(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වී සභාවටම භාණ්ඩ මිලදී ගැනීමට වැඩි මිල ගණන් ඉදිරිපත් කරමින් මැදිහත්ව ඇතැයි කෝප් අනුකාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
ස්මාර්ට් යුත් ප්‍රදර්ශනය ඇතුළු වැඩසටහන් මාලාව, සමීක්ෂණ වර්තාවකින් අනතුරුව සිදුකළ බව හිටපු සභාපතිවරයා පැවසුවද එවැනි වාර්තාවක් සභාව සතුව නැති බව ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීහු කමිටුවට දැනුම් දුන්හ.
කැබිනට් තීරණයක් නොසලකා ,දේශපාලන හේතුන් මත ගැටලු සඳහා මුහුණ දුන් නිලධාරීන්ට වන්දි ලබාදුන් කමිටු 3ක් ගැන පුර්ණ වාර්තාවක් දෙන ලෙස කෝප් අනුකාරක සභාව නිර්දේශ කළේය.
මෙම කරුණු අනාවරණය වුයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා, වර්තමාන කාර්ය සාධනය සහ 2025 පෙබරවාරි 18 සහ 20 යන දිනවලදී පවත්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම් වලදී ගනු ලැබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචනය පිණිස පත්කළ අනුකාරක සභාව, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තරුණ සභාවේ අමුතු ගැහිල්ලක්
B Amarasinghe Tuesday, 25 March 2025 05:31 AM
යකෝ මුන් නොගහපු පැත්තක් නෑනේ