IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැටුප් වැඩි කරන්න අනුමැතිය ලැබෙයි

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය  2025 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව මත පදනර්ථව 2025-04-01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයන්ට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධි විධාන ඇතුළත් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා  විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පහත සඳහන් පරිදි තීරණය කරන ලදි.

*රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයට අදාළව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත බලය පැවරීම.

*රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සම්පුර්ණයෙන් රජය සතු සමාගම් සහ අනෙකුත් අදාළ ආයතනයන් සඳහා වන චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වෙත බලය පැවරීම.



අදහස් (1)

වැටුප් වැඩි කරන්න අනුමැතිය ලැබෙයි

කැලුම් Wednesday, 26 March 2025 09:01 PM

හොඳයි

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site