ඉහලකංහිදිගම වැවට දෙන්නෙක් බිලි කහටගස්දිගිලිය ඉහලකංහිදිගම වැවේ දියනෑමට ගොස්සිටි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතිබව කහටගස්දිගිලිය පොලීසිය පවසයි. 21 October 2024
සිසුවියගේ සිරුර ලොග්ගල් ඔයේ උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල්ඔයේ තිබූ අද (21) උදේ හමු වි ඇතැයි පොලීසිය කියයි. 21 October 2024
ලොරි -ලොරි ගැටී අඹුසැමි යුවළ ඇතුළු පහක් රෝහලේ බණ්ඩාරගම කිඳෙල්පිටිය ප්‍රාථමික විද්‍යාලය ඉදිරිපිටදී ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී පුද්ගලයන් පස්දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර අඹු සැමි යුවළක් ද වන බව පොලිසිය කියයි. 21 October 2024
මාතර රුවන්වැල්ල ඝාතනයට දෙකක් සැකපිට මාතර,නාවිමන,රුවන්වැල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සැකකරුවන් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 21 October 2024
තැනින් තැන විටින් විට වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 21 October 2024
කුලියට පැල් රකින්න යද්දී වල් අලි පහරින් මරුට දඹුල්ල වෑවලවැව, අලකොලවැව, ප්‍රදේශයේ වම්බටු හේනක පැල් රැකීම සඳහා ගමන් කරමින් සිටි කුලී කම්කරුවකු ඉතා අමානුෂික ලෙස වන අලියකුගේ පහර කෑමකට ලක්ව 20 දින රාත්‍රියේ මිය ගොස් ඇතැයි සීගිරිය පොලිසිය කියයි. 21 October 2024
ආරක්ෂාවට අරගෙන ගෙදර වැඩටත් යොදාගෙන බොහෝ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂකයන් ඔවුන්ගේ ගෙදර දොරේ වැඩටත් යොදවාගෙන සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කළ විමර්ශනයකදී තොරතුරු හෙළිවී ඇත. 21 October 2024
බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අමු අමුවේ පුළුස්සා දැමීමේ චෝදනාවන්ට වරදකරු කරමින් පෞද්ගලික ආයතනයක විධායක නිලධාරීකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අභියාචනාධිකරණය අනුමත කළේය. 20 October 2024
ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන්තොට යුද හමුදා විශේෂ කාර්යාංශයේ නිළධාරීන් විසින් අද සවස අත් අඩංගුවට ගෙන තිබේ. 20 October 2024
සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. 20 October 2024
තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 20 October 2024
ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබා දී ඇති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවා ඇත. 20 October 2024
හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු විදේශිකයන් දෙදෙනෙකු , ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට එම නිලධාරීන් විසින් ඊයේ(19) වැනි දින රාත්‍රී පියවර ගෙන තිබේ. 20 October 2024
එස්.ටි.එෆ් හිටපු සෙබළාගේ ගෙදර ගිනි අවි ගබඩාවක් මාතර රුවන්වැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් පුද්ගලයකුට ඉකුත් 15 වැනිදා පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු කොස්තාපල්ගේ නිවෙසේ තිබී උණ්ඩ විශේෂ කාර්ය බළකායේ නිල ඇඳුම් කොටස් ඇතුළු භාණ්ඩ තොගයක් එම බළකාය විසින් සොයා ගනු ලැබීය. 20 October 2024
ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. 20 October 2024
හොර නෝට්ටු සමග දෙකක් සැකපිට රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 10 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු අක්කරෙපත්තුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 20 October 2024
අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන් රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සාගල රත්නායක මහතා අද (20) වැනි දා පැවසීය. 20 October 2024
පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් : මැකෝ කියයි මුදල් නොමැති බව පවසා කල්තැබුණු පළාත් පාලන මැතිවරණය මෙරට ප්‍රතිපත්තියක් නොමැතිව පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ සළුපිළි ගැලවෙන මැතිවරණයක් වනු ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. 20 October 2024
එළවළු වෙළෙන්දන්ට ලොකු චෝදනාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මේ දිනවල එළවළු මිල පහල බැස ඇතැත් මාතලේ දිස්ත්‍රික්කයේ සිල්ලර එළවළු වෙළදසැල්වල එළවළු මිල සීඝ්‍ර ලෙස වැඩිකර අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. 20 October 2024
හිටපු රාජ්‍ය ඇමතිවරයෙකුගේ පුද්ගලික ලේකම් වෙඩි වැදී මරුට මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු ලෙස කලක් තිස්සේ කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් ලත් බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද(20)වැනි දා මරණයට පත්ව තිබෙව බව රෝහල් ආරංචි මාර්ග සහ මහනුවර පොලිසිය සඳහන් කරයි. 20 October 2024
මහින්දගේ වාහන හෙට බාරදෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිල රථ හය අතුරින් ගිලන්රථය ද ඇතුළුව නිල රථ තුනක් ජනාධිපති ලේකම් කාර්යාලයට හෙට (21) බාර දෙන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ඒකකය පවසයි. 20 October 2024
උතුරු කොරියානු සෙබලුන් රුසියානු යුධ බිමේ උතුරු කොරියාව යුක්රේනය සමග යුද වැදීමට සිය හමුදා රුසියාවට යවා ඇති බවට දකුණු කොරියානු ජාතික බුද්ධි අංශ සේවාව නිකුත් කළ වාර්තාව තහවුරු කරමින් නැගෙනහිර රුසියාවේ හමුදා පුහුණු කඳවුරක දී උතුරු කොරියානු සොල්දාදුවන් නිල ඇඳුම් සහ ආම්පන්න බාරගනු ලබන වීඩියෝවක් යුක්රේන බුද්ධි අංශ විසින් සී.එන්.එන් පුවත් සේවය ලබා දී ඇත. 20 October 2024
දික්උල්පත කිරිඔරුව මාර්ගය ගිලා බසී බණ්ඩාරවෙල බිදුනුවැව දික්උල්පත කිරිඔරුව මාර්ගය ගිලාබැසීමට ලක් වීමෙන් මාර්ගයේ මීටර් 25ක පමණ කොටසක් කැඩී විනාශ වී ගොස් ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ දියතලාව ප්‍රාදේශීය ඉංජිනේරු ජනක රත්නායක මහතා පවසයි. 20 October 2024
වසර 10ට පොල් ගස් ලක්ෂ තුන හමාරක් කපලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පසුගිය වසර දහය තුළ තුන් ලක්ෂ පනස් දෙදාහක් පොල් ගස් කපා දමා තිබෙනවා. පොල් අක්කර 4072 කට්ටිකර ඇති බව හිටපු ලේකම් ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආචාර්ය පද්මකාන්ත වඳුරාගල මහතා පැවසීය. 20 October 2024
විභාග වංචා වලට පියවර නොගත් විභාග කොමසාරිස් ඉවත් කරන්න වර්තමාන විභාග කොමසාරිස් ජෙනරාල්වරයා යටතේ අතිශයින්ම බරපතල විභාග වංචා දෙකක් සිදුව ඇති බැවින් සහ ඊට අදාළ නිසි පියවර නොගැනීම හේතුවෙන් වහාම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා එම තනතුරින් ඉවත් කර සේවය අවසන් කළ යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදී අද(20)වැනි දා පැවසීය. 20 October 2024
සැකසහිත ජීප් රථයක් ගෝනවලදී සොයා ගැනේ කැලණිය ගෝනවල ප්‍රදේශයේ මාර්ගයේ දමා ගිය සුඛෝපභෝගී ජීප් රථයක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී පිස්තෝල වර්ගයේ ගිනි අවියක්, රැම්බෝ පිහියක්, කඩු කිහිපයක් ඇතුළු ආයුධ සමග සමාජ ක්‍රියාකාරිකයෙක් අද (20) කැලණිය පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 20 October 2024
වජිර යලිත් අනාවැකියක් කියයි මේ යන මාර්ගය දෙස බලන විට නැවත ජනතාව අමාරුවේ වැටෙන බව හොඳින්ම පෙනෙන්නට තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 20 October 2024
ඇමැති විජිතට තල් සේවකයන්ගෙන් රතු එළියක් තල් සංවර්ධන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස පත්කිරීමට යන මාරියපිලෙයි සෙල්වින් මහතා සම්බන්ධයෙන් දූෂණ වංචා සහ අක්‍රමිකතා චෝදනා රැසක් පවතින හෙයින් ඔහු පත් කිරීමට පෙර දෙවරක් හිතා බලන්නැයි එම මණ්ඩලයේ එක්සත් සේවක සංගමය අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කරයි. 20 October 2024
ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කළ ව්‍යාරපාරිකයෙකු අත්අඩංගුවට හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරික්ෂකවරියගේ රාජකාරියට බාධා කරමින් මාර්ගය හරස් කර නගර සභාවේ වාහනයට පහර දුන් හැටන් නගරයේ ව්‍යාරපාරිකයෙකු ඊයේ(19)වැනි දින පස්වරුවේ හැටන් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 20 October 2024
ෆේස්බුක් සාදයට මත්ද්‍රව්‍ය ගෙනා තරුණයන් 31ක් කොටු නුවරඑලියේ පිහිටි රජයේ නිවාඩු නිකේතනයක ඊයේ(19)වැනි දින පැවැත්විමට සුදානම් කර තිබු ෆෙස්බුක් සාදයකට විවිධ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණ සිටි තරුණයන් 31 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව නුවරඑලිය මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි මහතා පැවසීය. 20 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026