
(අංජුල මහික වීරරත්න)
ජපානය, දකුණු කොරියාව හා ඊශ්‍රායලය යන රටවල රැකියා අවස්ථා ලාංකිකයින්ට වැඩි වශයෙන් ලබාගැනීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර රැසක් ගෙන ඇති බවත් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පැවසීය.
එසේම නව රජය පත්වීමත් සමග රජයේ ක්ෂේත්‍ර වලට දේශපාලන මැදිහත්වීමක් සිදුනොවන නිසා පැහැදීමට ලක්වූ දියුණු රටවල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට නව රැකියා අවස්ථා විවර කරමින් සිටින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නව කාර්යාල පරිශ්‍රයක ස්ථාපිත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට බත්තරමුල්ලේදී එක්වෙමිනි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංශ කිහිපයක් නාරාහෙන්පිට, මෙහෙවර පියස කාර්යාලයේ පවත්වාගෙන ගිය අතර, විගමණික ප්‍රජාවට සිදුවන අපහසුතා සලකා බලා එම අංශ බත්තරමුල්ල, ප්‍රධාන කාර්යාලය ආසන්නයේ පිහිටි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊශ්‍රායලයේ යන්න එපා... මොකද ඒ ගැනම ආරුගම්බයට යුදෙව්වෝ එනවා...
ඇමැතිවරයාගේ වම්පසින් ඉන්න කොට නිලධාරියාට “කැමරා මේනියා” කියන රෝගී තත්වය තියෙනවා වගේ. ඉක්මණින් ප්‍රතිකාර අවශ්‍යයි.