කඳුකර සංවර්ධන වැඩ කඩිනම් කරන්න
කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන්කර එහි ප්රතිලාභ ජනතාවට හැකි ඉක්මනින් ලබා දෙන ලෙස පරිසර, වනජිවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය විජිත හේරත් මහතා අදාල ආයතනයන් හි නිලධාරීට උපදෙස් ලබා දුන්නේය.