’’දැලි පිහියෙන් කිරි කන්න හදන අයවැයක්’’ මෙවර අයවැය දැලි පිහියෙන් කිරිකෑමට උත්සාහ කරන අයවැයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසීය. 17 February 2025
සාදයකදී රෝගී වු තරුණයෙක්-තරුණියක් රෝහලට වත්තේගම , පල්ලේගුණ්නෑපාන ප්‍රදේශයේ හෝටලයක් තුළ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් පැවති සතිඅන්ත සාදයක් අතරතුර රෝගී වූ තරුණියක සහ තරුණයෙකු මහනුවර ජාතික රෝහලට ඇතුලත් කොට ඇති බව පොලිසිය කියයි. 17 February 2025
රාජ්‍ය සේවයේ අවම වැටුප 40,000ක් රාජ්‍ය අංශයේ අත්‍යවශ්‍ය පුරප්පාඩු තිස් දහසක් බඳවා ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා අය වැය යෝජනා ඉදිරිපත් කරමින් කියා සිටියේය. 17 February 2025
‘නාමයෝජනා නැතුව නීතිඥ සංගමයේ නිලවරණය එපා‘ යළි නාම යෝජනා කැඳවීමකින් තොරව ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන්නැයි ඉල්ලා එම සංගමයේ සාමාජික නීතිඥවරියක් කොළඹ දිසා අධිකරණය හමුවේ අද (17) නඩු පැවරුවා ය. 17 February 2025
ප්‍රවාහන සේවයේ දියුණුවටත් යෝජනා පොදු ප්‍රවාහන සේව වැඩි දියුණු කිරීමට ද ජනපතිවරයා සිය අයවැය කතාව ඉදිරිපත් කරමින් යෝජනා කළේය. 17 February 2025
පොල් අර්බුදය විසඳන්න යෝජනා පොල් නිෂ්පාදනය වැඩි කිරීම සඳහා කටයුතු කරනවා ජනපති අනුර කුමාර දිසානායක මහතා 2025 අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය. 17 February 2025
රජයේ සැප සැප වාහන ලබන මාසයේ සිට වෙන්දේසියේ රජයේ සියලුම සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේදී වෙන්දේසි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 February 2025
රන් ආලේපිත පිළිමයක් සොරාගත් දෙන්නෙක් දැලේ අඟුරුවාතොට අකුරුකළවිට ප්‍රදේශයේ දේවාලයකින් අඩි තුනක පමණ උසකින් යුත් රන් ආලේපිත කරඬුවක් සොරා ගත් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. 17 February 2025
විදුලිසැර වැදී නව හැවිරිදි දරුවා මරුට යාපනය වේලනෙයි සෙට්ටිපුලම් ප්‍රදේශයේදී නිවසක් තුළ විදුලිසැර වැදීමෙන් 09 හැවිරිදි පිරිමි දරුවෙකු ඊයේ (16) මිය ගොස් ඇතැයි කයිට්ස් පොලීසිය පැවසීය. 17 February 2025
නොරෝච්චෝල ජනන යන්ත්‍ර තුනම සක්‍රියයි නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය අද(17) අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය. 17 February 2025
මැතිසබේ අනංග සිද්ධිය: විමර්ශන කමිටුව ලත් තැනම ලොප් පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ සිදු වී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම සඳහා පත්කෙරුණු ත්‍රිපුද්ගල කමිටුව වින්දිත නිලධාරිනිය විසින් තරයේ ප්‍රතික්ෂේප කරනු ලැබීම හේතුවෙන් එහි විමර්ශන අතරමග නැවතී ඇතැයි වාර්තාවේ. 17 February 2025
අපරාදකරුවකුට රැකවරණ දුන් එස්.අයි. සහ බිරිය අල්ලයි කොග්ගල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළැයි කියන පුද්ගලයකුට රැකවරණය දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 17 February 2025
කුලියට ගමන් යන මුවාවෙන් වාහන ඉස්සූ යුවළක් දැලේ කුලි පදනමට රැගෙන ආ වෑගන් ආර් මෝටර් රථයක රියදුරුට බරපතල තුවාල සිදුකර වාහන පැහැර ගැනිම ඇතුළු චෝදනා රැසකට සම්බන්ධ සැකකාර යුවළක් පුත්තලම කොඨඨාශ අපරාධ විමර්ශන අංශයෙ නිළධාරීන් විසින් දඹදෙනිය ප්‍රදේශයෙදී ඊයේ (16) අත් අඩංගුවට ගත් බව කියයි. 17 February 2025
සිරුරට ගිනි ඇවිලී ස.ප්‍රා.ලේ.මරුට යාපනය චාවකච්චේරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඇගේ නිවසේදී ඇති වූ ගිනිගැනීමක් හේතුවෙන් බරපතල පිලිසුම් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් පසුව ඊයේ (16) දින මියි ගොස් ඇතැයි චාවකච්චේරි පොලීසිය පැවසීය. 17 February 2025
රිය අනතුරින් 12ක් රෝහලේ කන්දකැටිය බෝපිටිය මාර්ගයේ වැවේතැන්න ප්‍රදේශයේ දී අද (17) උදෑසන මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා ඇගලුම් කම්හලක පිරිසක් ගමන් ගත් වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තරුණියන් 08 දෙනෙකු ඇතුලු 12 දෙනෙකු කන්දකැටිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර ඇතැයි පොලීසිය කියයි. 17 February 2025
අපි සැම එක්ව රට ගොඩනඟමු ජාතික ජන බලවේග රජයේ මංගල අයවැය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. (වාර්තා කළේ: අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ) 17 February 2025
ඉලංගෙයි තමිල් අරුසකච්ඡ නව ලේකම් සුමන්දිරන් ඉලංගෙයි තමිල් අරුසකච්ඡ පක්ෂයේ නව වැඩ බලන මහ ලේකම්වරයා වශයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා පත් කළ කළ බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් නිවේදනය කොට සිටි. 16 February 2025
කැන්ඩි ඕ.ඩී.සී ගිය ටිල්වින් අය වැය ගැනත් කියයි වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට බංකොලොත් වී තිබෙනවා. බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි. 16 February 2025
තිස්ස පැත්තකට වෙයි එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා ලංකාදීපයට පැවසීය. 16 February 2025
අයවැය අරන් ජනපති හෙට මැතිසබයට මෙම වර්ෂය සඳහා රජයේ අයවැය ලේඛනය ( අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට ( 17 ) සඳුදා උදේ 10.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. 16 February 2025
වාර්ෂික කලා පොළෙන් ශ්‍රී ලාංකේය චිත්‍ර දින දර්ශනයේ ජනප්‍රියම වාර්ෂික උත්සවය වන ‘කලා පොළ 2025’ එළිමහන් කාල ප්‍රදර්ශනයේ 31 වැනි අදියර කොළඹ 7, ආනන්ද කුමාරස්වාමි මාවතේදී අද (16) පැවැත්විණි. 16 February 2025
පුංචි ඡන්ද පනත තුනෙන් දෙකෙන් සම්මත කරගන්නවා පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 16 February 2025
සෙබළුන්ගේ පාස්පෝට් රෙජිමේන්තුව බාරයට විදෙස් පුහුණුවීම් සහ සාම සාධක බළකා රාජකාරී කටයුතු කඩිනමින් සිදුකිරීම සදහා යුද හමුදා මේජර් තනතුරට පහළ සියලුම සෙබළුන්ගේ විදෙස් ගමන බලපත්‍ර රෙජිමේන්තුව බාරයේ තබන ලෙස යුද හමුදා මූලස්ථානය සියලු රෙජිමේන්තු බාර අණ දෙන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් වරුණ ගමගේ මහතා පැවැසීය. 16 February 2025
අදානි සමගාම වාසිගන්න නාට්‍යයක් කරනවා අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා ජන අරගල සන්ධානය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා එසේ කීය. 16 February 2025
විපක්ෂය මැතිවරණයට බියේ කල්දාන්නැයි ඉල්ලීම් කරනවා විපක්ෂය මැතිවරණය කල්දාන්න මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමට හේතුව ජනතාව අතරට යෑමට ඇති බිය බවත් වර්තමාන ආණ්ඩුව පෙරළීම විපක්ෂය දකින හීනයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 16 February 2025
පෞද්ගලික සරසවි අධීක්ෂණ කිරීමේ සූදානමක් අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ව පෞද්ගලික විශ්වවිද්‍යාල අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය. 16 February 2025
නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි කොළඹ වරාය රන්වල නාවික හමුදා අවි ගබඩාවෙන් සොරාගත් ටි 56 ගිනි අවියක් සමඟ නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය කියයි. 16 February 2025
මන්නාරම - පුනරින් බලාගාර මුලික සංවර්ධනයට මිලියන 261ක් වැයකරලා මන්නාරම සහ පුනරින්හි මෙගාවොට් 500ක ධාරිතාවයෙන් යුත් පූනර්ජනනිය බලශක්ති බලාගාර ඉදිකිරිමේ ව්‍යාපෘතිය ඉන්දියාවේ අදානි සමාගම වෙත පිරිනමනවිට එකි ව්‍යාපෘතිවල මුලික සංවර්ධන කටයුතු සදහා ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් රුපියල් මිලියන 261.7 මුදලක් වැයකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 16 February 2025
අඟුපිළක නිධන් හෑරූ 4ක් පොලීසියට මාට්ටු බදුල්ල වේවැල්හින්න බලගොල්ල ප්‍රදේශයේ නිවසක අගුපිළක නිධන් හාරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු උපකරණ රැසක් සමඟ අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි . 16 February 2025
උසස් පෙළ කප් ගසා 2025 උසස් පෙළ විභායේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් වනිගසූරිය හිමිකරගෙන ඇත... 01 April 2026