IMG-LOGO

විනිසුරු දෙපොළක් ක්‍රිෂ් නඩුවෙන් ඉවත් වෙති

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව  නඩුව විභාගයෙන් ඉවත් වන බවට කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් දෙපලක්  අද (27) දැනුම් දුන්නේය.

මහාධිකරණ විනිසුරුවන් වන මංජුල තිලකරත්න හා  සුජීව නිස්සංක යන මහත්වරු මෙසේ නඩු විභාගවලින් ඉවත්විය.

මෙම නඩු අද කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා කරුණු දක්වමින් නඩුව සම්බන්ධයෙන් සනත් බාලසූරිය සහ පෝද්දල ජයන්ත යන පුද්ගලයින් දෙදෙනෙකු විසින්  මුහුණුපොතේ පළ කර තිබූ අදහස්වලින් අනතුරුව තමන් නඩු විභාගයෙන් ඉවත්වීමේ තීන්දුව ගත් බව සඳහන් කළේය.

නඩුව විභාග කර සාධාරණ නඩු තීන්දුවක් ලබාදීමට හැකි බවට තමන් විශ්වාස කළත් ,මෙම පළ කිරීම් වලින් පසුව සමාජයේ යම් මතයක් උද්ගතව ඇති බැවින් මෙම තීරණය ගත් බවද වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙම නඩුව විභාග කිරීම සඳහා සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා නඩු ගොනුව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා හමුවට යොමු කරන බවත් මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියේය.

ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය. 

පසුව කරුණු සලකා බැලූ  විනිසුරුවරයා මෙම නඩුව ලබන  මැයි මස 21 දින කැඳවීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා ඉදිරියේ කැඳවීමට දින නියම කළේය.



අදහස් (6)

විනිසුරු දෙපොළක් ක්‍රිෂ් නඩුවෙන් ඉවත් වෙති

කපුරු හාමි Thursday, 27 March 2025 02:30 PM

දූෂිත පවුල් පාලනේ හොර පෙරකදෝරුවා ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ.මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය කරලා රටම හොරාකාලා විනාශ කරපු උන්?

:       8       21

Siri Thursday, 27 March 2025 03:00 PM

කාගේ කාගේත් කිල්ලෝටවල හුණු කතාව වගේ නෙවේ නේද ?

:       4       20

Kazi Shajahan Thursday, 27 March 2025 04:33 PM

කුම්බලා මාලු කෑවා නම්, විඳපල්ලා බළලෝ... එච්චරයි කියන්න තියෙන්නේ...!

:       0       2

රනේ Thursday, 27 March 2025 04:53 PM

කෘතිම බුද්ධිය යොදවන්න වෙයිද?

:       0       12

සත්‍යපාල Thursday, 27 March 2025 06:54 PM

උඩම ඉන්නේ නීතිපති. එයා අයින් නොවී ඉන්නේම රාජපක්ෂලාගේ නඩු ටික ගොඩක් දාලාම යන්න.

:       3       14

Pankumburage Friday, 28 March 2025 09:43 AM

නඩුකාරයා බලන්නෙ නීති පොතද, මුහුණු පොතද? අනේ මෙහෙම ලංකාවක්. රටට දෙවියන්ගේ පිහිටයි.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1688 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 656 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site