IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


මොරටුව දිසා විනිසුරු වැඩ තහනම්

(රෝෂන් තුෂාර)

මොරටුව දිසා විනිසුරු තිලිණ ගමගේ මහතාගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය සිකුරාදා (01) කටයුතු කර ඇත.

වැඩ තහනම් කිරීමේ ලිපිය අධිකරණ සේවා කොමිසමේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතාගේ අසනින් යුතුව දිසා විනිසුරුවරයාට යොමු කර ඇති බව පැවසේ.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලිණ ගමගේ මහතා සම්බන්ධයෙන් සිදුකරමින් පවතින විනය පරීක්ෂණයක් හේතුවෙන් මෙම වැඩ තහනම සිදු කර ඇත.

පසුගිය ජුනි මාසයේදී අධිකරණ සේවා කොමිෂන් සභාව තිලිණ ගමගේ මහතාට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර එම චෝදනා පත්‍රයට අනුව දින 21ක් ඇතුළත නිදහසට කරුණු දක්වන ලෙසට දැනුම් දී ඇත.

තිලිණ ගමගේ මහතා විසින් “සකුරා” නැමැති අලි පැටවකු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අති චෝදනා ගොනුකරමින් නඩුවක් පවරා තිබූූ අතර එම නඩුව ප්‍රකාරව ගමගේ මහතා නිදහස් වීමෙන් අනතුරුව යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබිණි.

 



අදහස් (4)

මොරටුව දිසා විනිසුරු වැඩ තහනම්

maalaka Monday, 04 August 2025 07:19 AM

මේ අවධියේ මහජනතාව සිහිබුද්ධියෙන් කටයුතු කළේ නැත්නම් දූෂිතයෝ නැවත හිස ඔසවාවි. යහපත් සමාජයකට චන්දය දුන්නත්, නීතිය තමුන්ට ක්‍රියාත්මක වෙනකොට අවලද නගන්න පුළුවන්. මෙයා වරදක් කර ඇත්නම් නීතියට මුහුණ දිය යුතුයි.

:       5       25

Perera Monday, 04 August 2025 08:02 AM

අලි නඩුවෙන් ගැලවුණේ වංගුවක් ගහලද?

:       5       24

අරවින්ද මොණරවිල Monday, 04 August 2025 08:49 AM

යුක්තිය පසඳලින තැන හරියට පිරිසිදු කරලා ගන්න ඕනා, සාධාරණ චෝදනා ගැන පරීක්ෂණ කරලා වැරදිකරුවන් සිටි නම් දඩුවම් කර ජනතාවගේ විශ්වාසය හා ගෞරවය රැකෙන ලෙස අධිකරණය පද්ධති ප්‍රතිසංස්කරණ කල යුතුය.

:       3       27

ravin Monday, 04 August 2025 10:02 AM

අලි වැඩක් නේද වෙලා තියෙන්නේ

:       3       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 702 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17874 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site