සම්පන්දන්ගේ බංගලාව 17 රජයට හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක රජයේ බංගලාව ලබන මස 17 වැනිදා රජයට බාරදෙන බව සම්පන්දන් මහතාගේ දියණිය අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශයට ලිපියකින් දැනුම්දී ඇත. 25 October 2024
වැලි ට්‍රැක්ටරයට යටවී රියදුරු මරුට සෙල්ලකතරගම දඹෙි ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රැක්ටර් රථයකට යටවී අද (25 ) එහි රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි. 25 October 2024
විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 25 October 2024
රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක් තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව සඳහන් කරමින් ඔහුට මෙවර මැතිවරණය සඳහා තරඟ කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයකු වන මහින්ද සේනානායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 25 October 2024
වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා දඹුල්ල කිරලගොල්ල, තලකිරියාගම , නික්ගොල්ලයාය යන ගම්මාන වලට දින කිහිපයක සිට ඇතුන් දෙදෙනකු ඇතුළු වන අලින් හත් දෙනෙකු ගම් වැදීම නිසා ගම්මුන් දැඩි භීතියට පත්ව සිටිති. 25 October 2024
ජනපති-තානාපති හමුවක් ජනාධිපති අනුර දිසානායක මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(25) පැවැත්වීමට නියමිතය. 25 October 2024
කඩු කිනිසි සමඟ තිදෙනෙක් අත්අඩංගුවට කඩු කිනිසි රැගෙන ප්‍රදේශ කිහිපයක භීෂණය පැතිර වූ තිදෙනකු කඩු කිනිසි යකඩ බට හා යකඩ පොලු සමඟ අල්ලෙහි නගර් ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සේරුනුවර පොලීසිය විසින් අත්අඩංගුවට ගැනිණ. 25 October 2024
විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35ක වෛද්‍ය හිඟයක් මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972 කගේ පමණ හිගයක් පවතින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ. 25 October 2024
කෝටි 18ක සහල් වසර 6ක් තිස්සේ රේගුවේ මිනිස් පාරිභෝජනයට නුසුදුසු මට්ටමේ පවතින රුපියල් දහඅටකෝටි හැටලක්ෂ,පනස්අටදහස්,නවසිය විසිදෙකක් වටිනා සහල් සහිත බාහලුම් 53ක් දැනට වසර හයක පමණ කාලයක සිය රේගුවේ රදවාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 25 October 2024
රිය අනතුරින් හතරක් රෝහලේ බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ පල්ලත්තර වංගුවේදී මාලු ලොරියක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි . 25 October 2024
සේරුවිල පාසලකට අලියෙක් ඇවිත් සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි. 25 October 2024
දඹුල්ලේ එළවලු මිල බැහැලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල සීග්‍රයෙන් පහත වැටි ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති. 25 October 2024
කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදීලා මුහුණු ආවරණය කරගත් තිදෙනකු අද(25) අළුයම නිවසක දොරක් කඩා ඇතුළුව කාන්තාවන් දෙදෙනකුට තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පින්වත්ත පොලිසිය පවසයි. 25 October 2024
සැක චීන්නු තිදෙනෙක් ගාල්ලේදී අත්අඩංගුවට සැක සහිත ලෙස ගාල්ල ගිං තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තිදෙනෙක් ගාල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 25 October 2024
ඇල්පිටියේ ජන්ද පෙට්ටි ප්‍රවාහනය අද හෙට (26) පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ජන්ද පෙට්ටි සහ නිලධාරීන් ප්‍රවාහනය කිරීම අද (25) සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. 25 October 2024
අටලුගම අනතුරක්: අයෙක් රෝහලේ:දුරකතන කණු රැසකටත් හානි කාපට් තලන යන්ත්‍රයක් ලොරියක පටවා ප්‍රවාහනය කරමින් තිබියදී බණ්ඩාරගම අටුලුගම මාරාව ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදු වූ අනතුරකින් දුරකථන කණු රැසකට හානි සිදුවී යතුරුපැදි කරුවෙකු ලබා රෝහල් ගත කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි. 25 October 2024
‘‘අදත් වැස්සේ අඩුවක් නෑ‘‘ බස්නාහිර,සබරගමු,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 25 October 2024
රාජ්‍ය ආයතන 17 කින් කෝටි 41 ක විභාග ගාස්තු පොල්ලක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද විවිධ ආයතන විභාග වෙනුවෙන් රාජ්‍ය ආයතන 17 කින් අයවිය යුතු රුපියල් 413,741,500(හතලිස් එක් කෝටි තිස් හත් ලක්ෂ හතලිස් එක් දහස් පන්සියයක මුදලක් විභාග දෙපාර්තමේන්තුව මගින් අයකර ගෙන නැතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 25 October 2024
අධිවේගයේ අනතුරින් මාළු ලොරිය සුනේ සුන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 8 දශම 5 කහතුඩුව ප්‍රදේශයේදී අද අලුයම මාළු ලොරියක් සිමෙන්ති පැටවූ ලොරියක ගැටීමෙන් මාළු ලොරි රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 25 October 2024
ගුරාගේ පාටිය මැකෝ බාරයට සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන් ගේ සුහද හමුවකට සහභාගී වූ පිරිසකට ලබා දීමට සූදානම් කර තිබූ ආහාරපාන තොගයක් තම භාරයට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 25 October 2024
සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකාරීත්වය පවසයි. 25 October 2024
දකුණු කොරියා ජනපති මැදුරට කුණු දාලා උතුරු කොරියාවෙන් ආ කසල බැලූනයක්, දකුණු කොරියානු ජනාධිපති මන්දිර පරිශ්‍රයට පතිත වූ බව, දකුණු කොරියානු ආරක්ෂක අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 25 October 2024
කැලණි සරසවි සිසුවාගේ මරණයට හේතුව කැලණිය විශ්ව විද්‍යාලයේ පොල්හේන ප්‍රදේශයේ පිහිටි නේවාසිකාගාරයේ භතරවැනි මහලින් බිමට ඇඳ වැටී බරපතළ ලෙස තුවාල ලබා මියගිය සිසුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ රාගම මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ජේ. ඒ. පබසරා මහත්මිය ඔහුගේ පපුවට හා කොදු ඇට ප්‍රදේශයේ අස්ථි බිදී මුහුණ හා හිසේ ඇතිවූ තැලීමෙන් හා අස්ථි බිදීමේ හේතුවෙන් මොළයට හානි වීමෙන් මරණය සිදු වී තිබෙන බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කළාය. 24 October 2024
බදු නොගෙවූ සමාගම් අධ්යක්ෂ වසර හයක් සිරගෙට රුපියල් හැටහතතර ලක්ෂයකට අධික (6443716.71) බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරිමේ චෝදනාවට වැරදිකරු වූ සමාගම් අධ්‍යක්ෂවරයෙකුට මාස හයක ලිහිල් වැඩ සහිතව සිර දඬුවම් නියම කළ කොළඹ දිසා අධිකරණය එම බදු මුදල සමාන වාරික 24කින් රජයට ගෙවන ලෙසට අද (24)නියෝග කළේය. 24 October 2024
වරෙන්තුකරු අල්ලන් ගිය පොලිසියට ප්‍රහාරයක් වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අනුරාධපුර, ඔයා මඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට වරෙන්තුකරුගේ ඥාතීන් කළ පහරදීමක් නිසා තුවාල ලැබූ කොස්තාපල්වරුන් දෙදෙනු රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 24 October 2024
ආණ්ඩුකාරවරයා කළ පත්වීම ඔහුම රිවස් කරයි මධ්‍යම පළත් පුස්තකාල සේවා මණ්ඩලයේ සභාපති ධූරයට මධ්‍යම පළත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා පසුගිය 20 වැනි දින පත්කරන ඒ. ජී. මුදියන්සේ මහතා ජාතික ජන බලවේගය පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන අපේක්ෂකයකු බැවින් ,ආණ්ඩුකාර වරයාම එම පත්වීම අවලංගු කළ බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 24 October 2024
සීගිරියට සංචාරකයන් අඩුවක් නෑ විදේශීය සංචාරකයන් සම්බන්ධයෙන් විශේෂ අනතුරු ඇඟවීම් රටවල් ගණනාවක් විසින් නිකුත්කර තිබුණද මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සියයට 99 ක් පමණ දෙනාම පැමිණෙන සීගිරිය සංචාරක ප්‍රදේශයට අද උදෑසන වනවිටත් කිසිදු විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොමැති බව සංචාරක මඟ පෙන්වන්නෝ පවසති. 24 October 2024
මහනුවර හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් ඊශ්‍රායල් ජාතිකයන් නැවතී සිටින මහනුවර සංචාරක හෝටල්වලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පොලිසිය පියවර ගෙන තිබේ. 24 October 2024
‘‘ජනතාවගේ ආරක්ෂාව අප මුලින්ම තහවුරු කළා‘‘ අපි මාධ්‍ය සාකච්ජා තියන්න ගියේ නැහැ රජයක හැටියට අප කරන්න උවමනා දේ කළා. රටේ පුරවැසියාගේ ආරක්ෂාව අපි පලමුව තහවුරු කළා. අන්න ඒ විදිහටයි අපි රටක් කරන්නේ. කළ යුතු දේ කළ යුතු මොහොතේ කිරීමයි අපේ වගකිම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පුත්තලම නගරයේදී පැවසිය. 24 October 2024
ජොන්ස්ටන්ට එරෙහි වන්දි නඩුව මාර්තු නඩුව 24 විභාගෙට දේවේශ සහගත ප්‍රකාශයක් කරමින් සිදුකළ අපහාසයට රුපියල් මිලියන 500ක වන්දියක් හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අය කර දෙන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවරූ නඩුවේ සාක්ෂි විභාගය මාර්තු 24 දින සිදු කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද (24) දින නියම කළේය. 24 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026