ටිල්වින් චීන සංචාරක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ චීනයේ ජජියාන් පළාතේ ආණ්ඩුකාර ලියු ජියේ මහත්වරුන් අතර හමුවක් චීන ජජියාන් පළාත් ප්‍රධාන මහජන රුස්වීම් ශාලාවේදි පැවැත්විණි. 10 June 2025
තරුණ සේවා සභාවේ තව සෙල්ලම් විගණනයෙන් එළියට ජාතික තරුණ සේවා සභාව තරුණ තරුණියන්ගේ දැනුම කුසලතා නැංවීම සහ ශිල්පිය දැනුම වර්ධනය කිරීම සඳහා භාණ්ඩාගාර ප්‍රතිපාදන යොදා ගැනීම වෙනුවට තරුණ තරුණියන්ට රසාස්වාදනය ලබාදීමට යැයි පවසමින් පසුගිය වසරේදී ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග පැවැත්වීමට පමණක් රුපියල් කෝටි තිස් දෙකකට වැඩි මුදලක් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය එම සභාවේ කටයුතු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විශේෂ විගණන වාර්තාවේ දැක්වේ. 10 June 2025
සොරකමේ ගිය අටේ කල්ලිය අත්අඩංගුවට කොළඹ දිස්ත්‍රික්කයේ තැන තැන නවතා තිබූ ත්‍රී රෝද රථ හා යතුරුපැදි සොරකමේ නියැලුණු අටේ කල්ලිය අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය කියයි. 10 June 2025
රාජකාරියට බාධා කළ කල්පිටිය ප්‍රා.ස. හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට කල්පිටිය විවිධ සේවා සමුපකාර සමිතියෙ සාමාන්යාධිකාරිවරිගේ රාජකාරියට බාධා කරමින් කලහාකාරි ලෙස හැසිරුණු කල්පිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයකු ඊයේ(9 ) අත්අඩංගුවටගත් බව නොරොච්චෝල පොලීසිය කියයි. 10 June 2025
බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් හැදිය යුතුයි බුදු දහමේ මග අනුව යමින් ස්වයංපෝෂිත රටක් කරා පිය නැගිය හැකි වාතාවරණයක් උදා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 10 June 2025
ජනාධිපති සමාවට මුවා වී සිරකරුවන් 26 ක් ගෙදර යවලා ගෙවුණු වසරේ සහ පසුගිය නත්තල් දිනයේදී රට පුරා බන්ධනාගාරවල සිටි ජනපති සමාවට නුසුදුසු සිරකරුවන් 26දෙනෙකු මුදා හැර ඇති බව විමර්ශනවලදී පෙනී ගොස් ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. 10 June 2025
වැස්ස වැඩිවන ලකුණු සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන්, අද (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 June 2025
රට පුනරුද යුගයකට යන ගමනේ පොසොන් පෝය ආශිර්වාදයක් සමස්ත රටම නැවතත් නව පුනරුද යුගයක් වෙනුවෙන් කලඑළි වන සමයක පොසොන් පොහොය නව යුගයට පින්බර ආශිර්වාදයක් වනු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පොසොන් දින පනිවිඩයෙන් පවසයි. 10 June 2025
සරු දෙය සරු ලෙසත් නිසරු දෙය නිසරු ලෙසත් දකිමු අනුබුදු මිහිදු මාහිමියන් මෙරටට දායාද කළ උතුම් බුදු දහමේ සඳහන් පරිදි “සරු දෙය සරු ලෙසත්, නිසරු දෙය නිසරු ලෙසත්” දකිමු යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොසොන් දින පනිවිඩයෙන් පවසයි 10 June 2025
පොසොන් පොහොය අදයි අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට සැපත් වූ ඒ අසිරිමත් පොසොන් පුර පසළොස්පොහොය දිනය අදයි. 10 June 2025
ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ් 16 හැවිරිදි රූමත් පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිරුවත් ශරීර බද්ධ කර වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය. 09 June 2025
දියණිය රැගෙන එන්න ගිය තාත්තා මෝටර් රථයට බිලි අමතර පංතියක සිටි දියණිය කැටුව ඒමට යමින් සිටි පියකු මෝටර් රථයකට යටවී මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි. 09 June 2025
පොලිසියට පහරදුන් පිරිස පාලනයට අහසට වෙඩි තබයි බේරුවල ධීවර වරාය ආසන්නයේ දී පොලිසිය සහ බෞද්ධ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුර දිග යාමෙන් පසු පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව ප්රදේශවාසිහු පවසති. 09 June 2025
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් අත්අඩංගුවට වැඩ තහනමට ලක් කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (9) රාත්‍රි අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යු.වුට්ලර් මහතා පැවසීය 09 June 2025
පොසොන් උත්සවයට දන්සල් 19,185ක් ලියාපදිංචි වෙයි පොසොන් උත්සවය වෙනුවෙන් රටපුරා පොසොන් දන්සල් 19185 ක් ලියාපදිංචි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග මහත්මිය සඳහන් කරයි. 09 June 2025
කෙහෙළියගෙන් පැය 5ක ප්‍රකාශයක් කෙහෙළිය රඹුක්කැල්ල මහතාගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් මහාධිකරණයේ විභාගවන නීති කෘත්‍යයට අදාළව අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය. 09 June 2025
දේශබන්දුගේ පාර්ශවයේ ස්ථාවරය කමිටුවට දැනුම් දෙයි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවට සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් සම්බන්ධයෙන්, වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය විසින් සිය ස්ථාවරය ඉදිරිපත් කිරීම අද සිදු කෙරිණි. 09 June 2025
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලය බැබලෙයි සීමාසහිත විජය පුවත්පත් සමාගම 22 වැනි වරටත් සංවිධානය කළ තන්තිරිමලය ’’ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර, විජය පුවත්පත් සමාගමේ මෙහෙයුම් ප්‍රධානී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් විසින් අද (9) විවෘත කරනු ලැබූණි 09 June 2025
මත්ද්‍රව්‍ය යැයි සැක පාර්සල් 100ක් වීරකැටියේ ඉඩමක වීරකැටිය අතුබොදේ ප්‍රදේශයේ කැළයක සඟවා තිබූ කෝපි යැයි සටහන් කර ඇති කිසියම් කුඩු වර්ගයක් ඇතුළත් සැක කටයුතු පාර්සල් 100 ක් සොයාගෙන ඇති බව වීරකැටිය පොලීසිය කියයි. 09 June 2025
රනිල් අනිද්දා සී.අයි.ඩීයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අනිද්දා (11) පෙනී සිටී. 09 June 2025
ධනසිංහ බන්ධනාගාරයේ වැඩබැලීම පත්කරයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් සහ හිටපු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙක් වන නිෂාන් ධනසිංහ මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට පත්කර තිබේ. 09 June 2025
අ‘පුර බන්ධනාගාර අධිකාරි රිමාන්ඩ් අනුරාධපුර බන්ධනාගාරයේ සිරදඬුවම් නියම වූ සිරකරුවකුට සමාව හිමි වූ බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර නිදහස් කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා අනිද්දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අනුරාධුපුර මහේස්ත්‍රාත් නියම නාලක සංජීව ජයසූරිය මහතා නියම කළේය. 09 June 2025
ජනපති අනුර 11 ජර්මනියට ජර්මානු ජනාධිපති ෆ්රෑන්ක්-වෝල්ටර් ස්ටයින්මියර්ගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 11 සිට 13 වැනිදා දක්වා ජර්මනියේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 09 June 2025
’’ඇමති බංගලා ගැන තවමත් තීරණයක් නෑ’’ ආණ්ඩුව බලයට පත්වී මාස හතකට ආසන්න කාලයක් ගතවී ඇතත් කොළඹ ඇමැති බංගලා සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නැතැයි වාර්තාවේ. 09 June 2025
මර්වින් ඇතුළු පිරිස යළි රිමාන්ඩ් ඉදිකිරීමක් සඳහා රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රිමාන්ඩ් බාරයේ සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි නියම කළාය. 09 June 2025
කදුරුවෙළ ඉන්ධන ටැංකි ගොඩ අරන් කපලා ඛනිජ තෙල් සංස්ථාවේ කදුරුවෙල ගබඩාවක ඉන්ධන ලීටර් 45,000ක් පිරවිය හැකි භූගත ටැංකියක් ගොඩ ගෙන කොටස් කර ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 09 June 2025
දුම්රිය අනතුර වැලැක්වූ සමන්ත - විදුර ඇගයේ පානදුර සහ- මොරටුව දුම්රිය ස්ථාන අතර පීල්ලක් කැඩී තිබෙන අයුරු දැක සාගරිකා දුම්රිය එම ස්ථානයට ළගාවීමට පෙර වැළැක්වීමට ක්‍රියා කළ සමන්ත ප්‍රනාන්දු මහතා සහ එයට පසුපසින් ධාවනය වූ දුම්රිය ගැටීමකින් තොරව වළක්වාගත් රියදුරු විදුර විදර්ශන මහතා ඇගයීම එම අමාත්‍යංශයේදී අද (9) පැවැත්විණි. 09 June 2025
ගම්පහට පැය 10ක ජල කප්පාදුවක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට මෙම මස 11 වැනි දින පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසීය. 09 June 2025
සුරා බදු ආදායම බිලියන දහයකින් වැඩිවෙයි මේ වසරේ ඉලක්කගත සුරාබදු ආදායම වන රුපියල් බිලියන 242 න් මේ වන විට බිලියන 98ක් උපයාගත හැකිවූ බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට පැවසූහ. 09 June 2025
ලොකු කුඩු නඩුවක් යළි විභාගයට හෙරොයින් කිලෝ 196.8ක් සමග උතුරු මුහුදේදී ජාවාරම් කළ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ චෝදනා වලින් ධීවරයන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව යළි මුල සිට විභාග කිරීමට මහාධිකරණයට අද නියෝග කළේය. 09 June 2025
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026