
(යොහාන් භාසුර)
කළුතර මහ රෝහලට ආනයනය කළ රුපියල් කෝටි 15ක් පමණ වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාස එකහමාරක පමණ කාලයක් රේගුවේ රඳවා තබාගෙන සිටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය එය නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් නොකිරීම බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (25) පැවසීය.
සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් රෙගුවෙන් නිදහස් කර ගැනීමට නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අනිවාර්ය බවත් මීට පෙර ආනයනය කළ මෙවැනිම යන්ත්‍රයක් අවශ්‍ය ලියකියවිල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මාස ගණනක් රේගුවේ රඳවා ගැනීමට සිදුවූ බවත් අරුක්ගොඩ මහතා කීය.
අදාළ යන්ත්‍රය වරායට ළඟා වූ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ලියකිවිලි ඉදිරිපත් කරන්නේ නම් රේගු දෙපාර්තමේන්තුවෙන් ප්‍රමාදයක් නොවන බව කී සීවලී අරුක්ගොඩ මහතා එම ප්‍රමාදයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම ගතයුතු බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතනවලට ගෙන්වන බඩු තම ලොකුකම පෙන්නන්න වරායේ රඳවා තබාගැනීම කැත නැතිද?
ගිය ආණ්ඩුව කාලේ මෙහෙම දෙයක් වුනා නම් බලාගන්න තිබ්බා මාලිමාවුන්ගේ බෙරිහන් දීම්
රටේ තත්ත්වය මේවා බලද්දී හිතන්න පුළුවන් .මේක ලංකාවව ආ විගස එය රෝහලේ සවි කලා නම් ලෙඩුන් කී දෙනකුගේ දරුණු ලෙඩවල් හොයාගන්න තිබුන ද..දැන් මේක අරගෙන ගිහින් තව අවුරුද්ද ක් යයි සවි කරන්න.ඒ ආකාරයට තමයි අපේ රටවල් හැදිලා තියෙන්නේ .
GMOA එකට වැඩ තියෙනව. පුලුවන් උනොත් බලයි.
අත් ට්‍රැක්ටර් ගෙනෙන්න අනුමැතියට බෙන්ස් කාර් තොපි නිදහස් කරනවා! මැරෙන්න යන මිනිස්සු බේරා ගන්න ගේන යන්ත්‍රයට අර අනුමැතිය මේ අනුමැතිය ඉල්ලලා කඹ අදිමින් රණ්ඩු වෙනවා! තොපිට ඕනැ අනූමැති නෙවෙයි පගාව! දූෂිත තොපිට බෙහෙත් දෙන්න අනූරයට පණ නෑ!
රේගුව කියන්නෙ රජයේ දෙපාර්තමේන්තුවක් වගේම සෞඛ්‍යය කියන්නෙත් රජයේ දෙපාර්තමේන්තුවක් නම් ලංකාවෙ සෞඛ්‍යය කියන්නෙ නොමිලයේ සපයන සේවාවක් නම් මොන කෙංගෙඩියකටද රේගු ගාස්තු ගෙවන්නෙ. ඒක හරියට ලංකාව කියන්නෙ පුද්ගලයෙක් නම් ඔහුගේ එක් සාක්කුවක තියෙන මුදල් අනෙක් සාක්කුවට දානවා වගේ වැඩක් කියල නොතේරෙන්නෙ මොකෝ මහත්තෙයෝ. ගිණුම්කරණයේදී ඒවා නිරවුල් කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ..දැන් බලන්න ඔය යන්ත්‍රය ගෙනවිත් කාලයක් වෙනවා .ඒක දිරාගියාම වෙන්නෙ රටේ විදේශ සංචිත නාස්තියක් පමණක් කියල තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කවුරුත් නැද්ද
සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම රේගුවත් දැනගන්න ඕනෑ රටට අත්‍යාවශ්‍ය මෙවැනි උපකරණ ඉක්මනින් නිදහස් කරන්න, වගේම කර ගන්න. ඒකට එයාට මෙයාට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. සමහර විට මේක ගුණරත්නලා, යෝගලා හා බකලා ජයාලගේ නායකයෝ කොමිස් ගහන්න ගෙනාව ප්‍රමිතීන් තොර ස්කෑන් යන්ත්‍රයක් නිසා ඖෂධ නියාමන අධිකාරියේ අවසර ගන්න බැරි වෙලාද දන්නේ නැහැ. ඒ ගැනත් හොයලා බලන්න වෙනවා අලුත් ආණ්ඩුවට!!