IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සෞඛ්‍යයට කාටත් සමාන ඉඩක් දෙන ප්‍රතිපත්තියක් එළි දකියි

(අංජුල මහික වීරරත්න)

“සාර්ව සෞඛ්‍ය ආවරණය (Universal Health Coverage – UHC) සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිය” සහ “සෞඛ්‍ය ප්‍රතිපත්ති වල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී සිදු විය.

සියලු ජනතාවට ප්‍රමාණවත් මෙන් ම සෞඛ්‍ය ආරක්ෂාවක් සහිත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සඳහා සමාන ප්‍රවේශයක් ඇති බව සහතික කිරීම මෙම මාර්ගෝපදේශ විශ්ලේෂණය කිරීමේ වාර්තාව එළිදැක්වීමේ අරමුණ විය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මෙම වාර්තාවේ ප්‍රථම පිටපත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට පිළිගැන්වීය.

“සාර්ව සෞඛ්‍ය ආවරණය සඳහා සෞඛ්‍ය සේවා සැපයීම පිළිබඳ ශ්‍රී ලංකාවේ  ප්‍රතිපත්තිය විශ්ලේෂණය කිරීම” සහ “සෞඛ්‍ය ප්‍රතිපත්තිවල ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රධාන ප්‍රවාහයට ගෙන ඒම සඳහා වන මාර්ගෝපදේශය” වාර්තා එළිදැක්වීම සාර්ව සෞඛ්‍ය ආවරණ ප්‍රවේශයේ වැදගත් සන්ධිස්ථානයක් බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කීය.



අදහස් (1)

සෞඛ්‍යයට කාටත් සමාන ඉඩක් දෙන ප්‍රතිපත්තියක් එළි දකියි

පන්සිළු Monday, 04 August 2025 06:07 PM

මොකද්ද මේ ස්ත්‍රී පුරුෂ භාවයක්? එහෙම ප්‍රශ්ණයක් අපේ රටේ ඇත්තේම නෑ. ඉතා විවෘත මනසකින් ජීවත්වන ජනතාවක් ඉන්නේ... සුළු ජන කොටසක් ඇරෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 30 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site