IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


රත්නපුරෙන් වසරකට ක්ෂය රෝගීන් 400යක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ  අප්සරා යෝසිත්)

රත්නපුර දිස්ත්‍රික්කයේ ක්‍ෂයරෝගය වැළඳුන රෝගීන් හාරසියයක් 2024 වර්ෂයේ හඳුනාගත් අතර ඉන් 42 පමණ ජීවිතක්‍ෂයට පත්වු බව විශේෂඥ වෛද්‍ය සමන් කපිලවංශ මහතා පැවසුවේය.

ලෝක ක්‍ෂයරෝග දිනසැමරුම් උත්සවයට එක්වෙමින් ඔහු මේ බව පැවසුවේය.

ලෝක ක්‍ෂය රෝග දිනය සෑම  වසරකම මාර්තු 24දිනට යෙදෙයි. රත්නපුර ළය රෝහලේ කාර්ය මණ්ඩලයේ මූලිකත්වයෙන් මෙම සැමරුම් උත්සවය පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික් මහ රෝහලේ සිට රත්නපුර බස් නැවතුම් පොළ, ඔරලෝසුකණුව අසල මැණික් පොළ හරහා කිලෝමීටර් තුනකට ආසන්න දුරක් පසුකරමින් දැනුවත් කිරීමේ පාගමනක් රත්නපුර නගර ශාලාව වෙත පැමිණියේය.

ක්‍ෂය රෝගය මර්ධනය කිරීමේ අවශ්‍යතාව, ක්‍ෂය රෝගයේ මුලික ලක්‍ෂණ ආදිය ඇතුළත්ව නොමිලේ ප්‍රතිකාර ගත හැකි ස්ථාන පිළිබඳව දැනුවත් කරන වගන්ති ඇතුළත් පෝස්ටර්, බැනර් එම පාගමනේ ප්‍රදර්ශයනය කරනු ලැබීය.

පැල්මඩුල්ල මිතරු මිතුරෝ ආයතනයේ විශෝධනය වන තරුණ පිරිස් වීදි නාට්‍යයක්ද තැනින් ගැන රඟදක්වමින් ක්‍ෂය රෝගය පිළිබඳවත්, එය වළක්වා ගත යුත්තේ ඇයි ද යන්න පිබිබඳවත් ජනතාව දැනුවත් කරනු ලැබීය.



අදහස් (0)

රත්නපුරෙන් වසරකට ක්ෂය රෝගීන් 400යක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අනියම් ඇසුර චූන් පාන් වෙළෙන්දාට මරුවා කැඳවයි
2025 මැයි මස 11 1251 0

බේරුවල ,වලතර, ඩෝසර්වත්ත ප්‍රදේශයේ අනියම් අඹු සැමි යුවළකගේ පවුල් ආරවුලක් දුරදිග ගොස් කාන්තාව අනියම් පුරුෂයාව තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි


මන්ත්‍රීලා සල්ලිවලට ගන්නේ නෑ
2025 මැයි මස 11 452 0

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට සෙසු පක්ෂවල සභිකයන් මුදල් හෝ වෙනත් වරප්‍රසාද හෝ ලබාදී නොගන්නා බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන්නේ යැයි විදේශ කටයුතු අම


අගමැති සහ ඇමැති බිමල් තුවාල ලැබුවන්ගේ සුවදුක් බලන්න යති
2025 මැයි මස 11 602 0

බස් අනතුරින් තුවාල ලැබූවන්ගේ සුව දුක් බැලීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා බිමල් රත්නායක මහතා අද 8.00 පමණ ගම්පොළ ශික්ෂණ රෝහලට පැමිණියහ.


‘‘විදුලි පාරිභෝගික අයිතීන් සුරකිනවා‘‘
2025 මැයි මස 11 176 0

විදුලි ගාස්තු වැඩි කිරීමකට එරෙහිව සියල්ලන් පෙළ ගස්වමින් විදුලි පාරිභෝගිකයින්ගේ අයිතිය සුරක්ෂිත කිරීමට කැපවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැ


සේමිණිට ඇප
2025 මැයි මස 11 396 0

පෞද්ගලික ආරක්ෂක සේවයක් පවත්වාගෙන යමින් එහි සේවය කරන ලද සේවකයන්ගේ අර්ථසාධක මුදල් සහ දායක මුදල් නොගෙවීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී අත් අඩංගුවටගෙ


ඉන්දු-පකිස්ථාන සටන් විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
2025 මැයි මස 11 356 0

ඉන්දියාව සහ පාකිස්තානය අතර සටන් විරාම එකඟතාව ශ්‍රී ලංකාවේ ජනාධිපති, රජය හා ජනතාව ලෙස සාදරයෙන් පිළිගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1068 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1450 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 375 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site