය මේ අනුමැතිය ඉල්ලලා කඹ අදිමින් රණ්ඩු වෙනවා! තොපිට ඕනැ අනූමැති නෙවෙයි පගාව! දූෂිත තොපිට බෙහෙත් දෙන්න අනූරයට පණ නෑ!
Thoththababa Wednesday, 26 March 2025 06:13 AM
රේගුව කියන්නෙ රජයේ දෙපාර්තමේන්තුවක් වගේම සෞඛ්‍යය කියන්නෙත් රජයේ දෙපාර්තමේන්තුවක් නම් ලංකාවෙ සෞඛ්‍යය කියන්නෙ නොමිලයේ සපයන සේවාවක් නම් මොන කෙංගෙඩියකටද රේගු ගාස්තු ගෙවන්නෙ. ඒක හරියට ලංකාව කියන්නෙ පුද්ගලයෙක් නම් ඔහුගේ එක් සාක්කුවක තියෙන මුදල් අනෙක් සාක්කුවට දානවා වගේ වැඩක් කියල නොතේරෙන්නෙ මොකෝ මහත්තෙයෝ. ගිණුම්කරණයේදී ඒවා නිරවුල් කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ..දැන් බලන්න ඔය යන්ත්‍රය ගෙනවිත් කාලයක් වෙනවා .ඒක දිරාගියාම වෙන්නෙ රටේ විදේශ සංචිත නාස්තියක් පමණක් කියල තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කවුරුත් නැද්ද
අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 01:48 PM
සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම රේගුවත් දැනගන්න ඕනෑ රටට අත්‍යාවශ්‍ය මෙවැනි උපකරණ ඉක්මනින් නිදහස් කරන්න, වගේම කර ගන්න. ඒකට එයාට මෙයාට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. සමහර විට මේක ගුණරත්නලා, යෝගලා හා බකලා ජයාලගේ නායකයෝ කොමිස් ගහන්න ගෙනාව ප්‍රමිතීන් තොර ස්කෑන් යන්ත්‍රයක් නිසා ඖෂධ නියාමන අධිකාරියේ අවසර ගන්න බැරි වෙලාද දන්නේ නැහැ. ඒ ගැනත් හොයලා බලන්න වෙනවා අලුත් ආණ්ඩුවට!!