IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අධිවේගයේ අනතුරකින් කන්ටේනර් රියදුරා මරුට

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවූම් මාර්ගයේදී  කන්ටේනර  රථ රියදුරෙකු ලොරියක ගැටී සිදු වූ අනතුරකින් මියගිය බව අතුරුගිරිය අධිවේගී මාර්ග අනුපාලක මධ්‍යස්ථානය සඳහන් කරයි.

අනතුරින් මියගොස් ඇත්තේ අලවතුගොඩ සයිස්ටන් පෙදෙස පදිංචිව සිටි ඩබ්ලිව් කේ .ඒ. පි. වර්ණසිරි (49) යන අයයි.

මියගිය කන්ටේනර් රථ රියදුරා  ටයිල් තොගයක් පටවාගෙන කඩවත පිවිසුමෙන් ඇතුළුව මාතර දෙසට ධාවනය කරමින් සිටියදී ටයිල් තොගය ආවරණය කර තිබූ  ටෙන්ට් රෙද්ද ගැට ගසා තිබූ ලණු බැමි බුරුල්වීම හේතුවෙන්   කොළඹ පිටත වටරවුම් ප්‍රදේශයේ කිලෝමීටර් 5 යි දශම 8 ප්‍රදේශයේදී කන්ටේනර් රථය නවතා එහි පිටුපසට පැමිණ ලනු බැමි නැවත ගැට ගසමින් සිට ඇතැයි පොලිසිය කියයි.

එම අවස්ථාවේදී  පොල්ලෙහි රැගෙන යාම සඳහා කඩුවෙල සිට හොරණ ට යාම සඳහා  ධාවනය වෙමින් තිබූ ලොරිය   කන්ටේනර් රියදුරාගේ ගැටි ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේදී මඳ වේලාවකට පසු මිය ගිය  පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදුකළ පහළ ගිරිබාව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි  ලොරි රියදුරු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

 

 

 



අදහස් (1)

අධිවේගයේ අනතුරකින් කන්ටේනර් රියදුරා මරුට

ලුම්බිණි Monday, 04 August 2025 11:31 AM

තමන් වාහනය නවතන්නේ අධිවේගයේ කියන එක අමතක වුණාම වෙන දේවල්. හරිම දුකයි.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site