පොල් - කුරුම්බා රට යැවීම පොල් ගැටලුවට හේතුව වර්තමානයේ රට මුහුණ දී සිටින පොල් අර්බුදයට හේතුව පොල් අපනයනය කිරීම බවත් ශ්‍රී ලංකාවේ පොල් අපනයන ඉල්ලුම මිලියන 800 සිට මිලියන 1,400 දක්වා ඉහළ ගොස් ඇති බවත් ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (9) පැවසීය. 09 December 2024
අපේක්ෂකයන් 949 කගේ ආදායම් - වියදම් වාර්තා නෑ නොවැම්බර් මස පැවැති මහ මැතිවරණයේදී මැතිවරණ දිස්ත්‍රික්ක 22 න් තරග කළ අපේක්ෂකයන් 8,361 න් අපේක්ෂකයන් 949 ක් සහ පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් 690 න් 197 ක් මැතිවරණ ආදායම් සහ වියදම් වාර්තා නියමිත දිනට භාරදී නොමැති බව මැතිවරණ කොමිසන් සභාව පවසයි. 09 December 2024
‘‘ජනපති අනුර රනිල්ගේ ගිවිසුම ක්‍රියාත්මක කරනවා‘‘ වත්මන් රජය ජනවරමට පිටුපා අයිඑම්එෆ් ගිවිසුම ගැන ජනතාවට දුන් පොරොන්දු අමතක කර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රජය ක්‍රියාත්මක කළ ගිවිසුමම තවදුරටත් ක්‍රියාත්මක කරනවා යැයි - සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 09 December 2024
පළාත් පාලන ඡන්දයේ වියදම ඉල්ලා රනිල්ට නඩු දානවා නාමයෝජනා කැඳවා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් රුපියල් කෝටි 72 ක මුදලක් අපතේ යෑම පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අධිකරණයට යන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 09 December 2024
කතක් අධිකරණයේ සිරකුටියට දුම්කොළ පාර්සලයක් විසි කරලා කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අසුන්ගෙන සිට පිරිසක් අතරින් සැකකරුවන් රදවා තිබූ සිර කූඩුව දෙසට දුම්කොළ පාර්සලයක් විසි කළ කාන්තාවක අද (9) අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි. 09 December 2024
බලශක්ති ක්ෂේත්රයට ඇමරිකාවේ සහය ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ වර්ධනයට අවශ්‍ය තාක්ෂණික සහ සෙසු සහය ලබාදීමට ඇමරිකානු රජය කැමැත්තෙන් පසුවන බවත් ඉහළ ජනවරමකින් බලයට පත්වූ නව ආණ්ඩුව ලාංකීය ජනතාවගේ අභිලාශයන් ඉටුකරනු ඇතැයි දැඩි අපේක්ෂාවෙන් පසුවන බවත් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනී ජූලි චංග් මහත්මිය පවසන්නීය. 09 December 2024
මාස දෙකකදී 1802 ක් ඊශ්‍රායලයට මේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්‍රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව විදේශ සේවා කාර්යාංශය සදහන් කරයි. 09 December 2024
ඇමරිකා දූතයෝ කතානායක හමු වෙති ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ (Donald Lu) මහතා ප්රමුඛ එක්සත් ජනපද ඉහළ පෙළේ නියෝජිතයෝ කථානායක අසෝක රන්වල මහතා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී හමුවූහ. 09 December 2024
වායු ගුණත්වය යළි අහිතකර මට්ටමකට දිවයිනේ නාගරික ප්‍රදේශවල වායු ගුණත්වය අද(9) දිනයේ සිට සුළු වශයෙන් අහිතකර මට්ටමකට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 09 December 2024
නාවිකයන් 2138කට උසස් වීම් නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 2138 කට ක්‍රියාත්මක වන පරිදි උසස්වීම් ලබාදී ඇත. 09 December 2024
බෝක්කු වහලා ගමක් මාස දෙකක් යටවෙලා මුන්දලම විරුතෝඩේ ගම්මානයෙ ජලය බැස යන ප්‍රධාන කානු පද්ධතියක් හා බෝක්කුවක් වසා දැමිමේන් තම නිවාස මාස දෙකකට ආසන්න කාලයක් ජලයෙන් යටවි ඇති බව එම ජනතාව චෝදනා කරතී. 09 December 2024
කූලී වාහන වැඩි මිලට විකිණු හොර දොස්තර අත්අඩංගුවට වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානවලින් අති සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට වංචනික ලෙස ව්‍යාජ සහතික සකසා අධික මිල ගණන් වලට අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම උප ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ. 09 December 2024
ලොහාන් ප්‍රසිද්ධියේ සමාව ගනියි බීමතින් ඩිෆෙන්ඩර් ජීප් රථයක් පදවා මෝටර් රථයක් හප්පා අනතුරක් සිදුකර එහි ගමන් ගත් නීතිඥවරයකුට බැන මරණීය තර්ජන සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා එලෙස බැන තර්ජනය කළ නීතිඥවරයාගෙන් අද (09) විවෘත අධිකරණයේදී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය. 09 December 2024
අයිස් සමග ඇල්ලූ ධීවරයින් 11 රිමාන්ඩ් ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඉන්දිය නාවික හමුදාව ඒකාබද්ද මෙහෙයුමකින් පසුව ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 356 ක් සමග අරාබි මුහුදේ දී අත්අඩංගුවට ගත් සැකකාර ශ්‍රී ලංකීය ධීවරින් එකොළොස් දෙනා ලබන 17 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(09) නියෝග කළේය. 09 December 2024
විදුලිබල සේවකයන්ට ප්‍රසාද දීමනාව නෑ ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා මෙම වසරේ ද නොදීමට එම මණ්ඩලයේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 09 December 2024
ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය 0.6කින් පහළට රාජ්‍ය බැංකු රැසක් ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් සඳහා ගෙවන පොලිය සියයට 7.5 ක් දක්වා පසුගිය සතියේ තව දුරටත් අඩු කළ බව ප්‍රධානම රාජ්‍ය බැංකුවක උසස් නිලධාරියෙක් පැවසීය. 09 December 2024
ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරනවා ක්‍රීඩාවෙන් දේශපාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කරා සියලුම ක්‍රීඩාව රැගෙන යාමේ සැළසුම් 2025 ජනවාරි මාසේ මුල් සතියේ ආරම්භ කරන බවත් ඒ අනුව 2028 වසර ඔලිම්පික් බලාපොරොත්තු තබාගත හැකි වසරක් ලෙස බලාපොරොත්තුවක් තැබිය හැකි බවත් නියෝජ්‍ය ක්‍රීඩා අමාත්‍ය සුගත් තිලකරත්න මහතා අද (9) පැවසීය. 09 December 2024
හෙම්බිරිස්සාව සෑදී නිවසේ සිටි බිලිඳිය මිය ගිහින් සෙම්ප්‍රතිශ්‍යාව වැළදී නිවෙසේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 3 ක බිළිදියක මියගොස් ඇති බව මාරවිල පොලිසිය පවසයි. 09 December 2024
සුරා බලපත් විකුණා මාස 9ට බිලියන 3.1ක් හෙව්වා සියලු සුරා බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 December 2024
පොඩි ලැසීට ඇප අරුමාහන්දි ජනිත් මධුසංක නොහොත් පොඩී ලැසී නමැත්තාට අද බලපිටිය මහේස්තාත් ආර්.ඩී.ජානක මහතා ඇපමත මුදාහරින ලෙස නියෝග කළේය. 09 December 2024
උතුරු මැද සංචාරක ව්‍යාපාරයට දුන් කෝටියකට වැඩි මුදලක් පිල්ලි ගහලා උතුරු මැද පළාතේ සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය උදෙසා වාර්තාමය විඩීයෝ වැඩ සටහනක් නිෂ්පාදනය කිරිම ඇතුළු කාර්යන් කිහිපයකට පුද්ගලික සැපයුම් කරුවෙකුට 2016 වසරේදි පළාත් සභාවෙන් රුපියල් එක්කෝටි විසිඑක් ලක්ෂයකට අධික මුදලක් ගෙවා තිබුනද එකී කාර්ය වසර ගනනාවක් ගතව ගියත් මෙතෙක් ඉටුවි නොමැති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ විගණන වාර්තාවකින් හෙළිදරව් කොට තිබේ. 09 December 2024
තුත්තුකුඩියෙන් සහල් ටොන් 10,000 එයි ඉන්දියාවේ තුත්තුකුඩිය වරායෙන් පැටවූ සහල් මෙට්‍රික්ටොන් 10,000 කට අධික තොගයක් කොළඹ වරායට ළගාවී ඇතැයි අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. 09 December 2024
ධීවර අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස නීතිඥ එම්. ඒ. එල්. එස් මන්ත්‍රීනායක මහතා පත් කර ඇත. 09 December 2024
ස්පා කොල්ලකරුවන් අත්අඩංගුවට තියුණු ආයුධ රැගෙන.සොරා ගත් යතුරුපැදි වලින් ගොස් සම්බාහන ආයතන වලට කඩා වැදී එහි රැඳී සිටින තරුණියන් ගේ දේපළ කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි . 09 December 2024
බස්නාහිර පුස්තකාල සේවක ගැටලු ඉක්මණින් විසඳන්න උසස්වීම් නොලැබීම ඇතුළු ගැටලු රැසකට මුහුණ දී සිටින බස්නාහිර පළාත් පුස්තකාල සේවකයන්ගේ ගැටලුවට වර්තමාන ආණ්ඩුව විසඳුම් දෙනු ඇතැයි විශ්වාසයක් ඇති බවත් බස්නාහිර පුස්තකාල සේවකයන්ට උසස්වීම දීමට මීට මාස හකට පමණ පෙර පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මේ දක්වා නිකුත් කර නොමැති බවත් බස්නාහිර පළාත් පුස්තකාල වෘත්තීය සංගමයේ සභාපති හසිත ප්‍රදීප් තරංග මහතා පැවසීය. 09 December 2024
පොඩි ලැසීගේ සිරමැදිරිය පිටුපසින් තහනම් භාණ්ඩ බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රඳවා සිටින. විශේෂ ගණයේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී නමැත්තා රඳවා සිටින විශේෂ සිරකුටිය පිටුපස කඩා විනාශ කරන ලද ජංගම දුරකථනයක්, සහ දුරකථන උපාංග කොටස් සඟවා තිබියදී සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 09 December 2024
බ්‍රසීල ගිනි අවියක් කන්ටේනර් පෙට්ටියක් යට වැල්ලම්පිටිය මීතොටමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ගොඩනැගිල්ල පිටුපස කන්ටේනර් පෙට්ටියක් යට සඟවා තිබූ බ්‍රසීලයේ නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ මැගසින් දෙකක් සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි . 09 December 2024
පා.මන්ත්‍රී රියේ ගැටුණු කාාන්තාවක් මරුට සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනයේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා ගමන්ගත් ජිප්රථයේ වෙන්නප්පුව ප්‍රදේශයේදී පදික කාන්තාවක් ගැටී බරපතල තුවාල ලබා මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි. 09 December 2024
තැනින් තැන අදත් වැසි වාර කිහිපයක් උතුරු සහ නැගෙනහිර පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 09 December 2024
හිටපු පා.මන්ත්‍රීගේ එකලස් කළ ලොරියක් පොලිස් බාරයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට අයත් නීති විරෝධී ලෙස කොටස් මෙරටට ආනයනය කර එකලස් කර ඇති බවට සැකකරන ඉසුසු වර්ගයේ ලොරියක් සිය භාරයට ගත් බව වලාන මධ්‍යම දුෂණ වර්ධන ප්‍රහාරක බලකාය කියයි 09 December 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025