
(කුෂාන් ජයවර්ධන)
ඉපලෝගම ප්‍රාදේශීය සභා සභිකයකු පවත්වාගෙන ගිය සූදු පොළක් වැටලු පොලිසිය ප්‍රාදේශීය සභා සභීකයකු ඇතුලු පුද්ගලයන් 15 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.
ඉපලෝගම කුංචිකුලම නිවෙසක් තුළ සූදුපොලක් පවත්වාගෙන යන බවට ඉපලෝගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව වහ ක්‍රියාත්මකව ඇති ඉපලෝගම පොලිසිය අද (04) සිදුකළ ක්ෂණීක වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
අත්අඩංගුවට පත් සැකකාර සජබ ප්‍රාදේශීය සභා සභීකයා සූදු පොල පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
සූදූ පොලේදි අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉපලෝගම කුංචිකුලම, මඩාටුගම, කැකිරාව, එප්පාවල, කටියාව, කරඹෑව, දෙන්නෑව හා ගල්නෑව ඇතුලු ප්‍රෙද්ශ රැසක පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජබ නායකයාගේ බිරිඳ බලෙන් අල්ලාගත් ගොඩනැගිල්ලක සැලෝන් කරනවා. ඉතින් මේ මිනිස්සුත් සූදු පාරක් දාන්න ඇති.
පාරට තාර ටිකක් කොන්ක්‍රීට් ටිකක් දාලා, බෝක්කුවක් පාලමක් හදලා එහෙම නැත්නම් වැලි හාරලා, පස් කපලා හො ගස් කපලා ගානක් හොයා ගන්න ක්‍රමයක් නැති එකේ බූරු පිටියක්, කසිප්පු තිප්පොලක් හරි දාලා ගානක් කපා ගන්න බැහැනේ මේ මාලිමාවන් නිසා..