
(අංජුල මහික වීරරත්න)
අතීතයේ සිද්ධ වුණ දේවල් ගැන කතා කරමින් කාලය අපතේ යැවීම අපරාධයක් බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
අදාල කාර්ය කොතනින් හෝ පටන් ගැනීම ඉතාම වැදගත් බව කී අග්‍රාමාත්‍යවරිය පසුගිය රජයන් වලදී බොහෝ රජයේ ආයතන වල තීන්දු තීරණවලට හේතුව දේශපාලන අධිකාරීයේ බලපෑම බව සඳහන් කළාය.
2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විදුහල්පති සහ ගුරු සංගම් සමග බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
මෙම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මංජුලා විදානපතිරණ, ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපති මහාචාර්ය සරත් ආනන්ද මහත්ම මහත්මීහු විදුහල්පති සහ ගුරු සංගම්වල සාමාජිකයෝ මීට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්ද මේවා කියන්නේ...? ඔයාලගේ ලොක්කගේ ඉඳලා සොක්කා වෙනකල් කරන්නේ ඕකනේ...
ඔව්. අවුරුදු 2500 ගිහින්ය... අපි තවම එතැනමයි. ඔය මොඩියුල ක්‍රමය පටන් ගැනීමේදී පහසුකම්, වියදම් ආදිය නිසා නොයෙකුත් ප්‍රශ්න ඇති වේවි. ඒත් සම්පූර්ණයෙන් අහෝසි නොකර ටික ටික හරි කළොත් අධ්‍යාපන ක්‍රමය ටික ටික හරි හැඩ ගැසේවි.
ඒක තමා මෙහෙ පොඩි ජෙප්පන්ගෙන් ආණ්ඩුව මෙතෙක් කොලේ මොනවද ඇහුවම අපට බනිනවා 76 වසරක සාපයක් කියලා, ඒ උත්තමයෝ සාපෙන් දුක් විඳින අප ගැන අනුකම්පාවෙන් ගිය නොවැම්බර් වල තවුතිසාවෙන් චුත වෙලා මෙහෙ ඇවිත් වගේ මන් හිතන් ඉන්නේ...
අතීතය ගැන කතා කරකර ඉන්නේ ඔබ තුමියන්ලානේ. තවම හොරා කාපු සල්ලි අයකර ගත්තෙත් නැහැ. ජනතාවගේ ජීවන බර අඩු කරේත් නැහැ...