යාපනයම බිය කළ හොරෙක් මාට්ටු
යාපනය, කෝපායි, අච්චුවේලි, චුන්නාකම් ප්රදේශවල ජනතාව බියට පත්කරමින් රාත්රී කාලයේ නිවාසවලට පැන කෝටි ගණනක මුදල්, රන්බඩු ඇතුළු දේපොළ කොල්ලකෑ සැකකරුවකු පොලිසියට ජීව අත්බෝම්බයකින් පහරදීමට යාමේදී වත්තල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.