IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හොඳ ආර්ථිකයක පළමු පියවර දේශීය ගොවියා රැකීමයි

(අංජුල මහික වීරරත්න)

සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ පළමු පියවර විය යුත්තේ දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

නාමල් රාජපක්ෂ මේ බව පැවසූයේ සෙවනගල උක් ගොවීන් මුහුණපා ඇති ගැටලු සම්බන්ධයෙන් විමසා බැලීම සඳහා එම ප්‍රදේශයේ කළ සංචාරයකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

ලංකා සීනී සමාගමේ  සෙවනගල සහ පැලවත්ත උක් ගොවීන්, කර්මාන්ත ශාලාවල සේවකයින් මෙන්ම සැපයුම්කරුවන් මුහුණ පා ඇති අර්බුධය පිළිබඳව සාකච්ඡා කිරීමට ඔවුන් මුණගැසුණු බව කී නාමල් රාජපක්ෂ මහතා ඔවුන් දැඩි ජීවනෝපාය අර්බුදවලට මුහුණ දී සිටින බව සඳහන් කළේය.

සේවක වැටුප් නිසි වේලාවට නොගෙවීම, උක් ගොවීන් වෙත ලබා දිය යුතු මුදල් මාස ගණනාවක් නොගෙවීම, සැපයුම්කරුවන් වෙත නිසි ගෙවීම් නොලැබීම, සේවක අර්ථසාධක අරමුදල් ක්‍රියාවලිය නිසි පරිදි කළමනාකරණය නොවීම සහ උක් ඇඹරුම් ක්‍රියාවලියේදී ප්‍රමාණවත් නිෂ්පාදනයන් සිදු කිරීම මන්දගාමී වීම නිසා උක් වගාවන් අසීමිතව අපතේ යාමේ බරපතල ගැටළුවලට උක් කර්මාන්තය මුහුණ දී සිටින්නේ යැයි නාමල් රාජපක්ෂ මහතා කීය.

දේශීය ගොවියාට නිෂ්පාදන සඳහා ලබා දෙන වටිනාකම හොඳින් පවත්වා ගැනීමෙන් ඔවුන්ගේ ආර්ථිකය  ශක්තිමත් වනවා පමණක් නොව, එමඟින් රටේ ආර්ථිකයද ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කීය.

නිෂ්පාදන සැලසුම් නිසි කළමණාකරණය කරමින් මේ කාර්‍යයන් සිදු විය යුතු බව සඳහන් කළ නාමල් රාජපක්ෂ මහතා නැතහොත් ලංකාවේ සීනි කර්මාන්තය විනාශ වීමේ අවදානමක් පවතින්නේ යැයිද කීය.



අදහස් (9)

හොඳ ආර්ථිකයක පළමු පියවර දේශීය ගොවියා රැකීමයි

අන්_ර Monday, 04 August 2025 06:22 PM

අපිට නම් ගොවියෝ රකින්න වෙලාවක් නෑ. ෆොරීන් ටුවර් ගහලා, කාලා බීලා හමින්බර්ඩ් කෙනෙක් වගේ සැපේ ඉන්නයි ඕනෑ. ඡන්ද කිට්ටු වුණාම කියන්න පච ඕනෑතරම් තියෙනවා...

:       6       10

යෝගා Monday, 04 August 2025 06:27 PM

"බිග් කොච්චන්" සෙවනගල යකඩ වලට විකුණන්නයි යන්නේ. එතකොට උක් ගොවීන්ගේ ප්‍රශ්නෙ විසඳෙනවාලු.

:       6       7

NIHAL DHARMATILEKE Monday, 04 August 2025 06:43 PM

රට බංකොළොත් කෙරුවා ඔහෙලා... කවුරුත් දන්නවා ඒක... දැන් මේ මොන ආර්ථිකයක් ගැනද මේ යෝධයා කතා කරන්නේ...?

:       6       16

Nelupa sadamalee Monday, 04 August 2025 08:46 PM

විශාල කලුගලක් උක් ගස් අස්සේ සඟවා අඔරන යන්ත්‍රයට දැමීමට උත්සාහ කළ කන්ඩායම සොයා ගැනීමට මෙම කතාව උපකාර විය හැකිය.

:       4       11

දිනෙශ් Monday, 04 August 2025 09:03 PM

පොහොර ආනයනය නතර කරලා, ගොවියා සංවර්ධනය කරන්න ඕනෑ. හැබැයි අපි මැරිලා ඉපදුනේ නෑ

:       4       12

මහී Monday, 04 August 2025 09:57 PM

කාබනික පොහොර විප්ලවයක් කලේ ගොවියා රැකගන්න ද?

:       0       1

Perakum Liyanagama Tuesday, 05 August 2025 01:09 AM

ඕව ඉතිං ඒගොල්ලන්ගෙ කාලෙ කරල පෙන්නන්න තිබුන නේ. දැන් නිකං බයිල ගහනව.

:       0       2

චින්තක Tuesday, 05 August 2025 09:45 AM

අනේ හිච්චි කොලුවෝ උබේ බාප්පා ගොවියෝ රැක්ක විදිහ කොහොමද කියල රටේ මිනිස්සු දන්නවා. රටේ ජනාදිපති වෙන්න ඔය බොරු කියල හරි යන්නේ නැහැ

:       0       4

Rata Perata Tuesday, 05 August 2025 12:02 PM

උබේ තාත්තා සුද්දෙක් ද? අම්මගෙන් අහලා බලන්න. මෙතැන නිකම් කුලියට ලියන්නේ නැතුව ඉන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 30 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site