
(විමුක්ති එස් රුද්‍රිගු)
ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ජෙනරාල් ජගත් ජයසූරිය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ විනයාගමූර්ති මුරලිදරන් යන මහත්වරුන්ට සම්බාධක පැනවීමට බ්‍රිතාන්‍ය රජය ගත් තීරණය ඒක පාර්ශ්වික පියවරක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
එලෙස සම්බාධක පැනවීමට ගත් පියවරෙන් සිදුවන්නේ තත්වය තවත් නරක අතට හැරීමක් පමණක් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.
වගවීම සහ සංහිඳියාව පිළිබඳ දේශීය යාන්ත්‍රණ ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියෙහි රජය නිරත වී සිටින බවත් අතීතයේදී සිදු වූ යම් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ඇතොත් ඒවා පිළිබඳව දේශීය වගවීම් යාන්ත්‍රණ හරහා කටයුතු කළ යුතු බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශය ගෙන්වා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා රජයේ මෙම ස්ථාවරය දැනුම් දුන් බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙපැත්තටම නැති නෝංජල් ප්‍රකාශයක් කරලා. කවුද ඕක කියන්න කිව්වේ? ජූලි චන්ද?
අනේ මන්දමානසික යෝගා තප්පුලන්නේ නැතුව ඉන්න, අප්පිරියයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයෙහි, බ්‍රිතාන්‍ය රජය විසින් පනවන ලද සම්බාධක ප්‍රතික්ෂේප කොට නැත. රජයේ මතය වන ඔහුගේ නිවේදනයට අනුව අපට වැටහෙන්නේ, එසේත් නැතිනම් මේ රටේ පුරවැසියන්ට රජය කියා සිටින්නේ " ඔව්, ඔබ කියන සම්බාධක අප ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඔය කියන චෝදනා ගැන අපත් විමසා බලන්න ඕන; ඔබ විසින් සම්බාධකවලට ලක් කරන ලද ආරක්ෂක ප්‍රධානීන් අතින් ඔබ කියන " ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනය සම්බන්ධ වැරදි" සිදු වුණා ද දන්නේ නැහැ. අපත් මේ ගැන ඒකාන්ත සැකයකින් තොරව ප්‍රතික්ෂේප කිරීමක් කරන්නේ නැහැ. අපටත් මේ ගැන ස්ථීර ලෙස ම කියන්න බැහැ. අපිත් මේ අය ගැන සොයා බලන්න ඕන. ඒක නිසා ඒක පාර්ශවීය නොවී මේ ගැන සොයා බලන්න ඕන. මෙහෙම වුණා ම දේශීය සංහිඳියා යාන්ත්‍රණයට කිසිදු සහයක් වෙන්නෙ නැහැ. තව දුරටත් ව්‍යාකූල කිරීමට ඉවහල් වෙන්නේ" යන අදහස ද යන්න රජය විසින් රටේ ජන්තාවට පැහැදිලි කළ යුතු ය.
කොටි ත්‍රස්තවාදීන් එකතු වෙලා රනිල්ට ගහද්දී හුරේ දමාපු මාලිමාවුන් දත කැට පූට්ටු වී නිදහසට කරුණු කියනවා දැක්කාම අපට දැනෙන්නේ නම් කුරීරු සතුටක්.
එම ප්‍රකාශයේ නියම අරැත තේරැම් ගන්න තරම්වත් මන්ද මානසික යෝගාට මොලයක් නෑ.
සාමාන්‍යයෙන් මෝඩ බූරුවන්ට NPP වහලුන්ව රැවටීමට ඔවුන්ගේ මව් භාෂාව හැසිරවිය හැකිය. සිංහල කතා කරන NPP නායකයින්ගේ ආඩම්බරය කොහේ ගිහින්ද? ඔවුන්ට මෙය සරල සිංහලෙන් පැවසීමට පරිවර්තකයෙකු භාවිතා කළ නොහැකිද? මහා විජිතගේ නිර්භීතකම කොහෙද ගියේ?
දළදා මාලිගාවට බෝම්බ ගහපු , යටත් වුන පොලිස් නිලධාරීන් 600 සමුල ගාතනය කරපු කරුණ නොහොත් විනයාගමුර්ති මුරලිදරන කොහොමද ,අපගේ හමුදා නිලධාරීන්ට සමාන වුනේ ? ඔහු කරපු සමුල ගතන ගැන විමර්ශනයක් කරන්න ඕනේ ඒවා බටලන්දට වැඩිය බරපතල ඊට පසු සිදුවුණා අපරාද , මේ සංහාරය ඇසින් දුටුවෙක් තවමත් ජිවතුන් අතර සිටිනවා
ඉදකින් මුන් නායකයෝද ?
නෑ…., අර යෝග කියන කෙනාගෙ අප්පොච්චි.
ලුට මූස් .අප්පොච්චි ඔයාගේ අම්මව දන්නවා