
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කතානායකවරයාගේ නිල නිවස පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයකට ලබාදීමට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවී ඇත
ඒ අනුව මාස හයක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ව්‍යාපෘති කළමනාකරුවෙකු ලෙස පත්කිරීමටද කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මෙම අනුමැති ය හිමිවූයේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදීය.
රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානයෙන් , උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීමට අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට දෙන්න.
හොඳයි, ඒත් ඉස්සරහට යාපනේ, මාතර, මොනරාගල, අම්පාර වගේ පැත්තක ඉන්න මනුස්සයෙක් කතානායක වුනොත් මොකද කරන්නේ? කෝ නිල නිවසක්? මේවා නම් ගොන් ජෝක්...
එතකොට අනාගත කතානායකවරු පත්වුණාම නවතින්නේ කොහේද? අසාධාරණ තීරණයක්. දේශපාලන මතවාද රාජ්‍ය හෝ ජාතික දේපල සමග පටලවන්න හොඳ නෑ නේද?