ජනපති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රගතිය විමසයි මෙවර අයවැය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පස්වරුවේ පැවැත් විණි. 06 June 2025
වරදකරුවෙක්ට ජනපති සමාව දීලා අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කළ තවත් අධිකරණ කිහිපයක අධි චෝදනා විස්සක් පවතින අයකුට ජනාධිපතිවරයා වෙසක් පොහොය දිනයේදී ජනාධිපති පොදු සමාවදී ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 06 June 2025
පැය 4ක ප්‍රකාශයක් දී දයාසිරි පිටව යයි සමාජයේ කතාබහට ලක්ව තිබෙන බහාලුම් 323 මුදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් අද (6) පැය 4 කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය. 06 June 2025
අවාරයේත් ලංකාවට සංචාරකයන් ගෙන්වන්න යයි අවාර සමයේදීද සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්විණි. 06 June 2025
පළාත් සභා ඉදිකිරීම්වල විස්තර ප්‍රදර්ශනය කරන්න ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කරන සියලුම ඉදිකිරීම් ව්‍යාපෘතිවල ප්‍රමාණපත්‍ර (බී.ඕ.කිව්.) මහජනතාව දැනුවත්වීම සඳහා වැඩබිම්වල ප්‍රදර්ශනය කරන ලෙස මුදල් කොමිෂන් සභාව සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දැනුම්දී තිබේ. 06 June 2025
ජනපති කෘෂි - වාරි ලොක්කන් කැදවයි මෙවර අයවැය මගින් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (06) පැවැත්විණි. 06 June 2025
සබරේ දූෂණ හොයන්න ස්වාධීන පරීක්ෂණ කමිටුවක් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ මතුව තිබෙන සියලු දුෂණ සහ අක්‍රමිකතා සොයාබැලීමට ස්වාධීන පරීක්ෂණ කමිටුවක් පත්කිරීම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) නිර්දේශ කළේය. 06 June 2025
කෝටි 11200ක සීනි කාලා රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය. 06 June 2025
විදුලි පනතට එරෙහි පෙත්සම් විභාගයට දින දෙයි විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි හෙයින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවගෙන් සහ ජනමත විචාරණයකින් සම්මත කිරීමට නියෝග කරන්නැයි ඉල්ලා ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු ඇතුළු සංවිධාන හතක් ගොනු කර තිබූ පෙත්සම් ලබන 11 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (06) දින නියම කළේය. 06 June 2025
සමූපකාර හොරු අල්ලන්න නව නීති සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමට දැනටමත් කටයුතු අරඹා ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. 06 June 2025
මර්වින්ට - චන්දාණීට අධිචෝදනා බාර දෙයි කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෛන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නිත්‍යානුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාට සහ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව වියළි කළාප සංවර්ධන ව්‍යාපෘතියේ අධ්යක්ෂ ජනරාල්ධුරයට පුද්ගලයකු පත් කිරීම සහ නීතියානුකූල නොවන ආකාරයට එහි ව්‍යාපෘති වලට සිය හිතවතුන් පත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා පෙළඹවන ලද බවට හිටපු 06 June 2025
ගමේ පාරවල් හදන්න ප්‍රමුඛත්වය දෙන්න මාර්ග සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේදී ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩ කඩිනමින් අවසන් කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 06 June 2025
හේෂාට අලුත් තනතුරක් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අ මහතා පත් විය. 06 June 2025
ට්‍රම්ප් කලකිරීමෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස තමන් පිළිබඳ ලොව ධනවත්ම පුද්ගලයා වන ඊලෝන් මසක් තුළ දැඩි අකැමැත්තක් ගොඩ නැගී ඇති බවත් ඒ හේතුවෙන් ඔහුට තාර්කික හැකියාව අහිමි වී ගොස් ඇති බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 06 June 2025
හල්ලොලුවට වෙඩි තැබූ තවත් සැකකරුවෙක්ගෙන් රහස් ප්‍රකාශයක් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහරදී සහ වෙඩි තැබුවේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තවත් සැකකරුවෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවෙ රහස් ප්‍රකාශයක් අද(06) ලබා දුන්නේය. 06 June 2025
ට්‍රම්ප් - ෂී ජින්පින් දුරකතන සාකච්ඡාවක චීන ජනාධිපති ෂී ජින්පින් හා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකතන සංවාදයක් සිදුව ඇති අතර එහිදී එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීම හේතුවෙන් අතරමග නැවතී තිබූ දෙරට අතර වෙළෙඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට නායකයන් එකඟ වී ඇත. 06 June 2025
අධ්‍යාපනය වෙනස් කරන්න අනුකමිටු හයක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්රයේ නව වෙනස්කම් කිරීම සඳහා අනුකමිටු 6ක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේදී තීරණය විය. 06 June 2025
සැකකරුවෙක් අල්ලන්න පොලිසිය සහාය ඉල්ලයි පානදුර දකුණ ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධ පැදිකරු ලෙස ක්‍රියාකළ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය ඉල්ලයි. 06 June 2025
බහාලුම් 323ක් බලපෑමට පිට කරලා නැහැ වරායේ බහාලුම් 323 ක් ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ හෝ බලපෑම මත නිදහස් කර නැතැයි ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය 06 June 2025
ක්‍රිකට් නැති පාසල් තිහක ක්‍රිකට් දියුණු කරයි බස්නාහිර පළාත් පාසල් සඳහා ක්‍රිකට් උපකරණ බෙදාදීම ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී අද (6) පැවැත්විණි. 06 June 2025
අගමැති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අද සිදු කෙරිණි. 06 June 2025
ව්‍යාපෘති සැලසුම් නියමිත කාලයට අවසන් කරන්න රජයේ සෑම ව්‍යාපෘතියක්ම සැලසුම් කළ නියමිත කාල පරිච්ඡේදයේ දීම අවසන් කිරීමට වගබලා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 06 June 2025
සෞඛ්‍ය ඩිජිටල් කරන මූලික පියවරක් තබයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණ ව්‍යාපෘතිය යටතේ පොකුරු සෞඛ්‍ය තොරතුරු පද්ධතිය (Cluster Health Information System - CHIS) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් තඹුත්තේගම මුලික රෝහල කේන්ද්‍ර කර ගනිමින් දියත් කෙරිණි. 06 June 2025
හල්ලොලුව යළි රිමාන්ඩ් රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ තුසිත හල්ලොලුව ලබන 13 වැනිදා තෙක් යළි රිමාන්ඩ් ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද(06) නියෝග කළාය. 06 June 2025
අගමැතිනිය ජපානයට ස්තූති කරයි ශ්‍රී ලංකාව සහ ජපානය අතර දිගුකාලීන සංවර්ධන හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවි සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සියේ නව ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරෝනුමා මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී අද (6) පැවැත්විණි. 06 June 2025
ශ්‍රී ලංකන් යානයක් කාර්මික දෝෂකයකට ලක් වේ කටුනායක ගුවන්තොටුපොළ සිට සිංගප්පූරුව බලා පියාසර කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 306 දරන ගුවන් යානය ඉන්දුනීසියා ගුවන් අවකාශය තුළදී හදිසි කාර්මික දෝශයකට ලක් වීම නිසා එරට මෙඩාන් ( Medan ) ගුවන් තොටුපොළට ගොඩබස්වා ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රකාශකවරයෙක් පැවසීය . 06 June 2025
හෙක්ටර්ටත් මැතිසබේ තනතුරක් සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ලෙස තේරී පත්විය. ඒ එම කාරක සභාව ඊයේ (05) පළමුවරට පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. 06 June 2025
පොලිස් උප පරීක්ෂක වෙඩි වැදී මරුට මහියංගණ පොලිස්ථානයේ සේවයේ නියුතුව සිටි උප පොලිස් පරික්ෂකවරයෙක් අද දින උදැසන 8.45ට පමණ, පොලිස්ථානයේ විවේක කාමරයක් තුළදී වෙඩි වැදී මියගොස් ඇතැයි පොලිසිය කියයි. 06 June 2025
කෙහෙල්බද්දර පද්මෙට පාස්පෝට් හැදු ආමන විගමන පාලක ඇතුළු තිදෙනාට ඇප මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන දැනට ඩුබායි රටේ සිටින කෙහෙල් බද්දර පද්මෙ යන අයට විදෙස් ගමන් බලපත්‍රයක් සෑදීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සැකකාර ආගමනය විගමන පාලකවරයාට සහ ඡායාරූප ශිල්පීන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(06)නියෝග කළාය. 06 June 2025
අල්ලස් ඉල්ලූ කොළඹ වරායේ දෙදෙනෙකුගේ වැඩ තහනම් කොළඹ වරායේ භාණ්ඩ නිශ්කාසනය සදහා පැමිණි වාප්පු ලිපිකරුවකුගෙන් භාණ්ඩ පැටවීම සදහා අමතර රුපියල් 35,000 ක අල්ලසක් ඉල්ලූ වරාය අධිකාරියේ කම්කරුවන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කළ බව එම අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය. 06 June 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026