
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියන් තානාපති ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය( Dewi Gustina Tobing ) සහ කෘෂිකර්ම,පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා අතර හමුවක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොවිජන මන්දිරයේදී සිදු විය.
දෙරටේ අන්‍යොන්‍ය අවබෝධය වර්ධනය කරමින් කෘෂිකාර්මික ක්ෂේත්‍රය වඩා ශක්තිමත් කිරීම, හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම සහ කෘෂිකාර්මික නිෂ්පාදන වල ආනයන අපනයන අවස්ථා වර්ධනය කිරීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ විය.
මිලියන 280 ක් පමන ජනගහනයක් ජීවත් වන ඉන්දුනීසියාව කෘෂිකාර්මික රටකි. ඉන්දුනීසියාව කුකුල් මස්, කිරි, බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය විදේශ රට වලින් ආනයනය කරන නිසා එම අවස්ථාවන් ශ්‍රී ලංකාවට ලබා දීමට හැකියාව ඇති බවත් තානාපතිවරිය අමාත්‍යවරයාට ප්‍රකාශ කළේය. කිරි නිශ්පාදන ක්ෂේත්‍රයේ විශාල ඉදිරි සැලැස්මක් ඇති නිසාම ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කිරීමට තම රජය ඉතා කැමැත්තෙන් සිටින බව ද ඇය ප්‍රකාශ කළාය.


2025 දෙසැම්බර් මස 16
30
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
826
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
602
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඉන්දුනීසියා තානාපති කෘෂි ඇමති හමුවෙයි