IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අල්ලස් ගත් සී අයි යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

වැලි ප්‍රවාහනය බාධාවකින් තොරවක් කරගෙන යෑම සඳහා ඉඩ සැලසීමට ව්‍යාපාරිකයකුගෙන්  රුපියල් 50000.00 මුදලක් මාසිකව ඉල්ලා 40000.00  අල්ලසක් ලබා ගත්තේ යැයි කියන  ඔක්කම්පිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මෙම මස 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද(04) නියෝග කළාය.

පසුගිය 29 වැනි දින අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඩ්බ්ලිව් රෝහන් සුමුදු ප්‍රසන්න සැකකරු මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු දක්වමින් කියා සිටියේ වැලි ව්‍යාපාරයක් කරදරයකින් තොරව පවත්වාගෙන යෑමට සැකකරු විසින්  මාසිකව රුපියල් පනස් දහසක අල්ලසක් ඉල්ලා ඇති බවය.


අවස්ථා කීපයකදී රුපියල් 4700ක අල්ලසක් ලබාගෙන ඇතිි සැකකරු යළිත් වරක් රුපියල් 45ක් හෝ සැකකරු විසින් අලුතින් ඉදිකරණ නිවසට වැලි කියුබ් තුනක් ලබා දෙන ලෙසට  කළ ඉල්ලීම අනුව මෙම අල්ලස් මුදල් ලබා දී ඇති බවද පැවසීය.

ඒ අනුව රුපියල් 40 දහසක අල්ලසක් ලබා ගැනීමේදී සැකකරු මොනරාගල වැල්ලවාය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවද පැවසීය.



අදහස් (0)

අල්ලස් ගත් සී අයි යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 30 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 826 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 602 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site